Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Cimply Yummy (Maradana)

132B J.E, Walter Gunasekara Mawatha


Cimply Yummy has an all-new delivery and take-away.



බේකන් චීස් කොත්තුවලට සුප්‍රසිද්ධ ඇතුල්කෝට්ටේ සිම්ප්ලි යමී රෙස්ටොරන්ට් එක මතක නෙ? අන්න ඒගොල්ලො මරදානෙත් සිම්ප්ලි යමී එකක් දාල ලු!

මේ ආරංචිය ආවම අපි කල් මර මර හිටියෙ නෑ. කෙළින්ම යන්න තීරණේ කළා ඒ පැත්තෙ. හැබැයි ඔන්න එතකොටයි දැනගත්තෙ මේක ඩිලිවරි සහ ටේක් අවේවලට විතරක් වෙන් කරපු තැනක් කියල. ඌබර් ඊට්ස්වලින් ඕඩර් කරන්න හැදුවට දුර වැඩි හින්ද අපි ම ගිහින් කෑම අරං ආවා.

තැන සහ සර්විස් එක

මේක දෙන්නෙකුට විතරක් හැරෙන්න පුළුවන් පුංචි තැනක්. ඕඩර්ස් ගන්නෙත් කෑම හදන්නෙත් ඒ අයමයි. එයාල සුහදයි වගේ ම කාර්යක්ෂමයි. අපේ කෑම ටික හරියට ම විනාඩි පහළොවක් ඇතුළත ලැබුණා.

කෑම

අපි ගත්තෙ බේකන් නාසිගුරන් එකයි (රු. 650), කොච්චි ඇඩ් කරපු මික්ස් චීස් කොත්තු එකයි. (රු. 700)

කොච්චි ඇඩ් කරපු මික්ස් චීස් කොත්තු එක ගැන අපි සෑහෙන බලාපොරොත්තු තියාගෙනයි හිටියෙ. පේන්න තියන විදිහට ම චීස් ගොඩක් දාල තීරුවලට කපපු එළවළු එක්ක සොසේජස්, බේකන්, චිකන් මික්ස් කරලා. කොච්චි ඇඩඩ් කිව්වට මොකද සැර ගතියක් නං ආවෙ ම නෑ. අවංකව ම ඇතුල්කෝට්ටේ සිම්ප්ලි යමී එකේදි කාපු චීස් කොත්තු තරම් කොලිටි නෑ. ප්‍රමාණයෙන් නම් ලොකු නිසා තුන්දෙනෙකුට විතර ඇති.

කියන්න දුකයි බේකන් නාසිගුරන් එකත් සතුටුදායකයි කියන්න තරං අපේ හිතට ඇල්ලුවෙ නෑ. බුල්සයි එකක්, අන්නාසි කෑල්ලක්, චිලී පේස්ට් ටිකක් එක්ක ආපු මේකට මිරිස් කෑලි, සෝස් අනංමනං ඇති තරං මික්ස් කරල තිබුණා. පෙනුමෙන් රහ පාටට තිබුණට මොකද කාල බැලුවම ආවෙ තෙල් ගතිය වැඩි මොකද්ද අමුතු රසක්. නියම නාසිගුරන් රස නෙමෙයි.

අවසාන වශයෙන්

සිම්ප්ලි යමී කියන්නෙ රහ කෑමවලට ම ප්‍රසිද්ධ වුණ තැනක් නිසා අලුත් තැනේ කෑමවල තියන මේ පොඩි පොඩි අඩුපාඩු ටික ඒගොල්ලො පුළුවන් තරම් ඉක්මනින් හදාගනියි කියල අපි හිතනවා...


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment