2/5

Elite Indian Restaurant

124 Bauddhaloka Mawatha, Colombo 4


Elite Indian Restaurant offers a wide range of savory veg and non-veg Indian dishes as well as an array of sweets.


බම්බලපිටියේ බුරියානි සොයා යන මහා චාරිකාවේදී ඊයේ අපි ගියේ එලීට් අවන්හලට. එය බෞද්ධාලෝක මාවතේ HSBC ඉදිරිපිට පිහිටි අවන්හලක්. එහි වර්ග රැසක රසවත් මාංශ රහිත මෙන්ම සහිත වූත් ඉන්දියන් ආහාර පිරිනැමෙනවා. ඉන්දියානු රසකැවිලි වර්ග රැසකුත් තිබෙනවා. දෙසතියකට පෙර, නව මැජස්ටික් හෝට‍ලයේ සාමාන්‍ය බුරියානියක් කෑමෙන් පසු මම මෙහි ගියේ ඊටත් වඩා නරක තත්වයක් බලපොරොත්තුවෙන්. ඒත් එහෙම වුණේ නැහැ.

මා මිලදීගත් කුකුළුමස් බුරියානියේ බත්, බැදපු කුකුල් මස්, පොල් චට්නි, බැදපු එළවළු සහ තැම්බූ බිත්තරයක් තිබුණා. එය හොඳින් බඩ පිරෙන රසවත් ආහාරවේලක්. මිළ වුණේ රු. 280යි. එලීට් අවන්හලේ අනෙකුත් ආහාර වේල් පවා රු. 250ත් 500ත් අතර මිළදී ගතහැකි මට්ටමේ ඒවා. මේ අවන්හල පිරිසිදු තැනක්. කාර්යමණ්ඩලයත් විනීතයි. ඒත්......

මගේ යහළුවෝ ආණවුම් කළේ චිකන් සවරමක්. එය මේසයට එන්න පැය භාගයක් ගියා. සාමාන්‍යයෙන් ක්ෂණික ආහාර වර්ගයට වැටෙන මෙයට එතරම් කාලයක් ගිය එක පුදුමයි. අපි එහි ගියේ වැඩකරන අතරතුර දිවා විවේකයේ. කෑම සූදානම් වනවිට අපට සිදුවුණේ එයත් අරගෙන ආපසු දුවනගමන් අතරමගදී කන්නයි. සවරම සමග එහි මෙනුපතේ සඳහන් කර තිබුණු අලතීරු තිබුණේත් නැහැ. අප පැමිණිලි කළවිට ඔවුන් එය ආපසු කුස්සියට යැව්වා. විනාඩි දහයකට පසු එය අලතීරු කීපයක් සමග ආපසු ආවා.

මිතුරන්ගෙනුත්, අන්තර්ජාලයේ අදහස්දැක්වීම්වලිනුත් දැනගන්නට ලැබුණු හැටියට ආහාර ඇණවුම් ලැබෙනතෙක් දිගු වේලාවක් රැඳී සිටීමට සිදුවීම මෙහි සාමාන්‍ය තත්වයක්.

ආහාර මිළ අඩු හා රසවත් වුණත්, කාර්යමණ්ඩලය මිත්‍රශීලී වුණත්, මේ ප්‍රමාදවීමේ කාරණය නිසා එලීට් අවන්හල ලොකු විවේකයක් නැතිනම් යන්න සුදුසු තැනක් නොවෙයි. කොළඹ මැද ඉන්නවානම් හා විවේකීනම් එතැනට යන්න.

TIP

If you're in a hurry, either call ahead with your order or give the shawarma (and most other dishes, apart from the biryani) a miss.

Address

124 Bauddhaloka Mawatha, Colombo 4

Contacts

Open 11am to 11pm daily

Cuisine

North Indian Sri Lankan Chinese

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Biriyani Fried Rice

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
3
Service Rating
2
Ambience Rating
2


Latest