3/5

Gloria Jean's Coffees

No. 31, Horton Place, Colombo 7Colombo


(Reopened) Gloria Jean's has made a comeback despite the scandals surrounding their local franchises. They're at Horton Place now where the old Barista used to be, a few steps across the road from Coffee Bean right next to the W Lounge.


හෝර්ටන් ප්ලේස් එක පැත්තෙ කැෆේ ගොඩක් තියෙන පැත්තක් කියල තමයි සාමාන්‍යයෙන් ඔලුවට වැටෙන්නේ. Coffee Bean, Kumbuk, Gonuts, Gerard Mendis වගේ ඒවා ඊට හොඳ උදාහරණ. හුඟ කාලයක් තිස්සේ මේ සෙට් එකට එකතු වෙලා හිටපු කෙනෙක් තමයි Barista. ඒත් ටික කාලෙකට කලින් ඒ ශාඛාව වැහිලා ගියා. එතන හිස් වෙච්ච තැනට ආවේ අලුත් පරණ තැනක්: Gloria Jeans. Gloria Jeans එක ටිකක් ආන්දෝලනාත්මක වාතාවරණයක් අස්සේ යූනියන් පෙදෙසේ තිබුණ තැනින් පැනල දිව්වට, දැන් ආයිත් කොළඹට ඇවිල්ල තියෙනවා. බලමුද අලුත් තැනේ තත්වේ කොහොමද කියල.

තැන

කලින් Barista එක තිබුණ තැනමයි. මේට්ලන්ඩ් චන්ද්‍රවංකය හෝර්ටන් ප්ලේස් පාරට වැටෙන තැනම වගේ. Coffee Bean එකට එහා පැත්තෙම. මටනං හැබැයි ඇතුල ඇල්ලුවේ නැහැ. තිබිච්ච Barista එක මීට වඩා ලස්සනද කියල හිතුන. එච්චර දුකයි. සාමාන්‍යයෙන් කෝපි කැෆේ එකක් ටිකක් ඉන්න ආස තැනක් වෙන්න ඕනේ. එත් මෙතැන ඉන්න ගියාම මාර අමාරුයි. ඉඩ දෙකකට කඩල තියෙන්නෙ. එක පැත්තක් වීදුරු දොරවල් හින්ද ටිකක් ස්වාභාවික එළිය එනවා. එතන ලස්සන ලාම්පු වගයකුත් එල්ලලා හින්ද ටිකක් ඉන්න පුළුවන්.

ඒත් අනිත් පැත්ත නං කාඩ්බෝඩ් පෙට්ටියක ඇතුලේ දාල වැහුව වගේ. එතන තිබුණා ජනේලයක් වහලත් දාල කිසිම ස්වාභාවික එළියක් නැහැ. බිත්ති, මේස එකම ලීයෙන් හදල වගේ ඉතින් හැමදෙයක්ම කහම කහ පාටයි. ඇස්වලට හරි අමාරුයි. මේස පුටුත් හරි හයියයි. කොනේ දිග පුටුව නං ටිකක් හොඳයි ඒත් අනිත්වයෙ නං හුඟ වෙලාවක් වාඩිවෙලා ඉන්න අමාරුයි.

බීම

කෝපි කඩේ හින්ද ඉතින් කෝපිත් බොන්න එපැයි. අපි ඉස්සෙල්ලම Macchiato එකක් ගත්ත (රු 420) මේක වෙන්න ඕනේ හුඟක් සාන්ද්‍ර පොඩි කෝපි කෝප්පයක්. ඒ වුනාට මේකෙන් බාගයක් ආවේ පෙණ. පෙණ ටිකට යටින් කෝපි තිබුණා කියලවත් කියන්න බැහැ. පිච්චුන කෝපි වතුර තමයි අඩියේ තිබුනේ.

ඊළඟට බීල බැලුවේ Creme Brulee Chiller (රු. 660) මේක හොඳයි හැබැයි කිසිම Creme Brulee ගතියක් නැහැ. හොඳට කැරමල් දාල නං තිබුණා. තව පොඩ්ඩක් ගාන අඩුවුණා නං වැඩිය වටිනවා.

Irish Nut Creme (රු. 680) එක තමයි නැගලම ගියේ. මේකේ රසටත් වැඩිය සුවඳ තමයි සිරා. හේසල්නට් සුවඳක් ගාණට එන මේ කෝපි එක ළඟට ගත්තමත් නිකං දෙසැම්බර් මාසේ සීතල නිවාඩු වෙලාවක බොන්න ගත්තු දෙයක් වගේ. මාර රසයි, මාර සනීපයි මේක බොනකොට.

කෑම

තන්දුරි චිකන් සැන්ඩ්විච් (රු. 690) හොඳ වෙන්න තිබුණා ඒත් මොකක්හරි අවුල් ගතියක් තිබුණා. සැන්ඩ්විච් එකේ අමුද්‍රව්‍ය ඔක්කොම හොඳ වුනාට ඔක්කොම එකතු කරල ගත්තම නං හොඳටම තිබුනේ නැහැ. තන්දුරි චිකන් පිරවුම රසයි, මෙලෙකයි. ඒත් පොඩ්ඩයි තිබුනේ. තිබුනේ පොඩ්ඩ හින්ද චබාටා පාන් එක හොඳට තිබුණට පෙත්තේ ගණකම වැඩියි. ටිකක් පිරෙන්නවත් තක්කාලි, සලාද කොළ වගේ තව දැම්මනං හොඳයි. ඉතින් ගානේ හැටියට ටිකක් මදි මදි වගේ.

ඩබල් චොක්ලට් චීස්කේක් (රු 650) එක ටිකක් අමුතුයි කියන්න. චොක්ලට් චීස්කේක් එකක තියෙන්න ඕනේ ඔක්කොම තිබුණා ඒ වුනාට හරිම ඝනකම් කේක් එකක්. මේක ගෑරුප්පුවකින් කෑලි කරන්නත් බැරි සයිස්. කිසිම සැහැල්ලුවක් නැහැ.

ලෙමන් මෙරෑන් පයි (රු.550) එකත් අපි රස බැලුව. මේකේ ලෙමන් ඇඹුල හොඳට තියෙනවා ඒත් ඒක සමබර වෙන්න පැණිරස මදි. ඉතින් කාගෙන ගියාම එපා වෙනවා.

අවසාන වශයෙන්

වෙන්න යන්න තැනක් නැත්තං ඉතින් මේ පැත්තෙ ගියාට කමක් නැහැ. හැබැයි ඉතින් තව යන්න වෙන තැන් ඒ වටේ ගොඩක් තියෙනවා. පොඩ්ඩක් තැන හදලවත් ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ. ඒ වුනාට කෑම නං ඔය කොයි කෝපි කඩෙත් තියෙන ජාතියේ කෑම තමයි.


TIP

Try the Irish Nut Creme. Also cakes are good for sharing.

Address

No. 31, Horton Place, Colombo 7Colombo

Directions

It's at Horton Place across the road from Coffee Bean, next to the W Lounge where the old Barista used to be.

Contacts

Facebook Website E-Mail

This place has closed down

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Burgers Coffee Iced Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3


Latest