Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Dushy's

Delivery Only


A home cook who pulls off some great Sri Lankan and Western-style dishes.



දුෂී කියන්නෙ හෝම් බේස්ඩ් කුක් කෙනෙක්. අපි මෙතන ගැන දැනගත්තෙ ෆේස්බුක් එකෙන්. ඉතින් ඕඩරයක් දාල ම බැලුවා. හැබැයි පස්සේ තමයි දැනගත්තෙ මේ ගුඩ් මාකට් එකේ දුෂීස් සැලඩ් කරපු අයමයි කියලා. 

ඕඩර් කරන විදිහ 

ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් හරහා මෙතනින් කෑම ඕඩර් කරන්න පුළුවන්. නැත්තං 0762626353 අංකයට කතා කරන්න. එතකොට මේගොල්ලො කෑම ළඟට ම ගෙනත් දෙනවා.

කෑම 

මේගොල්ලන්ගෙ මෙනු එකේ මේන්ස්, සැලඩ්, මීට්ස්, ඩෙසට් විදිහට කොටස් කීපයක් තියනවා. මේකේ අපිට නිතර මුණ නොගැහෙන කෑම ජාති කීපයක් තියනවා දැක්ක නිසා අපි ඒව ගෙනත් බලන්න හිතුවා. ඒ තමයි රයිස් විත් හකුරු මස් එකයි (රු. 950), හනී රෝස්ට් පෝක් ඇන්ඩ් මෑෂ් එකයි (රු. 950).

හකුරු මස් එක්ක ආපු බත් එකට සැලඩ් එකකුයි තව සෝස් එකකුයිත් එනවා. සෝස් එක සෑහෙන සැර ෆ්ලේවර්ස් ගොඩක් මික්ස් වෙන විදිහට හදල තිබුණේ. මැලේ අච්චාරු ෆ්ලේවර් එකකුත් ඒකෙන් එනව වගේ දැනුණා.

හකුරු මස් එක ගැන කිව්වොත් මේකට හකුරු දාල හදන හින්ද තරමක පැණි රසක් එයි කියල අපි බලාපොරොත්තු වුණාට මොකද, පැණි රසක් නං දැනුණේ ම නැති තරම්. හැබැයි අපරාදෙ කියන්න බෑ කටට හොඳ සොෆ්ට් ගතියට රහට තිබුණා. කුළුබඩු අඩුම කුඩුම ලෝබ නැතිව පාවිච්චි කරලා. ඉතිං ගාණට ස්ටීම් කරපු බත් ටික මස් එකත් එක්ක හැපෙනකොට මරු.

සැලඩ් එක නියමයි. අලුත් ම අලුත් ෆ්‍රෙෂ් තක්කාලි කෑලි, ග්‍රේට් කරපු කැරට්, ලොකු ඉරිඟු ඇට, පිපිඤ‍්ඤා කෑලි, සලාද කොළ විතරක් නෙමේ ඇපල් කෑලිත් දාලයි හදල තිබ්බෙ.

හනී රෝස්ට් පෝක් ඇන්ඩ් මෑෂ් කියන්නෙ අර්තාපල් මෑෂ් කරලා ඒ උඩ මී පැණි, සුදු ලූනු සහ කුළුබඩු එක්ක රෝස්ට් කරපු පෝක් ගොඩක් අතුරපු ඩිෂ් එකක්. මී පැණි කිව්වට පෝක් එකෙන් පැණි රහක් නං ආවෙ නෑ. අනික වැඩිපුර තිබ්බෙ තෙල් කෑලි.

අතුරුපස විදිහට අපි Phat බ්‍රවුනීස් (රු. 800) ඕඩර් කළා. අම්මෝ බ්‍රවුනි නං මෙන්න බ්‍රවුනි! චොකලට් චිප් කුකීස් මික්ස්චර් එක, ඔරියෝ කුකීස් සහ බ්‍රවුනි මික්ස්චර් එක විදිහට මේක ලේයර්ස් තුනකින් එනව කියල මෙනු එකේ තිබ්බා. කිව්වත් වගේ අපිට හම්බුණේ දැක්කත් බඩ පිරෙන ට්‍රිපල් ලේයර් තඩි බ්‍රවුනි කෑලි හතරක්. එක්කෙනෙක්ට තනි එකක් කාගන්නත් බැරි තරං. ලේයර්ස් තුනේ ෆ්ලේවර්ස් තුන හොඳට වෙන වෙන ම රහට දැනුණා. දුෂීගේ බ්‍රවුනීස්වලට නං තරු පහක් ම දුන්නහැකි.

අවසාන වශයෙන්

සමස්තයක් හැටියට ගත්තොත් දුෂීස් එකේ කෑම හොඳයි. බඩ පිරෙන්න කන්න පුළුවන්. සර්විස් එකත් සුහදයි පහසුයි. ඕගොල්ලොත් ගෙන්නගෙන ම බලන්නකො.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment