Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Cilantro

47, Thimbirigasyaya Rd, Colombo 5


Cilantro is the new Thai restaurant above, and run by, Pho Vietnam.



සිලාන්ට්‍රෝ කියන්නේ තවත් අලුත් තායි රෙස්ටෝරන්ට් එකක්. දැන් නං කොළඹ තායි කෑමට තැන් වැඩිදත් මන්ද. ඒ කෙසේ වෙතත් සිලාන්ට්‍රෝ එක දුවන්නේ කොළඹට වියෙට්නාම් කෑම ගෙනාපු ෆ වියෙට්නාම් එකෙන්. ෆ වියෙට්නාම් එකේ උඩ තට්ටුවෙමයි සිලාන්ට්‍රෝ එක තියෙන්නෙ.

තැන

තිඹිරිගස්යායේ, ජාවත්ත පාර හන්දියට කලින්, ෆ වියෙට්නාම් එක තියෙන තැනටම යන්න. එළියේ තියෙන පඩිපෙළෙන් උඩ තට්ට්ටුවට යන්න. සිලාන්ට්‍රෝ ඇතුළේ ලොකු ඉඩක් නැහැ. ඒ වුණාට ඒක ලස්සනට හදාගෙන තියනවා. ඇමරිකන් ඩයිනර් එකක තාලේ ලොකු පුටු තියල මේසෙකට 4ක් වගේ දාන්න පුළුවන් විදියට තියෙන්නෙ. පට්ට කළුවරයි ඇතුළේ. ලයිට්වල එළිය හොඳටම මදි.

කෑම

ටොම් යම් එක රු. 950. මේක ලොකු යකඩ භාජනේක එන්නෙ. මේකෙන් සුප් එකේ රස්නේ ඉතිරි වෙනවා විතරක් නෙමෙයි විසාල සුප් ප්‍රමාණෙකුත් අල්ලනවා. වැඩේ තියෙන්නෙ ඔය හට්ටියේ මැද්දෙ තියෙන උස කෑල්ල හින්ද බොන්න අමාරුයි. අපිට වෙන භාජන ආවෙත් නැහැ. ඒක තවත් අවුල් ගියේ මේ සුප් එකෙන් තුන් දෙනෙක් බිව්වා. (එච්චර සුප් තිබුණා) ඉතින් ගෙනාපු යකඩේ අතින් අත පාස් කරනවට වැඩිය ලේසී පොඩි භාජන ටිකක් දුන්න නං. සුප් එක නං රසයි. ඉස්සෝ, දැල්ලෝ කෑලිත් සුප් එකේ යහමින් තිබුණා. සේර රස නං අම්බානට එනවා. කොත්තමල්ලි රසත් ටිකක් එනවා.

බීෆ් පද් තායි එක නං රු 860කට වටින්නේ නැහැ. පද් තායි එකක තියෙන්න ඕනේ ඔක්කොම මේකේ තිබුණට, නුඩ්ල්ස්, එළවළු එකක්වත් රසට තිබුණේ නැහැ. බීෆ් කෑලි ටික ගැනත් එච්චර තමයි කියන්න තියෙන්නෙ.

පෝර්ක් කාඕ පද් ගප්රෝව් (හරියට කිව්වද මන්ද, තායි කට්ටිය තරහ වෙන්න එපා ඕං) පෝර්ක් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ දෙයක්. රයිස් එක පංකාදුයි. බෙරිවෙලා නැහැ; වේලිලා නෑ; ගාණට තියෙනවා. හරි සුවඳයි. රු.750කට නං ටිකක් මදි වගේ. ඒ වුණාට පොඩියට කන දෙන්නෙක්ට නං ඇතිවෙයි.

අපි රම්පේවල ඔතල හදපු චිකන් කෑලි ඔර්ඩර් එකකුත් ගත්ත. එක ඔර්ඩරේට කෑලි 5ක් ලැබෙනවා. මාර රසයි. ඒ වුණාට රු 590 ටිකක් විතර වැඩියි වගේ.

බොන්න ගත්තේ තායි කිරි තේ (රු.400) එකයි සේර තේ එකයි (රු 450), කිරි තේ එක නං සිරා. සීතලටනේ එන්නෙත්. ටිකක් වතුර අඩු කළානං තවත් හොඳයි. සේර තේ එකනං තේ නෙමෙයි සේර තම්බපු වතුර වෙන්න ඕනේ.

අවසානෙට

තැන හොඳයි. තව ටිකක් වැඩියෙන් කෑම බෙදුවනං ගාණට වටිනවා.

Address

47, Thimbirigasyaya Rd, Colombo 5

Directions

Cilantro is on Thimbi between Havelock Road and Jawatta. It's actually in from the road a bit, right next to Calorie Counter. It's on the 2nd floor of the same building as Pho Vietnam.

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

Thai

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Rice Beef Chicken Tea Iced Tea

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

User Reviews
S
1

2/5

0

Shamalka Gunasekara

We asked if we could get the dishes with lesser amount of oil and they refused. After placing the order the waiter was confused about the dishes, he couldn't identify the dish by the appearance and served the dishes and exchanged them for one another several times. Food was okay but nothing to praise about. Not worth for money.

L
1

5/5

0

Lahiru James Crawford

The food was wonderful… ambience was lovely and must go too place ….

S
1

2/5

0

Shamalka Gunasekara

We asked if we could get the dishes with lesser amount of oil and they refused. After placing the order the waiter was confused about the dishes, he couldn't identify the dish by the appearance and served the dishes and exchanged them for one another several times. Food was okay but nothing to praise about. Not worth for money.

L
1

5/5

0

Lahiru James Crawford

The food was wonderful… ambience was lovely and must go too place ….

See 5 Comments