3/5

Coffee Colombo

29, Milagiriya Avenue, Colombo 04


Coffee Colombo is a resto adjoining the Euro Lanka budget hotel.


‘හදිස්සියත්’ වෙලාවකට හරි අමුතු දේවල් අප්ප ජීවිතේට ගේන්නෙ. බලන්නකො ඉතින්, පහුගිය සතියෙ දවසක ලහි ලහියෙ දඹුල්ලෙ යන්න ඉඳපු මගෙ යාළුවට වෙච්ච දේ...

අන්තිමට කාලා කාලා... වැටිල ඉඳල කොළඹින් පිටත් වෙද්දි ම දවල් තුනත් පහුවෙලා.

ඒත් ඉතින් හැබැයි නොහිතපු විදියෙ අපූරු අත්දැකීමක් තමයි දෙන්නට ම ලැබුණෙ. මොකද නොදැනුවත්වම අපි ගොඩවෙලා තිබුණෙ හරි ලස්සන, අලුතෙන්ම දාපු රෙස්ටුරන්ට් එකකටනෙ.

මරීන් ඩ්‍රයිව්, බම්බලපිටියෙ... හරියට ම මිලාගිරියට කිට්ටුවෙන්මයි!

මුහුදට මුහුණ ලා තියෙන ලොකු වීදුරු බිත්ති නිසා ඇත්තටම එතනට ඇවිල්ල තිබ්බෙ පුදුම ගතියක්. ඊටත් බලන්න එපැයි එයාලගෙ ඉන්ටීයර් එක? ෂැහ්, ඇතුල්වෙන තැන ම තියෙන කොටස, ලස්සන පුංචි කැෆේ එකක වගේ. ඊටපස්සෙ, භෝජනාගාරය කෙළින්ම තරු පන්තියෙ හෝටලයක වගේ.

ඉතින්... දෙවරක් මොකට හිතනවද කියලා... අපි කෙළින්ම ගියා තරුපන්තියෙ භෝජනාගාරයට. ගිහිල්ල හිටං ඔන්න සුපුරුදු පරිදි නිදහස් අයිනක් අල්ලල වාඩිවුණා. වාඩිවෙලා...

කොහෙද, හැරෙන්නවත් ඉඩක් නෑ යාළු. හිනාමුසු මූණින් ආපු සේවක මිත්‍රයෙක් ලොකු මෙනු දෙකකුත් එක්ක අපේ ඉස්සරහ. ඒ විතරක් නම් බැරියැ, ඒවා අපිට දීලා, තියෙන කෑම විස්තර කරලා, කෑම තෝරන්න උදවුත් කරලා, අන්තිමට ඕඩරෙත් අරගෙනමයි ගියේ.

ඇත්තටම ඉතින් ඊට පස්සෙ නම් හිතට ලොකූ... නිදහසක්. ඇයි ඉතින් ඔය කෑම තෝරනව කියන්නෙත් මහ ලොකු වැඩක්නෙ. විශේෂයෙන් ම, දිග මෙනු තියෙන තැනක.

කොහොම කොහොමින් හරි ඒ වැඩෙන් පස්සෙ අපි අපේම කතාබහකට මුලපිරුව.

තප්පර, මිනිත්තු ගණන්වලින් ඉතින් වෙලාව නම් යන්න ඇති. ම්... මගේ හිතේ හැටියට විනාඩි 10-15කට විතර පස්සෙ... ඉස්ඉස්සෙල්ලාම ඔන්න ලටේ එකයි (රු. 400), වෝටර් මෙලන් එකයි (රු. 450) මේසෙට. වැඩේ කියන්නෙ ඒ එක්කම වගේ චිකන් ලසඤ්ඤා එකත් (රු. 750) ආපු නිසා, ඉහවහා ගිහින් තිබ්බ බඩගින්නත් එක්ක අපි... හැරෙන තැපෑලෙන්ම බැස්ස වැඩේට.

ෂැහ් ටොප්නෙ? කොමඩු ජූස් එක යාළු... පංකාදු පහයි ආ... පොඩ්ඩක්වත් වතුර දාලා නෑ. අයිසුත් ගානටම වගේ. හැරත් සීනි දාලත් නැති නිසා ෆ්‍රෙෂ් ගතියෙන් අනූනයි. අනික ඒ තරම් ඝනකමට කොමඩු ජූස් එකක් හැදුවෙ කොහොමද කියන එක නම් මට තාම හිතා ගන්න බෑ. මගෙ හිතේ... පොඩි ගෙඩි දෙකක්වත් දාන්න ඇති, හ්ම්...

ජූස් එකෙන් උගුරක් දෙකක් බීලා තමයි අපි පටන් ගත්තෙ ලසඤ්ඤා එක ගැන හොයල බලන්න. කතා මොකටද ඉතින්? නොම්මර එකයි කියන්නේ... එකෙන්ම එකයි! අර උඩින් දාන තක්කාලි කෙචප් එකේ ෆ්‍රෙෂ් ගතිය මං මේ කළ්පනා කළේ. ඒකත් එක්ක ග්‍රේට් කරල හොඳ හැටි ස්පයිසස් එක්ක උයපු චිකනුයි... මොසරැල්ල චීස්, පැස්ටා තට්ටු තට්ටුයි සෙට්වුණාම... රඹටි හැළෙයි කිව්වලු. හැරත් ඉතින් උණු උණුවෙන්මත් එක්කනෙ...

ඒත්... අර ලටේ එක නම් මට එච්චර ම සෙට්වුණේ නෑ. ඒකෙ කිරි රස ටිකක් වැඩියි. අනික චොකලටුත් නිකම් ගාවල අරගෙන වගේ. කෝපි රස නම් හොඳයි, ඒත් තව කෝපිත් එන්න ඕන මං කියන්නෙ.

අවාසනාවට... ලසඤ්ඤා එකෙන් පිස්සු වැටුන රස නහර පිනවන්න කියල අපි ඕඩර් කරපු ෆෝමැගි (රු. 900), බීෆ් පෙපරෝනි (රු. 900) හාෆ් හාෆ් පීසා එකත්...?

අනේ මන්දා එක පාරට මොකද වුණේ කියල හිතා ගන්න බෑ. ඇත්තටම ආරම්භයෙ තිබ්බ ගැම්ම එහෙම පිටින් ම යට ගියානෙ යාළු. චීස් ජාති හතරක් දාලා හදපු පීසා බාගෙ නම් අවංකයෙන්ම රසයි. රසයි කියන්නෙ එසේ මෙසෙත් නෙවෙයි, හොඳ කටට රහට තලු මර මර කන්න පුලුවන් ගානටම. ඒත්... බීෆ් පෙපරෝනි?

හයියෝ... කරවල කනව වගේ. බීෆ් රසක් තියා ඒකෙ... නිකම් රබර් කනව වගේ. ඊටත් දාලා තිබ්බ අනිත් එළවළු, චීස්වල රස එන්නෙත් නෑ ඒක නිසා.

ම්... අවසානයටත් දුක හිතෙන කතාවක්ම තමයි කියන්න තියෙන්නෙ.

ලස්සන පාටට, චොකලට් හරි හරිටයට දාලා හදපු චොකෝ කුචෙන් එක (රු. 300)? කෙටියෙන්ම කියනව නම් හදල සෑහෙන්න කළ් වෙන්න ඕන, කාගෙන යද්දි එනව මුඩු රසක්…

එච්චරයි ඉතින්, ඈ...!



Latest