454/2/1 Kaduwela road, Battaramulla
Open 10 AM–9.30 PM
Chop Chop does tasty, generous kottu all day, via drive through or delivery. Win.
කොළඹ 7 කාසල් වීදියේ පිහිටා ඇති චොප් චොප් අවන්හල කොත්තු කන්නට කියාපු තැනක්!
කුකුල්මස්, ඉස්සන්, කකුළුවන්, සෝසේජස්, බිත්තර සහ එළවළු යොදාගනිමින් ප්‍රනීත රසයකින් යුක්තවන සේ පිසින ලද රොටී සහ ඉඳිආප්ප කොත්තු සිත්ගන්නාසුළු ඇසුරුමකින් පාරිභෝගික ඔබට ලබාගත හැකියි.
උදෑසන 10 සිට රාතී‍්‍ර 9.30 දක්වා විවෘතව ඇති මෙම අවන්හල රු. 50 ක් වැනි සුළු මුදලකට තමන් සිටින ස්ථානයටම කොත්තු ගෙන්වා ගැනීමට හැකි විශේෂ සේවාවක් ද පාරිභෝගිකයිනට ලබාදී ඇත.
දිවා ආහාර ලෙසින් ඉස්සන් යොදා සැකසූ ඉඳිආප්ප කොත්තු (රු. 420), කකුළුවන් යොදා සැකසු රොටි කොත්තු (රු. 420) සහ කුකුල්මස් යොදා සැකසූ රොටි කොත්තු (රු. 380) ගෙන්වා ගත් අප එයින් නික්මෙන මිහිරි සුවඳ නිසාවෙන්ම එය භුක්ති විදින තුරු සිටියේ නොඉවසිල්ලෙනි.
මේසය මත දිග හැරුණු කොත්තු රොටි තුනත් සමඟ කුළුබඩු රස සහ සැර ගතිය ඉස්මතු වනසේ සැකසූ හොද්ද රස පදමට හොදින් පෑහෙන බැව් ආහාරයට ගත් පළවෙනි කටින්ම අප හට වැටහිණි.
තෙල් අඩුවෙන් භාවිතා කර සකසා තිබූ මෙම කොත්තු තුනෙහිම අඩු නොමැතිව කරපිංචා සහ රම්පේ අඩංගු වී තිබිණි. සිහින්ව කැපූ ලූණූ කොළ, ගෝවා සහ කැරට් ද මදි නොකියන්නට එකතු කරමින් සකසා තිබූ මෙම කොත්තු රස වර්ග තුනකින් අප රස නහර පිනවීමට සමත්විය.
බැදපු කුකුල්මස් සහ රොටි යොදා ගනිමින් සකසා තිබූ කොත්තුව තරමක් වියළි ගතියක් ඉසිලුව ද, කොත්තු වලට ආවේණික සැර ගතිය අඩු නොවන ලෙස සකසා තිබිණි. කුළුබඩු රසයද යාන්තමින් දිවට දැනෙන සේ පිසූ මෙම කොත්තුවෙහි ක්‍රිස්පි ගතිය හොඳින් ඉස්මතුවනසේ බැදූ කුකුල්මස් නොමඳව අඩංගු විය. සපයා තිබූ හොදි ස්වල්පයක් එකතුකර ගැනීමෙන් ඉතා ප්‍රණීත රසයක් කොත්තුව තුලින් නිර්මාණය කර ගැනීමට ද මෙහිදී අපට හැකි විය.
ඉස්සන් සහ ඉඳිආප්ප යොදා සැකසූ කොත්තුව වියලි ගතිය තරමක් අඩු වනසේ පිසූවක් විය. කුළුබඩු රසය උද්දීපනය වනසේ සකසා තිබූ ඉඳිආප්ප කොත්තුව තුලද කුකුල්මස් කොත්තුවට ආවේණික සැර ගතිය නොමදව අඩංගුවී තිබිණි. කොත්තුවෙන් ඉස්මතු වූ ඉස්සන් රසය තරමක කෑදරකමකින් යුතුව කොත්තුව ගිල දැමීමට අප පෙළඹ වීය.
කකුළුවන්, චීස් සහ රොටි යොදා සැකසු කොත්තුව සැර ගතිය අඩුවන ලෙසින් හා චීස් රසය හොඳින් ඉස්මතු වන සේ පිසින ලද්දක් විය. එහිදී අපට අවශ්‍යවූ සැර ගතිය සකසා ගැනීමට වැඩිපුර හොදි යොදා ගැනීමට සිදුවුවද, සැර අඩුවෙන් භුක්ති විඳින අයෙකුට මෙම කොත්තුව කදිමට ගැලපෙනු ඇත. නමුත් මෙම කොත්තුව තුල කකුළු මස් රස තරමක් අඩුවෙන් අඩංගු වීම අප කනස්සල්ලට පත් කල කරුණක් විය.
එබැවින් කොත්තු තුලින් විවිධාකාර වූ රසයන් අත්හදා බැලීමටත් ඒවා රිසි සේ භුක්ති විඳීමටත් 'චොප් චොප් කොත්තු ෂොප් ' කදිම ස්ථානයක් වනු නිසැකය.
Open 10 AM–9.30 PM
Cuisine
Price Range
Dish Types
Ratings Breakdown
Delete Comment
Eranga
Thanks yamu for this post.
While I enjoy the occasional kottu now and then, I have found the less oily more refined kottus better than their greasy counterparts. Since the health professionals are now advocating less salt, no msg and eating healthy to reduce our health ailments, I think Yamu should be more responsible when reporting on such ventures.
Also its sad to note that many of the younger generation are unable to appreciate and enjoy proper Game food which is healthy and tasty but prefer greasy options like kotthu and fried rice.
All other countries promote their own food while us Sri Lankans just want to follow some fad, go to hospitals as a result and making doctors rich. Really tragic situation…
kajja
kottu is not a healthy option period!
yamu has been talking about healthier options , but kottu has never been a healthy food.
less oil means bad kottu it's as simple as that. a proper kottuwak need to have proper balance between oil and gravy
Happy_Grumpus
You can't make Koththu without Gotahmba Roti.
And you can't make that rotti without copious amount of coconut oil
Nathan
Very inefficient. They are unable to cope with the Oders. The guy on the phone actually asked me to place the order in the morning to get it delivered in the evening !!! That's really ridiculous isn't it ?! Bad start to a nice venture .
Booruwa
Can't see any sign of Chop Chop at their Ward place location. Sure they do Kotthu at that Donut joint?
lakmal
not a koththu. same like a mixed rice.
food4thought
Ordered Chicken Kothu (Roti), the fried chicken was too dry, there was not much flavor in the kotthu and the supporting gravy was watered down. Service and packaging was good.
unonimous
Disappointed!! oredered crab kottu… but there was no Crab as per the picture on the website. Supposedly the crab meat is mixed… Quantity too little…
Yasara
We tried Crab, Chicken and vegi rotti kottu today. Portions are OK, but for the price hardly any meet in neither chicken nor crab kottu. That is pretty disappointing. Rs 50 for delivery during peak time is super convenient. Although will not try again.
Nisansala
exactly!
Nisansala
Ordered twice. Was disappointed both times. The kottu's were tasteless. We were barely 10 minutes away yet they took 45 minutes to deliver. To add to that, this time the lady at the phone even messed up my order. The donut business runs so much better than this kottu thing they are trying to do. I'd advise to get your kottu from somewhere else.
Roz
Worst Kottu experience EVER!!! as the prawn kottu contained rotten prawns. ABSOLUTELY DISGUSTING AND HORRID!! I've eaten from chop chop a couple of times and never expected this.
Dev
Horrible Customer service. Their call centre representatives needs to learn how to talk to customers,. I placed an order for 2 crab kottues and I was told that it would take an hour deliver to dematagoda, However I called back again on next minute to inform to cancel the order. The guy on the other line put on me hold for 30 seconds to check on the order to be told that they have wrapped my order and it is ready to be delivered, Wow. I was like wait you guys told me it would take an hour deliver, and i just called you just minute ago and made the order. Obviously the guy didnt want to bother cancelling my order and he hang up the call saying whatever. WHAT CUSTOMER SERVICE IS THIS?? IS THIS HOW YOU TREAT YOUR CUSTOMER"S . no wonder there are so many negative reviews, My friend you need to listen to your customers or soon you will have to close down. anyhow I would not bother purchasing anything from hereafter.
Udayanga Sandaruwan
Ordered a crab kottu (Roti). it was delivered on time and service is very good. Crab was delicious and kottu was also very nice. I'm really happy with your service. Thanks.