Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

CASA Italia

No. 4, Samagi Mawatha, Raja Maha Vihara Road, Sri Jayawardenepura Kotte.


A small Italian restaurant that serves up some decent wood-fired, thin crust pizza, and has the coziest, homey ambiance.



දැන් නම් පුදුම එපා විල්ලක් එපා වෙලා තියෙන්නෙ ඈ..

ගෙදර ඉන්නත් බෑ, එලි බහින්නත් බෑ. ඔක්කොමත් හරි දැන් අවුරුදු එක හමාරක් තිස්සෙ මේ විදියටම..

චික්! කියලා හිතිලා තිබ්බෙ. පස්සෙ ඔක්කොම වැඩ පැත්තක දාලා, කඩා ගත්තා බියර් එකක්.

කඩාගෙන උගුර දෙක තොල ගාද්දී..

“අඩේ.. මොනවා හරි ඔ්ඩරයක් දැම්ම නම් හොඳයිනෙ. ඉර බැහැගෙන යන හැන්දෑවෙ. පුංචි වැහි කෝඩයකුත් අල්ලන වෙලාවෙ”

ගත්තා ෆෝන් එක අතට. අරගෙන බැලුවා පික්මි ඇප් එකට ගිහින් මොනවද විවෘතව පවතින හොඳ කඩවල් කියලා. බලද්දී.. කීපයක්ම හමුවුනා. හැබැයි හිතගියේ නම් ඉටෑලියන් වලට.

“කාසා ඉටාලියා, කෝට්ටෙ!

ආහ්.. ලොකු වෙලාවක් යන එකකුත් නෑ ඩිලිවරියට” කල්පනා කරලා ඉවර වෙලා කෝකටත් කියලා කෝල් එකකුත් ගැහුවා. ගහලා බැලින්නම් තැන රෙඩි.

ආයෙ ඉතින් ඊට පස්සෙ මොන කතාද.. හැරෙන තැපෑලෙන් ඔ්ඩරේ. ෆෝ චීස් සහ බීෆ් පෙපරෝනි හාෆ් හාෆ් පීසා එකයි (රු. 2250), චිකන් ලසඤ්ඤා එකයි (රු. 1200), මට්න් පැස්ටා කොත්තුවයි (රු. 1400).

ම්.. ඇත්තටම කඩාගත්තෙ පොඩි කෑන් එක් නිසා ටිකක් වේගෙන් ඒක ගියා. ගිහිල්ලා.. අඩියට කිට්ටු කරද්දි තමයි ඩිලිවරි මලයා ගේට්ටුව ලඟට සේන්දු වුනේ. කාරි නෑ, ස්ටොක් එකේ තව තියෙනවනෙ කියලා සට සට ගාලා දිව්වා ගේට්ටුව ලඟට. දුවලා.. ගිණි ගහන රස්නෙට තිබ්බ කෑම ටිකත් අරගෙන ආවා බැල්කනියට. ඇවිල්ලා පීසා පෙට්ටිය ඇරලා, හමන ප්‍රණීත සුවඳ ආඝ්‍රහනය කරලා..

අනික් පැත්තට ලසඤ්ඤා එක! හප්පේ මෙලෙක් වෙච්ච චීස් වලට මික්ස් වෙච්ච තක්කාලි සුවඳ..? කටට කෙල උනනවා යාලු බලාගෙන ඉඳිද්දි.

ඔක්කොමත් හරි ඒ කොත්තුවත්.. පැස්ටා සහ ස්පැගටි කලවමට තක්කාලි, ලූණු කොල ලියලා දාලා, චීස් සහ තක්කාලි කෙචප් එහෙමත් පදමට දාලා, මට්න් කෑලි ටිකකුත් දාලා..

හැබැයි මම දැක්ක ගැම්මට පැනික් වුනේ නෑ. මුලින්ම ගිහිල්ලා හැඳි ගෑරුප්පු සහ ඔලිව් ඔයිල් එකයි, ටබැස්කෝ එකයි ලඟට ගත්ත එක. ඊට පස්සෙ තව බීර උගුරක් හලාගෙනම ඔන්න බීෆ් පෙපරෝනි කෑල්ලකින් ඇරඹුම..

“යම්.. නොම්මර එකයි ආ” කිව්වට විශ්වාස කරන්න යාළු.. චීස් පදම නම් 100%යි.

හැබැයී.. පෙපරෝනි පෙති 2යි කියන්නකො තිබ්බෙ ඒ කෑල්ලටම. ඒකත් අවුලක් නෑ, අනේ රොටිය කරවෙලාම නැති ගානයි. හරියටම කිව්වොත් බාගෙට බේක් වෙච්ච රෝස්ට් පාන් ගෙඩියක් වගේ. අර ඔලිව් ඔයිල්, ටබැස්කෝ දාගත්ත නිසා සහ උණු උණුවෙන් තිබ්බ නිසා නැත්නම් කටේ තියන්න බැරි වෙනවා. 

ඒ ප්‍රශ්නෙම ඉතින් ෆෝ චීස් එකෙත් තිබ්බා. හැබැයි ඒකෙදි දැනෙනවා වැඩියි. මොකද රිකොට්ටා, ගොගොන්සෝලා, පාමෙසාන්, මොසරැල්ලා විතරනෙ. ඉතින්.. කර නොවුනු රොටිය, රස නහර ඤාව් ම කරලා දැම්මා.

හරිම හිතේ දුකින් තමයි මම ගෑරුප්පුවක් අරගෙන ලසඤ්ඤා එක පැත්තට කිට්ටු කලේ. කිට්ටු කරලා හිටං මේකෙන් වත් ගැම්මක් එයිනෙ කියලා අයිනෙන් හොඳ පලුවක් කඩලා ගත්තා. අරගෙන, ඒකටම ආපු කොච්චි, මින්චි පේස්ට් එකෙනුත් ටිකක් හලාගෙන, බර දාලා…

“සෑ..හ්! ඔය තියෙන්නෙ පංකාදුවට. ආයෙ මොසරැල්ලා, ටොමැටෝ කෙචප් විතරක් නෙවෙයි, හීනියට අඹරපු චිකන්.. මදි නොකියන්න හොඳේ. අනික ඒකෙ තට්ටු ටිකට වැටිච්ච බේස් එකත් හොඳ තුනීවට..”

ඇත්තටම ලසඤ්ඤා එක නම් හොඳටම හොඳයි ආ.. ඒක බීෆ් එකක් වුනා නම් මං හිතන්නෙ මල් හතටම තියෙයි.

ලසඤ්ඤා එක අල්ලලා ගියපු නිසා මම ඒකෙන් කටවල් දෙක තුනක්ම බඩට දාගෙනයි කොත්තුව පැත්තට හැරුනෙ. මොකද ඒක වෙනමම ස්ටයිල් එකකට හැදිච්ච කෑමක්නෙ. පැස්ටා සහ ස්පැගටි.. මොසරැල්ලා, ටොමැටෝ කෙචප්, ටොමැටෝ කෑලි සහ ලූණු කොළ රස පදමට තාච්චියකට දාලා ගහපු වොක් කොත්තුවක්. අවාසනාව කියන්නේ.. ඒක මට්න් කියලා එව්වට තිබ්බෙ සෙන්ටිමීටරේ විතර මට්න් කෑලි 8, 10යි. අනේ කෑවටත් පාඩුයි අප්පා. හැබැයි මම ටිකක් ආස කරපු විශේෂත්වයකුත් ඒකෙ තිබ්බා. ඒ තමයි කොත්තුවෙ තිබ්බ පංකාදු කුළුබඩු රස. දැනුන විදියට නම් මසාලා වගේ මොකක් හරි ප්‍රී මේඩ් පැකට් එකකින් එකතු කරලා.

කොහොම වුනත් ඉතින්.. 

හොඳයි, හ්ම්..!


TIP

Their Tiramisu is incredible!

Address

No. 4, Samagi Mawatha, Raja Maha Vihara Road, Sri Jayawardenepura Kotte.

Directions

It's on Samagi Mawatha, right at the turn from Raja Maha Vihara Road.

Contacts

Facebook Website Instagram E-Mail

Report Inaccuracy

Closed right now

Cuisine

Italian

Price Range

More than Rs.1500

Dish Types

Pasta Pizza

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment