Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

5/5

Gloriance Sky Lounge

419/2 Bellanwila, Boralesgamuwa


Chill with beer, taste some amazing Sri Lankan Chinese food at 360 view rooftop bar in an evening.. with the Sunset.



ලොවම එපා වී

ලොවම කලකරී..

ඉන්න වෙලාවක යාළු...

වැහි අඳුරයි, කළු වළා පිරිච්ච අහසයි, දෝංකාර දිදී, කුණාටු හුලඟින් මගේ පුංචි ගේ පොඩ්ඩ වටලද්දි,

“ෂැහ්, මොනවහරි තිබ්බ නම්” කියලමයි හිතුනෙ. ඒත් ඉතින් උදේ පාන්දරම ගසන්නත් බෑනෙ. ඒ නිසා..

‘කොහොම කොහොම හරි වැඩ ටිකක් කරලා හැන්දැ වෙද්දි අල්ලනව අද හොඳ අඩව්වක්’

කියලා හිතට ගත්ත මම, වැඩ කරන අතරටත් හෙව්වෙ හැන්දෑවට බීර වීදුරුවක් එක්ක හඳේ හාවෙක් අල්ලන්න, නිවිහැනහිල්ලෙ වාඩියක් දාගෙන සෙට් වෙන්න කියාපු ප්ලේස් එකක්.

‘අළුත් තැනක් හොයාගත්ත නම් මරු. හැමදාම දන්න කියන, වටපිටේ තැන් ටිකටම ගිහිල්ලා දැන් මෙලෝ රහක් නැතිවෙලා තියෙන්නෙ’

ඒකමයි මම බැලුවෙ, අන්තර්ජාලය පිරික්සලා.. කොහෙද පොඩි ඇලක්, දොලක්, වැවක් අයිනෙ සෙට්වෙන්න ප්ලේස් එකක් තියෙන්නෙ කියලා. එහෙම බලද්දී.. ලිස්ට් එකට ආවා 2, 3ක්. හැබැයි සනික හිත ගියේ නම් බෙල්ලන්විල කිට්ටුව තිබ්බ රූෆ්ටොප් ප්ලේස් එකකට.

‘ග්ලොරිඅන්ස් ස්කයි’. බැලූ බැල්මටම විව් එකක් තියෙන පාටයි අංශක 360ම!

පස්සෙ තව ටිකක් හොයලා බැලුවා. හොයලා බලලා.. කෝල් එකකුත් ගත්තා.

“සර්.. අපි ඇල්කොහොල් සර්ව් කරන්නෙ නම් නෑ. සර්ට පිටින් ගෙනැල්ලා යූස් කරන්න පුලුවන්, අපේ කොකේජ් ෆ්‍රී”

ආයෙ මොනවද ඉතින් එතනින් එහාට. තැන කන්ෆර්ම්. මම වැඩ ටික අහවරයක් කලා 4, 5 වෙද්දි. රුං.. ගාලා ඇද්දෙ පික්මියක් දාගෙන අදාළ ස්ථානයට. යන ගමනෙ බීර කෑන් 2,3 කුත් අරගෙන යන්න අමතක කලේ නෑ. ඊටත් ඒ අතරෙ ආපු කෝල් එක?
“ඒහ්.. මං හිතුවෙ උඹ තාම වැඩ ඇති කියලා. ඇයි ඉතින් උදේ ගත්තාමත් කිව්වෙ අද නං හැරෙන්නවත් බැරි වෙයි කියල. අවුලක් නෑ, අවුලක් නෑ. මාත් තාම යන ගමන්. ලොකේෂන් දාන්නං. බියර් ටිකක් අරගෙන වර ඔහොම්මම”

හොඳම යාළුවෙක්!

කොහොම හරී.. තැනට ගිහිල්ලා ඔන්න ලිෆ්ට් එකෙන් 4වෙනි තට්ටුවට.. ගොඩවුනත් හරි,

“ෂෑහ්.. මාර පොට් එකක්නෙ යකෝ මේක” මටම කියවුනා.

අනික හොඳම දේ කියන්නෙ කවුරුත්ම නෑ රෙස්ටුරන්ට් එකේ. ෆුල් නිදහසේ ගැලපෙන්න පුලුවන්. එයාලගෙ වීඅයිපී. එකේ නම් 4 දෙනෙක් විතර හිටියා. ඒත් මගේ චොයිස් එක රූෆ්ටොප් එකෙත් රූෆ්ටොප් එකේ මුල්ලනෙ. ආහ්.. කියන්න අමතක වුනානෙ. මේක අයිතිකරු මම හිතන්නෙ ක්‍රිකට් පිස්සෙක්. එයා රෙස්ටුරන්ට් එකේ ස්ක්‍රීන් එකක් පවා දාලා, ‘ෆුල් ඩේ ක්‍රිකට් බ්‍රෝඩ් කාස්ටින්ග්’. 

ගිහිල්ලා කරලා ඉතින් මම මුලින්ම වාඩිවුනේ ඔ්පන් කිචන් එක ලඟින්. වාඩිවුන අනික් පැත්තට සේවක මිත්‍රයාත් මෙනුවත් අරගෙන එතන.

“ගුඩ් ඊව්නින්ග් සර්. ම්.. සර් වෙන්න ඔ්න කෝල් කලේ, බියර් ගේන්නද අහලා..?”

“ආ ඔව් ඔව්. මම තමයි. මගේ තව යාළුවෙකුත් එනවා කිව්වා ටිකකින්. ඒක නෙවෙයි අපිට බැරිද අතන උඩ සෙට් වෙන්න?”

“ආ.. පුලුවන් සර්. අපේ වැඩ නම් තවම ඉවර නෑ. හැබැයි සර්ලා දෙන්නයිනෙ. ටේබල් එකක් දාලා ඇරේන්ජ් කරලා දෙන්නම්”

“නියමයි! එහෙනම් ඔ්ඩර් එක දාන්න.. මුලින්ම පෝර්ක් කොත්තුවයි (රු. 1100), චිකන් ඩෙවිල් එකයි (රු. 850). ඊට පස්සෙ අනිත් එක්කෙනා ආවාම එවන්න මික්ස් රයිස් එකයි (රු. 1000), හොට්බටර් කට්ල්ෆිෂ් එකයි (රු. 900)”

“ඔ්කේ.. සර්. විනාඩි 5න් උඩට එන්නකො. මම ඒකත් ඇරේන්ජ් කරන්නම්”

හොඳ වෙලාවෙත් හොඳම වෙලාවට තැන් ගැලපුනාම ඔහොම තමයි. එයාලගෙ තියෙනවා යාළු රූෆ් ටොපේ එකෙනුත් ගොඩ වෙන්න පොඩි පඩිපෙලක් දාපු තව ප්ලේස් එකක්. 8 දෙනෙක්ට වගේ තමයි ඉන්න පුලුවන්. කිව්වට විශ්වාස කරන්න එතන විව් එක.. එක පැත්තකින් අත්තිඩිය තෙත් බිම්, අනික් පැති සියල්ලේම ‘සිටි විව්’ එක වුනාට හැබැයි ඉර බැහැගෙන යනකොට උස බිල්ඩින් අතරින්..

පළවෙනි බියර් එක මම තනියම චියර්ස්! ඊට පස්සෙ රස බලන්න ගත්තෙ පෝර්ක් කොත්තුව. කටක්.. දෙකක්.. තුනක්..

නැවතිල්ලක් නෑ.. චිලිපේස්ට් ටිකකුත් ගලපගෙන රස බලද්දී, බයිට් එකටද ගත්තෙ ඩයට් එකටද ගත්තෙ කියලත් අමතකයි. පොඩි පොඩි ෆ්‍රයිඩ් පෝර්ක් කෑලි තොගයක් එක්ක.. වොක් කොත්තුව වුනාට ඇති පදමට බිත්තර දාලා කැරට් ලීක්ස් ටිකත් මදි නොකියන්න. අනික සැර එහෙමත්.. මිරිස්, ගම්මිරිස් දෙකෙන්ම පදම අරගෙන ටොප් එකට!

ඒ විතරක් නෙවෙයි, චිකන් ඩෙවිල් එකත්නෙ.. පංකාදු පහයි කියන්න, තඩි චිකන් කෑලි 8, 10ක්. විශේෂත්වය කියන්නෙ අනිත් ගොඩක් රෙස්ටුරන්ට්වල වගේ නෙවෙයි මෙයාලගෙ ඩෙවිල් එක හොඳට කන්න පුලුවන්. මොකද සෝස් දාලා තියෙන්නෙ මාරම ගානකට. වැඩිත් නෑ, අඩුත් නෑ. ඒ අතරට මාළු මිරිස්, තක්කාලි එහෙමත් දාලා, මරු ආ..

ම්.. ඔය අතරට යාළුවත් ආවට පස්සෙ මේසෙට ආපු මික්ස් රයිස් එක? කීරි සම්බා හාලෙ බත යාළු. හැබැයි ඇට වෙන්වෙන පදමට, තෙල් ටිකත් ගානට කරවෙලා, බිත්තරයයි, කැරට්, ලීක්ස් අඩුම කුඩුමයි.. ඩීප් ෆ්‍රයි කරපු පෝර්ක්, චිකන්, මාළු පොඩි පොඩි කෑලි තොගයයි.. නොම්මර එකයි ඉතින්! ඒකෙත් රස ඩබල් වෙන්න නම් හැබැයි චිලිපේස්ට් ටිකක් එකතුවට ගන්න ඔ්න, හ්ම්..

කොහොමහරි බයිට් එකට ලෙසටම ගියේ හොට් බටර් කට්ල්ෆිෂ් එක. කට්ල්ෆිෂ් කිව්වට ඒවා කැලමාරි, තඩි කෑලි. හොඳහැටි රස තියෙන බැටර් එකක දවටලා, ක්‍රන්චි ගතියෙන් අනූන වෙන්න ඩීප් ෆ්‍රයි කරලා.. ලීක්ස්, කෑලි මිරිස්, මෙල්ටඩ් බටර් එක්ක වොක් ෆ්‍රයි කරලා..

හිතාගන්න පුලුවන්නෙ නේ! 

හැබැයී.. හිතා ගන්න බැරි, බීර කෑන් 6ක් හිස් කරලා රෑ 12 විතර වෙනකම් හඳ දිහා බලාගෙන එතන අපි මොකක්ද කලේ කියලා.

සත්තයි, සෙට් වෙනව නම් යාළු..

අන්න.. ස්ථාන!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment