4/5

Fitness First Gym

42 1/1 Maitland Crescent, Colombo 7


Fitness First sits on top of the HSBC bank and the Reebok showroom opposite Avirate Cafe. Located in convenient Colombo 7, it’s a fitness spa with a gym, swimming pool, Jacuzzi and sauna


ෆිට්නස් ෆර්ස්ට් ජිම් එක පිහිටා තිබෙන්නේ එච්. එස්. බී. සී. බැංකුවට හා රීබොක් ෂෝ රූම් එකට උඩින් මහලේ, ඇවිරේට් කැෆේ එකට මුහුණලාය. කොළඹ හතේ පිහිටි මෙය ෆිට්නස් ස්පා එකක් සහිත ජිම් එකකි. මෙහි ජකුසිz එකක් සහ සෝනා එකක්ද ඇත.

ෆිට්නස් ෆර්ස්ට් ජිම් එක කොළඹදී ඔබට තරමක සාධාරණ මිලකට පිහිනුම් තටාකයකට හා ජිම් එකකට යන දෙකටම ඇතුළු විය හැකි ස්ථාන කිහිපයකින් එකකි. එය ඔබ ගෙවන මුදලට සාධාරණ අතර නිදහස් චතුරශ්‍රයට මීටර් 100ක පමණ දුරින් පිහිටීමද කදිමය.

මේ ජිම් එක කොළඹ බොහෝ ජිම්වලට වඩා (රෝයල් ජිම්, බොඩි බාර්, ලයිෆ්ස්ටයිල්) ඉඩකඩ සහිතය. මෙහි ඇත්තේ අමුතු බිම් සැලසුමකි. කාර්ඩියෝ සෙක්ෂන් එක (ට්‍රෙඩ්මිල්ස් සහ එක්සර්සයිස් බයික් සමගා එක දිගට පෝලිමට තබා ඇත්තේ මේට්ලන්ඩ් චන්ද්‍රවංකය පෙනෙන, දිගු ශාලාවක් වැනි තැනකය. බර ඉසුලුම් පුහුණුවන ප්‍රදේශය වඩාත් හොඳට සකසා තිබේ. උපකරණ හොඳ තත්වයේ පවතී. ඉඩකඩ සහිතය.

ජිම් එක ඇත්ත වශයෙන්ම හොඳය. පුද්ගලික සහායකයන් මිත්‍රශීලි වන අතරම එක පුද්ගලික සැසියකට අයකරන්නේ රුපියල් 1000කි. මේ ජිම් එකේ ඇති හොඳකම නම් එහි මිල දැරිය හැකි වීමයි. වාර්ෂික සාමාජිකත්වය රුපියල් 49,500 පමණ වේ. ඔබට පිහිනුම් තටාකයට සහ සෝනා එකටද පිවිසුම ඇතිනිසා මේ ගණන හොඳටම සාධාරණය.

ජිම් එක නිදහස් චතුරශ්‍රයට අල්ලපු වැටේ තිබීම කදිමය. ට්‍රෙඩ්මිල් එකේ දුවන එකෙන් ඔබ හෙම්බත් වූවේ නම් ඔබට ලෙහෙසියෙන්ම එළියට ගිහින් ජොගිං පාරක් දැමිය හැක. ප්‍රශ්නයකට ඇත්තේ සමහර වෙලාවට වාහනය නවතා තැබීමට ඉඩක් හොයා ගැනීම අපහසු වීමයි.

ඔබට තවමත් මෙතැන ගැන සැකයක් පවතීනම් විමසීම් කවුළුවෙන් එක් දිනකට පමණක් සාමාජිකත්වය ගෙන බලන්න. ඔවුන් රුපියල් 1,500ක් අය කර පුද්ගලික පුහුණුකරුවෙක්ද සැසියක් සඳහා ලබාදෙයි. ඒත් මම හිතන්නේ නෑ මේ මුදලට ඔබට පිහිනුම් තටාකයද පාවිච්චි කළ හැකියි කියා.

ඇඳුම් මාරුකරන කාමර එතරම් පිරිසිදු නැත. ඉරිදා දිනවල හවස 5ට වසා දමයි.

TIP

Not the cleanest changing rooms, closes at 5pm on Sundays.

Address

42 1/1 Maitland Crescent, Colombo 7

Contacts

Open 5.30 AM to 9.30 PM, Sunday - 6 AM to 5 PM

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3


Latest