Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Crepe Runner (Maharagama)

No. 178 Colombo - Batticaloa Hwy, Maharagama


Taste delicious chocolate layers with crepes



කාලෙකින් හිතේ හැටියට චොක්ලට් ටිකක් බඩට දාගත්ත නැති නිසා.. ඊයෙ, බැස්සා ඒ වැඩේට.

ම්.. මුලින්ම නම් හොයලා හොයලා තැන් 2ක් ගලප ගත්තා. ඒත් පස්සෙ ටිකක් දන්න තැනනෙ කියලා තමයි ‘ක්‍රේප් රනර්’ එකෙන් ඔ්ඩරේ දැම්මෙ. නටෙලා, කැඩ්බරි, ස්ට්‍රෝබෙරි ක්‍රෙප් එකයි (රු. 600), නටෙලා කිට්කැට් ක්‍රෙප් එකයි (රු. 550), බීෆ් ස්ටීක් ක්‍රෙප් එකයි (රු. 500), කැඩ්බරි මිල්ක්ෂේක් එකයි (රු. 500). 

දාලා ඉතින්.. දන්නැද්ද?

‘පික් මි ෆුඩ්’නෙ. විනාඩි 20-25ට ඔ්ං කෑම ටික අත ලඟටම. ආයෙ අහන්න බලන්න දෙයක් තිබ්බෙ නෑ, ගේට්ටුව ලඟට ඩිලිවරි මිත්‍රයා ඇවිල්ලා කතා කරනකම් දන්නෙත් නෑ. 

“තෑන්ක්ස් මල්ලි”

පාර්සලේ අතට ගත්තට.. වෙනදා වගේ ඉගිල්ලෙන්න හම්බවුනේ නෑ කුස්සිය පැත්තට. මොකද ටේකවේ මිල්ක්ෂේක් එක අතේනෙ.

ඒත් ඉතින් එහෙමයි කියලා අවුලකුත් නෑ. ක්‍රේප් සියල්ල එවලා තිබ්බෙ වෙන වෙනම පෙට්ටිවල දාලනෙ.

මුලින්ම ඉතින් ආසාව යන්න කියලා ඔන්න ගත් අතටම බිව්වා මිල්ක් ෂේක් උගුරු 2, 3ක් හරි හරියට.

‘ෂප්පට..’ පංකාදුයිනෙ බොලේ. කැඩ්බරි රසම කියලා නම් හරියටම කියන්න බෑ. ඒත් පංකාදුවට, මදි නොකියන්න චොක්ලට් දාලා තියෙනවා. පැණි රසත් ගානටම වගේ. ඊටත් කිරි රස! අඩුත් නෑ වැඩිත් නෑ..

ටොපේ ටොප්.

ඒකෙන් පස්සේ.. පුදනකොටම ආයෙ චොකෝ ගිලින්න බැරි නිසා ගත්තා බීෆ් ස්ටීක් එකෙන් කෑල්ලක්. අරගෙන කටක්.. දෙකක්..

ම්.. නිකම් පීසා වක් වගේනෙ. ඇත්තටම!

මොකද තක්කාලි සෝසුයි, මයොනිසුයි ක්‍රේප් එකේ යටටම, රවුමට දාලා. ඊට උඩින් පිකල් එක්ක මික්ස් කරපු ඇඟිලි පුරුකක් විතර සයිස්, ස්පයිස් මැරිනේටඩ්, ෆ්‍රයිඩ් බීෆ් කෑලි 10-12ක් විතර. ආහ්.. ඒ හැරුනාම චීස් ටිකකුත් දාලා තිබ්බා රස්නෙට මෙලෙක් වෙලා රස පදම ඩබල් වෙන්න..

ඒක කාලා ඉවර වෙලා තමයි යාළු අතට ගත්තෙ කිට්කැට් ක්‍රේප් එක..

අරගෙන හිටං ගෑරුප්පුවෙන්ම කෑල්ලක් කඩලා කෑවා. මොකද නැත්නම් රැවුලෙ ගෑවිලා, ඇලෙන්න අරගෙන හරි විජ්ජුම්බරයක් වෙනවනෙ..

කොහොමහරි චොක්ලට් රසයෙන් නම් අනූනයි.. ආයෙ මත්වෙන ගානටම. ඒත් කිට්කැට් නම් ලොකු කෑලි 2යි තිබ්බෙ. ඇත්තටම නමේ හැටියට හොඳටම මදි හොඳේ..

අර අනිත් කැඩ්බරි, නටෙලා, ස්ට්‍රෝබෙරි එකෙත් එහෙමයි..

කැඩ්බරි රස කියලා ලොකුවට හොයන්න බෑ. කොහොමහරි නටෙලා පදම තිබුනා.. ඊට උඩින් එන මිල්ක් චොකෝ රසත් ටොප් එකට.. පොඩියට පෙති කපපු ස්ට්‍රෝබෙරි ගෙඩි 2, 3කුත් දාලා නිසා.. 

සත්තයි ඒක නම් පංකාදු හතර හමාරයි ඈ..! 

Address

No. 178 Colombo - Batticaloa Hwy, Maharagama

Contacts

Report Inaccuracy

Open until 08:00 PM

Cuisine

Western

Price Range

Between Rs. 200 - Rs. 1000

Dish Types

Beef Chocolate Crêpe

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment