Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

Calamari Colombo

33 Welikadawatta Rd, Sri Jayawardenepura Kotte


A seafood-centric cloud kitchen.



Calamari Colombo කියන්නේ සීෆුඩ්වලට ම වෙන් වුණ ක්ලවුඩ් කිචන් එකක්. කෝට්ටේ පැත්තේ තමයි මේක තියෙන්නේ.

කෑම 

සීෆුඩ් හැරුණාම, ඉන්දියන් ස්ටයිල් බිරියානි සහ චයිනීස් ස්ටයිල් කෑම ජාති කීපයක් මේ කට්ටිය හදනවා. ඒ වුණාට සීෆුඩ්වලට තමයි මෙනුවේ වැඩි ම ඉඩක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපිත් ගත්තේ සීෆුඩ් ජාති විතරයි.

මේ තියෙන්නේ Singaporean Chilli Crab (රු. 1300). ඒ ගාණේ හැටියට නම් සෑහෙන්න වටිනවා. මොකද හොඳට මස් තියෙන අල්ලක් විතර සයිස් ක්‍රැබ් 3ක්ම මේකට එනවනේ. ඒ වගේ ම එක්කෙනෙක්ට ඇති වෙන්න කන්න පුළුවන් තරමේ සුදු බතකුයි, සැලඩ් එකකුයිත් එනවා. 

හැබැයි සාමාන්‍යයෙන් අපි Singaporean Chilli Crab කියන්නේ හොඳ ස්වීට් ඇන්ඩ් සවර් සෝස් එකක ගිල්ලපු, වොක් එකේ හදන කෑමක් නේ. ඒත් මේක නිකන් ම බැටර්-ෆ්‍රයි කරලා තමයි හදලා තිබුණේ. අර කිව්ව විදියේ සෝස් එකක් නිකන් උඩින් වත්කරලා. 

Fish & Chips (රු. 1300) එකට ලැබුණේ අර කලින් බැටර් එකේ ම ගිල්ලලා බැදපු පොඩි මාළු ෆිලට් 5කුයි, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්නුයි, කහ බතයි, සැලඩ් එකයි, සෝස් කුප්පියයි. ක්‍රැබ් එකේ වගේ ම මේකේත් මාළු ෆිලට්වල උඩින් සෝස් දාලා තිබුණා.

ගෙවපු ගාණේ හැටියට මේක හොඳ පෝෂන් එකක්. ඒත් රස පැත්තෙන් නම් තව පොඩ්ඩක් දේවල් කරන්න තිබුණා කියලයි අපේ අදහස. මොකද හොඳ Fish & Chips එකක මාළු එකේ තියෙන්න ඕනේ ගොඩක් මෘදු ටෙක්ස්චර් එකක්. ඒත් මේක එහෙම නැහැ. ටිකක් තදයි. හැබැයි මොනවා වුණත් බැටර් එක නම් බොහොම ලයිට්. සීසනින් එකත් ගානට.

කහ බත් කිව්වට කහ යන්තමට දාපු බතක් තමයි අපට ලැබුණේ. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්වල නම් හොඳ ක්‍රිස්පි ගතියක් තිබුණා.

 Hot Butter Calamari (රු. 650) එකත් වරදක් නැහැ. බැටර් එක ගොඩක් ලයිට්, ඒ වගේ ම ක්‍රිස්පි. පොඩි ස්පයිසි කික් එකකුත් තිබුණා.

අවසාන වශයෙන් 

මෙයාල තවම සීන් එකට අලුත්. ඒ නිසා ඔය අපි කියලා තියෙන පොඩි පොඩි දේවල් ටික ෆික්ස් කරගත්තොත් සෑහෙන්න දිග ගමනක් යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔයාලටත් Calamari Colombo එකෙන් ඕඩර් එකක් දාන්න ඕනේ නම් 0715131313ට කෝල් එකක් දෙන්න.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment