High level road, Kottawa
Closed right now
A good spot to chill with some booze, and delicious pork devil.
අහුලල අහුලල යාන්තම් රු. 2000ක් ගළපගත්තෙ, ආයෙ අකවුන්ට් ඔක්කොම හිස් ඈ…
මේ අපේවුන් එක්ක නම් බෑ අප්පා. අතේ සතේ නෑ කියද්දිත්.. ‘බොමුමනෙ’ කියන්නෙ. කරන්න දෙයක් නැති ම තැන ඔන්න මම ඤංපදං පාරකුත් දාල වාහනේට ගොඩවුණා.
“දැන් කියාංකො කොහෙද යන්නෙ කියල”
“අපි යං… කොට්ටාවට. කැසබෙට ගොඩවෙමු. අඩු ගාණට අඩියක් ගහලා.. ගෙදර යන්නත් කිට්ටු ප්ලේස් එකනෙ”
“ඕන මල ඉලව්වක. හැබැයි 11ට කලින් යන්න ඕන හොඳද. ඊයෙත් කුණුහරුප අහගෙන ඉන්නෙ අරූගෙ පාර්ටියට ගිහිල්ල”
“හරි හරි බං… යං යං. අපි අපිනේ”
කිව්වට මොකද රෙස්ටුරන්ට් එකට ගොඩ වෙද්දි ම වෙලාව 7ට පැනලා. ආයෙ ඉතින් බ බල ඉන්න දෙයක්යැ. වේටර් මල්ලි ආපු ගමන් ඕඩර් කළා අරක්කු බෝතලයකුයි, ස්පෙෂල් රයිස් එකකුයි (රු. 660), පෝර්ක් ඩෙවිල් එකකුයි (රු. 750). වැඩේ කියන්නෙ ඒ ඕඩරේ දාලා අනික් පැත්තට මෙන්න අපේ එකෙක් කියපි ‘මම පෝර්ක් කන්නෙ නෑ’ කියල.
“ඒ.. මල්ලි මල්ලි. ඔන්න ඔය ඉස්සො දැල්ලොන්ගෙන් මොනව හරි හොඳ එකකුත් දාන්න. පෝර්ක් කන්නැති එක්කෙනෙක් ඉන්නව.”
“ඉස්සො දැල්ලො හොඳ එකක් කියන්නෙ සර්… හොට් බටර් ප්රෝන්ස් එකක් (රු. 770) වගේ?”
“ආ.. එළ එළ ඒකක් දාන්න”
ඕඩරේ ක්ලෝස්!
වැඩේ කියන්නෙ ඕඩරේ ක්ලෝස් වුණාට වැඩක් නෑ අපේ එකෙක් ඒ වෙද්දිත් ඇවිල්ල නෑනෙ. හැබැයි ඉතින් එහෙමයි කියල අපි ඒකා එනකම් හිටියෙත් නෑ. කල්තියා ගෙදර යන්න ඕන නිසා සනිකව මේසෙට ආපු බෝතලේ කඩල ෂොටක් දාගෙන වැඩේ පටන් ගත්ත. හැරත් කලින් දවසෙ කුදාර් වන්න ගහල මායි යාළුවෙකුයි හරි අමාරුවෙන් හිටියෙ.
කොහොමහරි ඉතින් ෂොට, දෙක වෙන්න කලින් දෙයියනේ කියල බයිට් ටික මේසෙට ආවෙ. පොඩ්ඩ හරි පරක්කු වුණේ ඉස්සො එක විතරයි. එතනින් එහාට... කියන්න ඕන නෑනෙ, කලින් දවසෙ ඒවත් එක්ක අමෝරාගෙන ආපු මගේ ඩෝප් සීන් එක නිසාද මන්දා මම පෝර්ක් කෑලි දෙකතුනක්ම කාලයි ඕං ඔලුව ඉස්සුවෙ.
කිව්වට විශ්වාස කරන්න යාළු දෙකතුනක් නෙවෙයි හතරක් පහක් කෑවත් පාඩු නෑ… කියල තේරුනේ අන්තිම පෝර්ක් කෑල්ලත් එක්ක තව ෂොටක් හලා ගත්තට පස්සෙ. ඇයි අප්පේ, සුප්ප ඩෙවිල් එකනෙ. සැර ගතිය හොඳ හැටියට. පෝර්ක් කෑලිත් සියල්ල බැදල, ඩෙවිල් දාලා තිබුණෙ. එ් විතරක් නෙවෙයි කැරට්, මාළු මිරස්, අමු මිරිස්, ලූනු වගේ ම සෝස් එහෙමත් රස පදමට ම දාලනෙ. ඒ නිසාද මන්දා ඩෙවිල් එකේ හොද්දත් ස්පෙෂල් රයිස් එකට තකට තක.
මොකද රයිස් එකේ තිබ්බ ළා, වේලිච්ච ගතිය හොඳ හැටියට කැපෙනවනෙ ඩෙවිල් එකෙන්. ඊටත් ඒකට චිලි පේස්ට් ටිකක් එහෙමත් එකතු වුණාම පංකාදු පහයි. කොටින්ම කියතොත් බයිට් එකට විතරක් නෙවෙයි, ඩයට් එකට වුණත් සුපිරි. මොකද ඒකෙ මික්ස් නොවුණ දෙයක් නැති තරම්නෙ. ඇඟිලි පුරුකක් සයිස් එකට කැපුනු, බැදපු චිකන්, මාළු, ඉස්සො, දැල්ලො, සොසේජස්… විතරක් නෙවෙයි, බිත්තරයකුත් කැරලි වෙන්න දාලා.
ඔක්කොමත් හරි අන්තිමට ම කාපු ඉස්ස තමයි මාව පිස්සෙක් කළේ ලුණු, ගම්මිරිස් පදමෙ හොඳ හැටි පදම් වුණු අළුත් ඉස්සා, මදි නොකියන්න බටර් මික්ෂර් එකේ දැවටිලා ගාණට බැදිලා... සෝස් ටිකකුත් ගෑවුණාම... රසයි පැලෙන්න. තලුමරමර දෙසා බාන්නෙ ආයෙ, තලුමරමර!
ඒක නිසා ම තමයි මට එදත් කණ සාක්කුවෙ දාගන්න වැදෙන්නෙ. ඇයි අප්පේ.. වාඩි වෙච්ච වෙලාවෙ ඉඳන් ම සුප්ප බයිට් ටිකක්නෙ මේසෙට එන්නෙ. එක්කො අපේ එකා කියන්නෝනි, ප්ලේස් එක හොඳයි පරිස්සමට ගසාපන් කියල.
අනේ මන්දා. අන්තිමට ගාටල ගාටල වීල් එකකට ගොඩවෙද්දි තමයි මට මීටර් වුණේ.. ‘අද නම් කුණුහරප අහන්නවත් දොර ඇරෙන එකක් නෑ.. කියල!
Closed right now
Cuisine
Western Chinese Sri Lankan Thai Pub Food Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Meats Seafood Pasta Beverages Kottu Fried Rice Pork Chicken Fried Chicken Fish Fish And Chips Crab Cuttlefish Alcoholic Beer Bites
Ratings Breakdown
Navro Beach is one of the most popular restaurants in Panadura…
Good place for snacks & short eats, but other food are ?
Delete Comment