4/5

Chana's

50, W.A. Silva Mawatha, Colombo 06


Chana's has been gaining popularity for sometime now and it's easy to see why. They do a pretty good take on North Indian cuisine and their biriyani is one of the best in town.


අපූරු, සුවපහසු අවන්හලක්!

එසේ මෙසේ නෙවෙයි..

හොඳම ඉන්ඩියන්, මැලේ, සිංගපෝර් කෑමත් එක්කම.

අපිත් ඉතින් කාලයක් තිස්සෙ මාන බල බල ඉඳල තමයි ඔතනට ගොඩවුනේ. මොකද.. කොච්චර ආස වුණත් හැමදාම ඉන්දියන් කෑම කන්න බෑනේ.

කෙසේ වෙතත්, එදා නම් රෙස්ටුරන්ට් එකට ගොඩවෙද්දිම.. බිරියානි සුවඳ එනවා.. රස නහර පිනා යන්න. ඒ විතරක් නම් බැරියැ, සේවක අංකල්ගෙ හිනාවයි, පිළිගැනීමයි! ෂැහ්, ඒකමයි දෙන්න මෙනුව නොබලාම ඕඩර් කලේ..

‘හයිඩ්‍රාබාද් තන්දුරි චිකන් බිරියානි එකයි (රු. 750), චානාස් ස්පෙෂල් මට්න් එකයි (රු. 1050) , ගාලික් චීස් නාන් 2යි (රු. 550). ඩෙසට් එකට ධායි පූරි එකයි (රු. 325).’

ඕඩර් කරල ඉතින් වොෂ්රූම් පැත්තෙ එහෙමත් ගිහිල්ල ඇවිල්ලා.. ගමනෙ මහන්සිය යන්න කියල, සුවපහසු සෙටියෙ ඇල වුණා විතරයි..

විනාඩි 10ක් යන්න ඇති යාළු උපරිම. මේං අංකල් එනව, බරට බරේ, ට්‍රේ දෙකකුත් අරගෙන.

“අනේ සොරි මිස්. මිස්ල කිව්ව නම් මම ටිකක් පරක්කු කරල කෑම ටික ගේනවනෙ. ම්.. කොහේ හරි දුරක ඉඳන් එන ගමන්වත්ද..? නැත්නම්?”

“අනේ නෑ නෑ. අපි මේ පොඩි ෂොපින්ග් පාරක් ගියා. අව්වනෙ අංකල් හරියට. ඉතින් මහන්සියටමයි පොඩ්ඩක්..”

“අනේ එහෙමද.. සර්ලට බොන්න මොනවහරි ගේන්නද ඒනං?”

“එපා එපා. කූල් වතුර එකක් හොඳටම ඇති අංකල්. අනේ තැන්ක්යූ හොඳේ”

මිත්‍රශීලි බවේ උපරිමය. හැරත් ඒ සුහද සේවාව.. තරු නෑ දෙන්න ඉතින් එයාට.

ම්.. තප්පර ගානක කල්පනාවෙන් පස්සෙ අපි ගත්ත පිඟන් දෙක ළඟට. අරගෙන.. දාගත්ත හැම එකෙන්ම ටික ටික.

එපමණයි.. කෑවා නෙවෙයි පිඟන් හෝදල පැත්තකින් තිබ්බ වගේ.

ඇයි යාළු ඒ බිරියානියෙ රස! කියල වැඩක් නෑ හොඳේ. තන්දුරි, මසාලා මික්ස් කරපු.. මිරිස් තුනපහෙන් අඩු නැතිව හදපු බිරියානි මික්ස් එක, බාස්මති හාලෙ බතට ගලපල තියෙනවා.. වැඩිය ඕන නෑ, ඒකටම ආපු මිරිස් හොදි ටිකක් දාගත්තාම ඇති තලු මරමර රස බලන්න. මොකද හොද්දත් තුනපහ අඩුම කුඩුම වලින් අනූන වෙන්න හදලනෙ. අනිත් කාරණය තමයි ඒ තන්දුරි චිකන් පලුව. ටොප් ඈ.. මල් හතයි. කිව්වට විශ්වාස කරන්න යාළු.. ඒකෙ තන්දුරි රසට යටින් එන ලා කර රසත් එක්ක, මස ඇතුලත් නියමම පදමට තැමිබ්ලා… කෑල්ලක් ඇති ඉතින් බිරියානි කටවල් දෙක තුනකට රස තියෙන්න.

ඊට පස්සෙ ගාලික්, චීස්..

සාමාන්‍යයෙන් නම් ඔය ගොඩක් තැන්වල චීස් නාන් කිව්වට ඒවයෙ චීස් තියෙන්නෙ අවාරෙට පොල් වගේනෙ. හැබැයි මේකෙ එහෙම නෑ, අඟලෙන් දෙකෙන් චීස් පොඩි පොඩි කෑලි. ඊටත් ඒ අතරට සුදුළූනුත් අඩු නැතුව. නාන් එකේ ඝනකමත් අඩු නිසා.. කරගතියත් එක්ක මට්න් හොදි ටිකක් ගෑවුනාම ඇති යාලු, රම්පෙට පොරි වගේ…

අනික මට්න් එකෙත් රස? මං කියන්නෙ ඒක නම් ස්පෙෂල්ම, ස්පෙෂල් තමයි. මොකද.. මසාලා, තුනපහ අඩුම කුඩුම මදි නොකියන්න දාලා, හොද්දට බටර් ටිකක් එහෙමත් හොඳහැටි දාලා, ඝනකමත් තියෙන්න…

වැඩක් නෑ ඉතින් ඈ.. හිතන්නකො ඒ වගේ පදමක් මට්න් කෑලි වලටත් අල්ලල තියෙද්දි.

කොහොමහරි බඩකට උල් වෙන ගානට ඒ ටික කාලා අන්තිමට ධායි පූරි එකත්.. චුට්ටක්වත් ඉතිරි නොවෙන්න දෙසාබෑවා කිව්වොත් කොහොමද?

ආං එහෙම තමයි අපි.

ඇත්තටම ඒකෙ රස මොන මොනව එක්ක හැදිලද කියන එක ගැන නම් හරි අයිඩියා එකක් නෑ. කොහොමහරි ටක්කෙටම කිව්වහැකි ෆ්‍රෙෂ් මීකිරි, මින්චි යුෂ වගේ, කොත්තමල්ලි ඇට, පැණි සියඹලාත් දාලාද කොහෙද.. තව ඉන්දියන් රස කාරක අඩුපාඩු ටිකකුත් ගලපලා.. හදල තියෙනව,

කටට එක ගානෙ, කටට එක ගාණෙ කනකොට ‘ෂෑහ්..’ කියවෙන්න තරම්.

ඒ අතරට ඕං අපේ එක්කෙනා මසාලා චායි (රු. 145) කියල අර ඉන්ඩියින් ටී එක. අන්න ඒකකුත් ගෙන්න ගත්ත. 

ඇත්තටම වචන නෑ ඉතින් කියන්න, ඒකත් නොම්මර එකයි. එක උගුරයි. එනසාල්, කරාබුනැටි අඩුම කුඩුම රස එක්ක තොලකට පිනා යයි!

හැරත්..

කෑමත් එච්චරයි,

මොකද..

තව තිබ්බැයි කියල කන්නද නේ..?


TIP

Their Puris and Tandoori dishes are available after 5pm. They've got prawn and fish biriyani are not on the menu so you'll hav.e to ask the cashier about it

Address

50, W.A. Silva Mawatha, Colombo 06

Directions

Coming down Galle Rd, turn to W.A .Silva Mw. Chana's is about 200m down the road (Before Royal Hospital and Al-Maas).

Contacts

Open 11.00 am - 11.00 pm

Cuisine

Indian North Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Biriyani Naan

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3


Latest