Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Food House (Kotte)

38, Thalawathugoda Rd, Sri Jayawardenepura Kotte


Delicious rice and curry and kottu for affordable prices.



ඩයින් ඉන්වලට රෙස්ටොරන්ට් දැන් ඕපන් වුණාට තාම සෙනඟ අස්සෙ යන්න හිත හදාගන්න අමාරුයි. කෝකටත් කියල ඩිලිවරි ම දාගන්න එක ඇඟට ගුණයි කියල ඔන්න අදත් පික්මී ෆුඩ් එකෙන් අපි ඩිලිවරියක් ම දැම්මා. ඒ කෝට්ටේ ‘ෆුඩ් හවුස්’ එකෙන්.

මෙතන තියෙන්නෙ රයිස් ඇන්ඩ් කරි, යෙලෝ රයිස් ඇන්ඩ් කරි සහ කොත්තු. ෆිෂ්, චිකන් දෙකෙන් විතරයි. අපි ගෙන්නුවා චිකන් යෙලෝ රයිස් ඇන්ඩ් කරි එකයි (රු. 390), රෝස්ටඩ් චිකන් කොත්තුවයි (රු. 650).

තඩි රෝස්ටඩ් චිකන් පලුවක් මැද්දෙ බැබළි බැබළි තමා කොත්තුව ආවෙ. සෑහෙන ලොකු පෝෂන් එකක්. චිකන් පලුව එළියෙන් රන්වන් පාටට නියම ගාණට රෝස්ට් වෙලා. ඇතුළ සොෆ්ට්. කැරට්, ලීක්ස්, ගෝවා, බිත්තර හොඳට මික්ස් කරලා, ස්පයිසස් එක්ක රසට සැරට පදමට පිළියෙල වෙලා. සීසනිං තිතට ම. පොඩි කප් එකක එවල තිබුණ චිකන් හොදි පොඩ්ඩකුත් වැටුණාම කොත්තුව මාර රසයි! ආ, මේගොල්ලො දීල තිබ්බ චිලි පේස්ට් එකත් මරු. පැණි රසයි සැරයි එක වගේ ම තකට තක දැනෙනවා.

චිකන් යෙලෝ රයිස් ඇන්ඩ් කරි එක පියන අරින්නත් කලින් ම සුවඳේ බෑ. සුමුදුවට තැම්බුණ කහ බත එක්ක රහට හදපු ලොකු චිකන් කෑල්ලක්, හොඳට ස්පයිසි ගතිය තියන චිකන් හොදි, ලූනු එහෙම ගොඩක් දාල හදපු ළා පැණි රහකුත් එන රස බටු මෝජුවක්, අන්නාසි, තක්කාලි එහෙමත් එකතු කරපු කූල් පිපිඤ‍්ඤා සලාදයක්, හොඳහැටි කෑලි මිරිස්, කරපිංචා එහෙම දාල පිළියෙල කරපු අල තෙල් දැමුමක්, හින්දපු පරිප්පු සහ ෆ්‍රෙෂ් පපඩම් තමයි මේ බත් එකේ තිබුණෙ. නියම ශ්‍රී ලංකන් රයිස් ඇන්ඩ් කරි වේලක් කියල බය නැතුව කට ඇරලා කියන්න පුළුවන්.

අවසන් වශයෙන්

කෑම රසයි. ගෙවපු ගාණට පාඩුවකුත් නෑ. ප්‍රමාණයෙන් වගේ ම රසෙනුත් ඉහළයි. ඉතින් කියන්න වරදකුත් නෑ. උඩින් ම රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක්. 

Address

38, Thalawathugoda Rd, Sri Jayawardenepura Kotte

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 1000

Dish Types

Eggs Vegetarian Kottu Rice And Curry Chicken Fried Chicken Fish

Ratings Breakdown

Overall Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment