Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

5/5

Gourmet CBP

78/5 Wickramasinghapura Road,Battaramulla


Gourmet CBP specializes in rich and decadent variations of the classic chocolate biscuit pudding.



සංචරණ සීමා පැනවුවත් හරි එළියට පහලියට බැහැපු කාලයක් මතක නෑ, කටට රහට කෑමක් කාපු කාලයක් මතක නෑ..

අනේ ඉතින් එහෙමයි කියලා, මෙහෙම ඉන්න පුලුවනෑ.. නේ?

ඒ නිසාමයි ඊයෙ.. රෑ කෑමට පොඩි ඔ්ඩරයක් දාන්න කියලා කල්පනා කලේ. කල්පනා කරලා ඉතින් ඇප් එක පැත්තෙ ගිහින් බැලුවා.. ඒත් හරියන ප්ලේස් එකක් සෙට්වුනේ නෑනෙ. 

අන්න ඒකට.. ගැලපුනා ටොප් ඩෙසට් ප්ලේස් එකක්.

“අවුලක් නැහ්, රයිස් එකක් ගෙදර හදාගෙන කාලා දානවා හොඳ ඩෙසට් පාරක්”

කියලා දැම්මා ඔ්ඩරේ ‘චොක්ලට් බිස්කට් පුඩිං’

ඒකත් එසේ මෙසේ නෙවෙයි, නොම්මර එකේ චොක්ලට් වලින් හදාපු.. නටෙලා සිල්ක් (රු. 430), මයිලෝ ක්‍රන්ච් (රු. 380), මොකා ක්‍රීම් (රු. 380), බ්‍රවුනි බයිට්ස් (රු. 410).

දාලා.. පැය බාගෙට වගේ රයිස් එකකුත් ගැහුවා. ගහලා කන අතරෙ මෙන්න ඩෙසට් එක ගේට්ටුව ලඟ.

ආයෙ එක පිම්මට.. අඩියයි දෙකයි, ලස්සන පැක් එකට නම් හිතම ගියයි!

ඇවිල්ලා කරලා ඉතින් ඇතුලෙ තිබ්බ පොඩි වීදුරු බෝතල් ටික අරගෙන ඉස්සෙල්ලාම දැම්ම ෆ්‍රිජ් එකට. දාලා රයිස් එකත් ඇති හැටියට ගිලලා..

ගත්තා භාණ්ඩ ටික එලියට. අරගෙන මූඩි ගලවලා ආසාවට පොටෝ පාරකුත් ගහලා..

‍ඇරඹුම ගත්තෙ චොක්ලට් බිස්කට් නටෙලා පුඩිං එකෙන්!

ආයෙ.. ගත්තා ගත්තාම තමයි ඈ. එක පෙලට කටවල් 2, 3ක්. ඊටත් කන එක නතර වුනේ තව තියෙනව නේද බොලේ කියලා මතක් වෙලා.. 

වැඩක් නෑ යාළු කියලා, රස… මල් හතයි ඈ. සුපිරිම චොක්ලට් එකක් පාවිච්චි කරලා හදලා තියෙන්නෙ. ඊටත් ඒකට නටෙලා මික්ස් කරලා පදමටම රස තියෙන්න, මාරි බිස්කට් තට්ටු මැද්දට හොඳ ඝනකමට ලේයර්ස් දාලා, උඩටත් ඒ වගේම තට්ටුවක් දාලා නිසා.. කන කන කටක් ගානෙ..

නිකම් පිස්සු වගේ.

වැඩේ වුනේ ඊට දෙවනි නැති චොක්ලට් බිස්කට් මයිලෝ පුඩිං එකනෙ. හප්පේ.. අර නෝමල් එකේ වගේම චොක්ලට් ලේයර්ස්, හැබැයි ඒ චොක්ලට් වලට ගාණටම වගේ මයිලෝ මික්ස් කරලා. හැරත් උඩින්ම පොඩීයට කපපු, බැදපු කජු ලේයර් එකකුත්..

පිස්සු හැදෙයි සඳ බැබලෙයි ඒකට නම්.

ම්.. ඔය අතරෙ මම නිකමට කෑවා චොක්ලට් බිස්කට් මොකා පුඩිං එකත්.

යම්.. ටොප් කෝපි රහ හොඳේ.. හැබැයි ඒකට ඩාර්ක් චොක්ලට් ලේයර්ස් වලින් ගැලපුනා නම් තමයි නියමෙටම සෙට්වෙන්නෙ මගෙ හිතේ. මොකද අර මොකා කෝපි රසත් එක්ක කිරි පැත්තට බර චොක්ලට් සෙට් වුනාම නිකම් කිරි කෝපි ගතියක් වගේනෙ එන්නෙ.

කොයි එක කොහොම වුනත්.. චොක්ලට් බිස්කට් බ්‍රවුනි පුඩිං!

අන්න ඒකට නම් ටිකක් ඩාර්ක් පැත්තට බර චොක්ලට් එකක් පාවිච්චි කරලා තියෙනවා. මාරි, චොකෝ ලේයර්ස් මැදින්.. උඩින්ම දාපු පුංචි බ්‍රවුනි කෑල්ලක් එක්ක කටක් හැපෙද්දී..

හැබැයි එක දෙයක් කියන්නත් ඔ්න. ඒ බ්‍රවුනි නම් ෆ්‍රෙෂ්ම නෑ.. බාග වෙලාවට උදේ හරි කලින් දා හරි හදපුවා වගේ ටිකක් හයිය එක්ක.. රසත්!

හ්ම්...


TIP

Order the Original CBP

Address

78/5 Wickramasinghapura Road,Battaramulla

Contacts

Facebook

Report Inaccuracy

Similar Places

User Reviews
Avatar for Malinthe
21

5/5

0

Malinthe

I'm not usually a fan of chocolate biscuit pudding but these really changed my mind. Delicious.

Avatar for Malinthe
21

5/5

0

Malinthe

I'm not usually a fan of chocolate biscuit pudding but these really changed my mind. Delicious.

See 2 Comments