Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

5/5

Cimply Yummy (Malabe)

419/1B Athurugiriya Rd, Malabe


The one and only Bacon Kochchi Cheese Kottu.. now at Malabe!



වැස්සත් එක්ක හැන්දෑවට..

ගෙට ගොඩවෙන සීතලට..

බියර් එකක් ගහන ගමන් රස බලන්න

කන් දෙකෙන් දුම් දාන ගානට සැර තියෙන කොත්තුවක්? රයිස් එකක්?

විතරක් නෙවෙයි යාළු, ෆ්‍රයිඩ් නූඩ්ල්ස් එකකුත් ඔ්ඩර් කරගෙනමයි වැඩේට බැස්සෙ. ඔව් ඈ.. සත්තයි, ඊයෙ තනි කම්බියෙ පාර්ටිය නම්.. මල් හතට ගියා.

ඇයි ඉතින් දවස් ගාණක් බල බල හිටියා, දැන් අරියි දැන් අරියි කියලා. හරියන්නෙ නෑ, සතියෙන් සතිය කල්යන සීන් එකක් පෙන්නුම් කරන්නෙ.

ඒ අස්සේ.. අජරාමර හුලං පාරක් එක්ක ඔන්න ඇල්ලුවා හැන්දෑවෙ වැස්සත්. ආයෙ ඉතින්.. ඊට පස්සෙ නම් බල බල ඉඳිලි නෑ. කෙලින්ම ගියා පික්මි ඇප් එකට. ගිහිල්ලා දැම්මා පික්මි ෆුඩ් එකෙන් ඔ්ඩරයක්. හැබැයි ටිකක් දන්න කියන තැනකින්..

‘සිම්ප්ලි යමි’

කොරෝනා එන්න කලින් අපි දවසක් සෙට්වෙලා නුගේගොඩ එකෙන් කෑවා. ඒ දවස්වල නම් මෙයාලගෙ කෑමවල තෙල් පොඩ්ඩක් වැඩියි. හැබැයී.. බේකන් සහ කොච්චි අන්තර්ගත කොත්තු, ෆ්‍රයිඩ් රයිස් හඳුන්වාදීමේ පුරෝගාමියො මෙයාලා නිසා එකක් ගෙන්නගෙන කන්නමයි හිතුනෙ.

කොහොමහරි මම ඔ්ඩරේ දැම්මෙ බේකන් කොච්චි චීස් කොත්තුවකුයි (රු. 1100), මොන්ගෝලියන් පෝර්ක් නූඩ්ල්ස් එකකුයි (රු. 870), මික්ස් රයිස් එකකුයි (රු. 890). මාලඹේ නිසා වෙන්න ඔ්න කෑම ටික ලෑස්තිවෙලා ගෙදරටම එන්න නම් පැයක් විතර ගියා. හැබැයී..

ආවට පස්සේ..

නෝ කතා, ‌නෝ සිනා!

ඇරඹුම කොත්තුවෙන් යාළු.

හම්මෝ.. කටයි දෙකයි, ඇරඹුමම ඇඹරුමක් වුනා කිව්වොත් හරි. පිඟානට බෙදාගත්ත කොත්තු ටිකේ කොච්චි සුවඳ? මන මත් කරයි, තොලකට ලෙව කැවෙයි. ඊටත් තන්දුරි පදමට වගේ හදාපු, බේකන් කෑලි තොගේ.. රතුම රතු පාටයි. හිතන්නකො ඉතින් ඒ අතරට පදටම කුකින්ග් චීස් එහෙමත් දාලා තියෙද්දි? කන්න ගත්තාම යාළු කටක්.. කැවෙනවා එක දිගට කටවල් පෙලක්. විශේෂයෙන්ම කියන්න ඔ්න මෙයාලගෙ චීස් කොත්තුව මාර ජෙනුඉන්. අනිත් තැන්වල වගේ බාගෙට කිරි දාලා, හැපිකව් චීස් දාලා නෙවෙයි හදන්නෙ. කෙලින්ම කුකින්ග් චීස්. අනික බේකන් කෑලිත් තියෙනවා.. ඇඟිල්ලක් විතර සයිස් එකට කපලා, ලාවට ෆ්‍රයි කරලා, කොත්තුවට ගලපලා.

සත්තයි කියලා නිම කරන්න බැරි තරම් චොයිස් කොත්තුවක් ඈ..

කියනවට එක පාරක් කාලා බලන්නකො!

ඔ්ං ඊට දෙවනි නැති මික්ස් රයිස් එකත්..

හප්පේ.. ඒකට දාපු නැති මසක් මාලුවක් නැති තරම්. ෆ්‍රයි කරපු ඉස්සො,‌ චිකන්, පෝර්ක්, සොසේජස්.. ඒ මදිවට බුල්සායි එකකුත්. අනික ඒවා දාලා තියෙන්නෙත් ආයෙ වීල්බැරෝවෙන් වගේ. හැන්දක් ගත්තාම ජාති දෙක තුනකින් මස් මාළු ඒකෙ. බත නම් සම්බා හාලෙන්. හැබැයි ලාවට ෆ්‍රයි වෙලා නිසා පුදුම රසක් ඈ.. 

ඔක්කොමත් හරි චිලි පේස්ට් ටිකත් එක්ක ගලපගත්තාම..

ම්.. නූඩ්ල්ස් එකෙත් පෝර්ක්.. අහුරු අහුරු. කාලා ඉවරයක් කරන්න බැරි තරම්. අනික ඒකටත් බුල්සායි එකක් තියලා, ඇති හැටියට කැරට්, ලීක්ස්, ලූණු කොල අඩුම කුඩුම දාලා. ඩ්‍රයි ගතියට තම්බපු නූඩ්ල්ස් එක්ක මික්ස් කරලා..

වැඩිය ඔ්න නෑ, පෝෂන්වල සයිස් එකත් හිතාගන්න ඔන්න, දෙන්නෙක් කාලාත් වේල් තුනක් කෑවා ඈ..

අවංකයෙන්ම.. මේක නම් ඩයට් එකක් දාන්නම ඔ්න තැනක් හොඳේ!

See 2 Comments



Latest