Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Bread Teaser Top Banner -temporary
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

3/5

Dulani Foods

205, B47, Sri Jayawardanapura Kotte

  • Closed right now


The late night Kottu, Rice & Hoppers star in the city Thalawathugoda



දාලා තියපුව ගත්තොත් කපෝති

එවෙලෙ දාපුව ගත්තොත්...පාර්ටි!

කිව්වලු. ඒකත් නිකම් නෙවෙයි, රඹටි හැලෙන්න නැගල යන බජව්වකට සුප්ප කටගැස්මක් වෙන්න.

සිද්ධිය වුණේ මේකනෙ. අපේ සේල්ස් ලොක්කට ඔන්න 31 පාර්ටියට කොහෙන්දෝ බෝතල් බාගයක් ලයින් වෙලා. ඒක ගහන්න තැනක් නැතුව එකසිය ගාණට කල්පනා කරලා තියෙනව. කොහොමහරි මට ඔය ආරංචිය එද්දි ටිකක් පරක්කුයි. ඒත් ඉතින් එහෙමයි කියල බෝතලයක් නිකම් අතඅරින්න පුළුවන්ද. ආයෙ හෙවිලි බැලිලි නෑ… මම කෙළින්ම ටෝක් කලා බුවාට!

“ආයෙ ඉතින් බොන්න තැන් නැද්ද මේ රටේ මස්සිනේ… යමං අපේ ගෙදර. හංදියෙ නයිට් කඩෙන් බයිට් ටික ගත්තා, තුන් හතර දෙනා එක්ක ප්ලේස් වුණා අපේ ගේ පිටිපස්සෙ මිදුලට. හාද?”

“හෑ… උඹ සිරාවට ම ද කියන්නෙ. යකෝ එතකොට ගෙදරවුන්?”

“ගෙදරවුන් කිසී..ම අවුලක් නෑ. උඹල දන්නෑනෙ අපේ දිහා ගැන. යමංකො යමංකො මං කියන්න”

එතනින් ඉතින් වචනයක් දෙකක් උපරිම එහාට පනින්න ඇති. ඕං වැඩේ කන්ෆර්ම් කිරිගහට ඇන්න වගේ. කන්ෆර්ම් වෙලත්.. වැඩි වෙලාවක් තිබ්බෙ නෑ කට්ටියට. හැන්දෑවෙ 6 වෙද්දිවත් පටන් ගන්න ඕනනෙ. නැත්නම් අදත් ගෙදර යන්න වෙන්නෙ එළිවෙලා.

සනික ක්‍රියාත්මක වුණු අපි පික්මියකුත් දාගෙන දෙයියනේ කියල ට්‍රැෆික් එකට කලින් යාන්තම් තලවතුගොඩට ඇදගත්ත. ඇදගෙන කෙළින්ම ඇල්ලුවෙ හංදියෙ නයිට් කඩේට.

ගියත් හරි... එහෙන් මෙහෙන් ඇහෙන කොත්තු රයිස් සද්දෙට කට්ටියට නිකම් පිස්සු වගේ.

“මොනවද බං ගන්නෙ. මෙතන මාර කෑම තොගයක්නෙ තියෙන්නෙ”

“තොගයක් තිබ්බට බං අපි ඉන්නෙ හතර දෙනයිනෙ. හැරත් බෝතලුත් බාගයයිනෙ. ඉඳාන්කො, ගමු ග්‍රිල්ඩ් චිකන් පලුවකුයි (රු. 350), බැදපු මාළුවෙකුයි (රු. 250), ඉස්සො ඩෙවිල් එකකුයි (රු. 300), චිකන් ලිවර් එකකුයි (රු. 300), කොත්තු රයිස් මොනව හරියි.

මොකෝ කියන්නෙ උඹ?”

“ඒක හොඳ අදහස බං. කොත්තු ගමු චීස් කොත්තුවකුයි (රු. 500), ඉඳි ආප්ප කොත්තුවකුයි (රු. 400) වගේ”

“අන්න පාර...

ඒනම් උඹ දාංකො ඕඩරේ කවුන්ටරේට දාලා බිල ගනින්. මම කොත්තු බාසට කියල එන්නං”

එහෙම කියල ගියාට මොකද... ඕඩර් තොගේ නිසා අපේ එක ලෑස්ති වෙන්න ම පැය බාගෙකට එහා පැත්තෙ ගියා. ඒත් ඉතින් අර උණු උණුවෙ නිසා හිතට දුකක් නෑ. ඊටත් පාර්සලේ ගත්ත ගමන් විනාඩි 5ට අපි, අපේ ගෙදරනෙ. පිටිපස්සෙ මිදුලට අල්ලල කෙළින්ම ස්ටූල් එකකුයි පුටු ටිකකුයි දාගෙන ඔන්න වැඩේට සෙට්.

පළවෙනි ෂොට යන්න කලින්.. ලමිදු මල්ලි එහෙම චීස් කොත්තුවෙන් ම වැඩ අල්ලල තිබුනෙ. අපි සැර ජාති නිසා ඩෙවිල් ඉස්සො, ලිවර්, බැදපු මාළු වගේ ඒවට තමයි අත තිබ්බෙ. හැබැයි, අත තිබ්බ මෝඩකම කියල හිතුන, පළවෙනි ඉස්ස කාපු වෙලාවෙ.

චැකේ! පට්ට පරණ වෙච්ච පජාත ඉස්සො, කරවල වගයක්. ලුණු කට්ටෙ ඒක. කටේ තියන්න කියා… ඊටත් බැදල එහෙම තියෙනව ප්‍රාග් ඓතිහාසික තෙල්ද කොහෙද. නැතත් ඒ ඩෙවිල් එක හදල නම් අනිවා දවස දෙක පැනලා.

වැඩේ කියන්නෙ ඉස්සො එක එහෙම වුණාට බැදපු මාළුව හරි ෆ්‍රෙෂ්නෙ. හොඳ ලොකු කූරියත් එක්ක. ලුණු පදමත් ගාණට. අනික ගැඹුරු තෙලේ බැදිල තියෙනවා… ලූණු, මිරිස්, දෙහි ටිකක් දාලා ගත්තාම පංකාදු බයිට් එක ඈ.

ඒ වගේම තමයි ලිවර් ඩෙවිල් එකත්. වැඩේ කියන්නෙ ඒකෙ තිබ්බ ලිවර් තොගයක්! බෝතලයක් ගහන්න ඇති පැහැදිලිවම ඒ ටික. ලුණු, ගම්මිරිස් පදමත් නූලට. අනික ලූණු, මිරිස්, මාළු මිරිස් එහෙම මදි නොකියන්න දාලා නිසා රස ඩබල් ත්‍රිබල්.

ඇත්තටම ඒකත් එක්ක ඉඳි ආප්ප කොත්තුවත් තකට තක කියන්නකො. උණු උණුවෙ නැගල යනවා… රඹටි හැලෙන්න ආයෙ. වැඩේ තිබ්බෙ ඉඳි ආප්ප කොත්තුවෙ කැරට්, ලීක්ස්, කරපිංච අනම් මනම් අඩුම කුඩුම ඔක්කොම තියෙනව. චිකන්… කටු විතරයිනෙ. අර, හොදි හොඳ හැටි දාලා නිසාද කොහෙද රස පදම හොඳයි. කිව්වට විශ්වාස කරන්න යාළු චිකන් කෑලි හතරකට වඩා තිබ්බෙ නෑනෙ කොත්තුවෙ. අර ලිවර් ඩෙවිල්… කොත්තුවත් එක්ක නැගල යනව කියල කිව්වෙ ඒකයි. මොකද අපි අන්තිමට ඒකෙන් ටිකක් දාගෙන තමයි මස් අඩුපාඩුව පිරිමහ ගත්තෙ.

හිතා ගන්න බැරි ඉඳි ආප්ප කොත්තුව එහෙම වෙලා චීස් කොත්තුව රහට සෙට් වුණේ කොහොමද කියල. චිකන් අඩුපාඩුව ලාවට තිබ්බට ඒකට නම් චීස් කෑල්ලක් දාලා, කිරිත් පදමට දාලා, රහ නැගල එන්න ගම්මිරිස්, මිරිස් එක්ක කැරට්, ලීක්ස්, මාළු මිරිස් එහෙමත් මදි නොකියන්නම දාලා.. උණු උණුවෙ නිසා ටොප් ආ. කටක් කෑවාම දෙවනි කටට ඉබේට ම වගේ හැන්ද යැවෙන්නෙ. අර වැඩේ වුණේ චීස් කොත්තු බයිට් එකට හරියන්නෙ නෑනෙ.

ඒ නිසා ඉතින් කරන්න දෙයක් නැතිම තැන අපි ග්‍රිල්ඩ් චිකන් පලුවට වැඩේ දුන්නා. මොකද ඒක උණු නැති වුණාට, කෑවාම හෑක් ගෑවෙන්න තිබ්බනෙ. ලූණු, මිරිස්, ගම්මිරිස් ටිකක් උඩින් වැටුණ නම්… නැත්නම් සැලඩ් කරලවත් ගත්ත නම් ආයෙ පංකාදුම චිකන් කෑල්ල. සැර ජාතිවලට, බයිට් එකටම කියාපු.

කොහොම හරි ඉතින් බයිට්, රස අඩු පාඩු මැද්දෙ වුණත් අපි මරේ කියන්න වද්ද ගත්ත. මොකද අන්තිම හරිය වෙද්දි අඩු පාඩු එහෙමත් ගැළපුනානෙ...


TIP

Try kottu or hoppers


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment