7, Bandarawela road, Ella
Closed right now
Calm chill place to booze with some delicious Sri Lankan Chinese food.
කිරි අප්පේ.. අවුරුදු දෙකට වෙනස්වෙලා තියෙන තරමක්!
ඉස්සර නම් ටවුමෙන් බැහැපු ගමන් පේන්නෙ මහ විසාල ගල් පරුවතේ. ඒකට දැන්... පේනව නම් තමයි, ඒත් එහෙන් මෙහෙන් එබිල බලන්න ඕන. ඇයි ඉතින් ඒ තරමට බිල්ඩින්නෙ. අනේ මන්දා, සුද්දොත් එනව ඇල්ල කිය කිය... දැන් නම් ඇත්තටම ඇල්ල මොකක්ද වගේ. ඊටත් බලන්න එපැයි රෑට. තනිකරම කොළඹ වගේ. කඳු හෙල්, කැලෑ කියල වෙනසක් නෑ හතර දිබ්බාගෙම ලයිට්. දෙයියනේ කියල අර කාලගුණ තත්ත්වය තාමත් සෞම්‍යව තියෙන්නෙ. නැත්නම් ඉතින්... වෙන මොනව කියලද?
“ම්...හ...” බස් එකෙන් බැහැපු තැනම මම ලොකු හුස්මක් හෙලුවෙ, මගේ අතීතය මතක්වෙලා. ඇත්තටම ඒ වෙලාවෙ නම් ඇස්දෙකට කඳුළු ආපු නැති එක විතරයි යාළු. බැරිම තැන මම එතන තිබ්බ කණුවකට හේත්තු වුණා. හේත්තු වෙලා අවුරු අටක විතර පිටිපස්සෙ, අතීත මතකයන්වලට ගියා.
‘මම මුලින්ම ඇල්ලෙ ආපු දවස. මායි මගේ හොඳම යාළුවො දෙන්නයි. අපි එදා ඇල්ලෙන් බහිද්දි පාන්දර හයයි. මීදුමෙන් පිරිච්ච... ටවුමක් ම කියල නම් තිබ්බෙ නෑ, ලස්සසන කඩ පිලක්. අපි කෝපි තුනක් බිව්ව සීතලෙන් බේරෙන්න කියල. කොහෙද, අහන්නෙවත් නෑ. ඊට පස්සෙ අපි කෙළින්ම ගියේ පන්සල හොයාගෙන...’
ළඟ ඉඳපු අයිය කෙනෙක්ගෙන් අහල බැලුවාම තමයි මට දැනගන්න ලැබුණෙ ඒ පොඩි හාමුදුරුවො දෙනම ම අද වෙද්දි පන්සලේ නෑ කියල. හ්ම… මොනව කරන්නද? ‘කාලය මැව් වෙනසක අරුමේ...’
ඉස්සරහ කඩේ කැරකෙන ලයිට් එළි මගේ මූණට වැටෙනව පිස්සුවෙන් වගේ. වටපිටත්, බැලූබැල්මට හොඳටම කළුවර වෙලා. අප්‍රේල් ප්‍රශ්නයෙන් පස්සෙ සුද්දො එච්චර නෑ කිව්වට ඔය ඉන්නෙ ඇල්ලෙ නම්, ඇඟේ වැදී නොවැදී යන ගානට.
“හායි ෆ්‍රෙන්ඩ්. ආ යු ලුකින් ෆො අ ප්ලේස් ටු ස්පෙනඩ් ටුනයිට්, ඕ... අ ගුඩ් ප්ලේස් ටු හැව් අ ඩිනර්?”
මම මුකූ...ත් කිව්වෙ නෑ. කොල්ලගෙ හිතේ මමත් රටින් බැහැපු එකෙක් කියල. පොඩ්ඩක් ඉඳලා...
“මම මෙහේ බං. ඉන්න තැනක් නම් තියෙනව, ඇත්තටම බැලුවෙ කාලා පොඩියට බීර එකක් ගහන්න තැනක්”
“හුටා... අයියෙ සොරි ඈ. දන්නැද්ද ඉතින් මේ දවස්වල අපිත් ෆුල් අන්දොස්නෙ. ඉතින් පොඩ්ඩ හරි රට ගතියක් පෙන්නුවොත් සනික ටෝක් කරල බලනව. සත්තයි මම හිතුවෙ මෝල්ඩිව්ස් කාරයෙක් කියල. සොරි ඈ...
මේ... ඒක නෙවෙයි, ඔය ඉස්සරහින් තියෙන ප්ලේස් එක හොඳයි කෑමට. බියරුත් තියෙනව. සෙනඟත් නැති නිසා නිදහසේ ඉන්න පුළුවන්.”
“එහෙමද? එහෙනම් ඔයා කියන නිසා මල්ලි යන්නෙ ඈ... තැන්ක්ස් ඈ...”
පැත්තෙන් තිබ්බ පඩිපෙළ නැගල මම උඩ තට්ටුවට අඩිය තිබ්බ විතරයි. සේවක මිත්‍රයෙක් ලස්සන හිනාවක් එක්ක මගේ ළඟ.
“ටේක සිට් සර්”
“මේ... මල්ලි” ඇදල දැම්ම සිංහලෙන්ම. නැත්නම් ඒකටත් කියන්න එපැයි මම ලංකාවෙ කියල.
“මට ගේන්නකො ලාගර් එකකුයි… මොනවද ඔයාලගෙ හොඳ බයිට් තියෙන්නෙ?”
“සර්, ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකක් වගේ. එහෙම නැත්නම් කොත්තුත් තියෙනව”
“ම්... එහෙනම් ෆිෂ් ඇන්ඩ් චිප්ස් (රු. 590) එකකුයි, මික්ස් කොත්තුවකුයි (රු. 600) දෙකක්ම දාන්න”
හුදකලාවෙයි, අනිත්යතාවයෙයි දෙකේම වේදනාව යන්න, ගහනව අද කුදාර් වෙන්න!
එහා පැත්තෙ ‘ඇල්ල රොටි හට්’ එක. උඩතට්ටුවෙ සුද්දො පිරිලා. ඔක්කොම වගේ මේ පැත්ත බලාගෙන. ඇයි ඉතින් මම තනියමනෙ. කොහොමහරි ටික වෙලාවක් යද්දි චොප් හවුස් එකෙත් සුද්දො පිරුණා. හැබැයි එතකොට මම නෑ. කෙළින්ම, කට්වෙන්න ඔන්න මෙන්න.
මල්ලි ගෙනාපු ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක තමයි මගේ පළවෙනි බියර් එකහමාරටම සප් එක දුන්නෙ. ඇත්තටම මූණ බලල ගෙනාවද මන්දා, ලුණු ගම්මිරිස් එහෙම දාලා තියෙනව ලෙසටම. ඒ වගේම තමයි ටූනා, ඇඟිලි පුරුකක් සයිස් කෑලි 8-10ක් විතර හොඳ හැටි ගැඹුරු තෙලේ බැදල මාළු රසත් නූලට තියෙන්න... ෂැහ්! චිප්සක් දෙකක් එක්ක සෝස් පොඩ්ඩක් ගෑවිලා හැපෙද්දී... පංකාදු පහයි ඈ... ඊටත් බලන්න එපැයි ඒ අතරට ලූනු කෑල්ලකුත් හපල! බියර් එකට මාරම ගැම්මක් එන්නෙ.
හැබැයි කොත්තුව නම් මට එච්චර සෙට් වුණේ නෑ. මොකද ඒක අපේ ටයිප් එකට වැදිල නෑ. ටිකක් පොෂ්, සුද්දන්ට හදාපු කොත්තුවක්. රොටිත් පොඩියට කපල. එළවළු, බැදපු ඉස්සො, දැල්ලො, මාළු, චිකන්, පෝර්ක්, සොසේජස් සියල්ලත් එලෙසමයි. කොටින්ම කියතොත් කැරලි වෙන්න දාපු බිත්තරෙත් හීනියටම ආයෙ. ඒකත් අවුලක් නෑ, කොත්තුව තාච්චියෙ ගහල තියෙන්නෙ මස් හොදි නොදා කියන්නකො. ඉතින් තරමක් වේලිච්ච ගතියයි. ඔක්කොමත් හරි සැර? ඇත්තේ...ම නැති ගානයි. කමක් නෑ ඉතින්, මොකද එයාලා ටාගට් කරන්නෙ සුද්දොනෙ.
ඔය විදියට බීර කෑන් දෙකක් අහවර කරපු මම තව පොඩියකුත් බෑග් එකට දාගෙන සේවක මිත්‍රයට සමුදුන්නෙ ඉස්සරහටම මුණ ගැහුණ චෙෆ් මහත්තයත් එක්කත් ටිකක් කතාකරලමයි.
“දැන්නම් ටිකක් ෂේප් සර්. සුද්දො එනව”
...
Closed right now
Cuisine
Western Chinese Italian Sri Lankan Pub Food Sri Lankan Chinese
Price Range
Dish Types
Eggs BBQ Pasta Vegetarian Kottu Fried Rice Pork Chicken Tandoori Fried Chicken Fish Fish And Chips Cuttlefish Burgers Naan Coffee Fruit Juice Alcoholic Roti
Ratings Breakdown
Delete Comment
sparkles
cool
Wasana3435
Our team visited the place. Tasty food and happy stay! https://www.powercampaigner.com/ Team - Colombo