Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Ceylon Curry Club

Delivery only


The rice & curry arm of Citrus, with some phenomenal flavours.



Ceylon Curry Club කියන්නේ Citrus එකෙන් කරන රයිස් ඇන්ඩ් කරි බිස්නස් එකක්. මේක මැනේජ් වෙන්නේ කොටුවේ තියෙන එයාලගේ The Steuart by Citrus රෙස්ටෝරන්ට් එකෙන්. ක්ලවුඩ් කිචන් එකක් නිසා ඩිලිවරි මාර්ගයෙන් තමයි මේ කට්ටියගේ කෑම ඔයාලට ඕඩර් කරන්න පුළුවන්. 

කෑම 

මේ රයිස් පැකට් බොහොම සිම්පල්. කැමති ජාතියේ මස්/ මාළු (චිකන්, පෝක්, මට්න්, එග්, ඉස්සෝ, දැල්ලෝ, මාළු) එක්ක එන බතකුයි, චට්නී ටිකකුයි, බැදපු මෝර මිරිස්, කරපිංචා සහ හීනියට ලියපු එළවලු තමයි මේවයේ තියෙන්නේ. චට්නී ජාතිය දෙන්නේ එකඑක මස්/මාළුවට, බතට ගැලපෙන විදියට. 

අපි ගත්තේ චිකන් රයිස් (රු. 560) එකයි, පෝක් (රු. 575) එකයි. ජාති දෙක ම ආවේ කාඩ්බෝඩ් පෙට්ටිවල දාලා.

මදි නොකියන්න චිකන් දාපු මේ චිකන් රයිස් එකේ තිබුණේ රහට රටකජු එහෙම යහමින් දාලා හදපු කහ බතක්. සුවඳත් බොහොම අගෙයි. චිකන් එක හොඳට කුළුබඩුවල මැරිනෙට් කරලා, වම්බටු කෑලි දෙක තුනකුත් දාලා, ග්‍රිල් කරලා වගේ තමයි හදලා තිබුණේ. 

මේකත් එක්ක ආව පුහුල් චට්නී එකත් හොඳයි. කොච්චි රස හොඳට එනවා.

පෝක් එක හදලා තිබුණේ කළුවට. ගොඩක් රසයි මේකත්. චිකන් එක වගේ ම තමයි පෝෂන් එකත් සෑහෙන්න ලොකුයි. කලුපොල් මික්ස් එක හොඳ රසට තිබුණා. පෝක් කෑලි හැම එකක් ම ඒකෙන් මැරිනෙට් වෙලා. තෙල් කෑලි තිබුණෙත් ගොඩක් අඩුවෙන්. ඉතින් අන්නාසි චට්නී එකත් එක්ක සෙට් වෙලා එද්දී මාර ම රසයි. අනික නිකන් සුදු බතත් නෙවෙයිනේ. ගාලික් රයිස් නේ.

අවසාන වශයෙන් 

සාමාන්‍ය බත් පැකට් එකකට වැඩිය මේක ටිකක් ගණන් තමයි, ඒ වුණාට වෙලාවක ඕඩර් කරලා බලන්න කියලා අපි කියන්නේ ඒවායේ තියෙන යුනික් රස නිසාමයි. පික්මී ෆුඩ් හරහා හෝ 0773393391 එකට වට්ස්ඇප් කරලත් ඕඩර් දාන්න පුළුවන්. හොඳම වැඩේ කියන්නේ කොළඹ 1 සිට කිලෝමීටර් 15ක් ඇතුළත තියෙන ලොකේෂන්වලට ඩිලිවරි ෆී එකක් වදින්නෙත් නැහැ. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment