53A, Allen Avenue, Dehiwala
Closed right now
Located down Allan Avenue, Dehiwala, Habibiz Sri Lanka is a fairly new multi cuisine restaurant that's buzzing with customers.
හබීබිස් ශ්රී ලංකා කියන්නේ දෙහිවල පැත්තට මේ මෑතක දී ආව අලුත් රෙස්ටෝරන්ට් එකක්. ශ්රී ලංකන් කෑම විතරක් නෙවෙයි, ඉන්දියන්, චයිනීස්, ඉටෑලියන්, ඇරබික් කෑම වර්ගත් මේ කට්ටිය හදනවා. ඉතින් මේ හැම කෑමක් ම එක වගේ රසයිද? අපි පොඩ්ඩක් හොයලා බලමු.
මේක තියෙන්නේ දෙහිවල නවලංකා සුපර් මාකට් එක ඉස්සරහ පැත්තේ. හරියට ම කිව්වොත් අර බර්ගර්ස් හට් එකේ උඩ තට්ටුවේ. මෙතැන සෑහෙන්න ඉඩකඩක් තියෙනවා. කොටින් ම කිව්වොත්, අඩුම තරමේ එක සැරේ 30දෙනෙක්ටවත් ඉඳගෙන කෑම ගන්න ඇහැකි. අපි ගිය වෙලාවේ නම් රෙස්ටෝරන්ට් එකේ සෙනඟ හොඳටෝ ම පිරිලා. ඒක නිසා හරි කචබචේ. අනික රෙස්ටෝරන්ට් එක ඇතුළ හරි ම දෝංකාර ගතියයි. එතකොට ඉතින් සද්දේ අඩුවෙන් කතා කළත් ඇහෙන්නේ මහ සද්දෙන්. හැබැයි ටිකක් වෙලා යද්දී ඒ සද්දෙට ශේප් එකේ අපි පුරුදු වුණා.
කිව්වත් වගේ මේක මල්ටි ක්විසින් රෙස්ටෝරන්ට් එකක්. ඒ නිසා කෑම බීම තොගයක් ම තියෙනවා තෝරාගන්න. ඔය අතරින් අපි කෑමට ගත්තේ “හයිද්රාබාදි චිකන් බිරියානි” (රු.380), “මොන්ගෝලියන් සීෆුඩ් රයිස්” (රු.440), සහ “චාර්කෝල් චිකන් කොත්තු” (රු.410) එකක්. බීම මෙනුවෙන් “අයිස්ඩ් මයිලෝ” (රු.130), “ස්වීට් ලැසී” (රු.160) සහ “ලයිම් ජූස්” (රු.130) එකක් ඕඩර් කළා.
බිරියානි එක හොඳට ම තිබුණා. දිගැටි බාස්මති ඇට තියෙන මේ බතේ සීසනින් එක නියම ගානට නිසා රස පදම මරු. අනික සුවඳත් නියමයි. ඒ විතරක්යැ තඩි ම තඩි චිකන් කෑලි දෙකක් මේ බතේ ගිලිලා තිබුණා. ඒවත් ඕනේ කරන අඩුම කුඩුම සේරම දාලා නිසා හොඳ රසයි. මේකත් එක්ක මිංචි කොළ සම්බෝලෙකුයි, රයිතා එකකුයි, ස්පයිසි හොද්දකුයිත් ආවා.
මොන්ගෝලියන් සීෆුඩ් රයිස් එක ටිකක් තැම්බිලා වැඩියි. අනික තෙල් ගතියයි, ලුණු රසයි දෙක ම වැඩියි. කැරට්, ලූණු කොළ සහ මාළු මිරිස් නම් යහමින් එක්කාසු කරලා තිබුණා. ඒත් සීෆුඩ් ප්රමාණය හොඳට ම මදි. ඉස්සෝ, දැල්ලෝ සහ මාළු කෑලි කීපයක් විතරයි තිබුණේ.
චාර්කෝල් චිකන් කොත්තු එකේ චිකන් එක බොහොම රසයි. හොඳ ස්මෝක් කරපු රසක් තිබුණා. අනික අර පිට පැත්තේ තියෙන අඟුරු කෑලි එක්ක එකතු වෙලා එනකොට තවත් මරු. හැබැයි කොත්තුවේ සීසනින් එක හොඳටෝ ම වැඩියි. කොටින්ම කිව්වොත් බෙහෙත් රසයි. එළවලු තව පොඩ්ඩක් එකතු කරලා, සීසනින් එක අඩු කළා නම් මේක මීට වඩා හොඳ වෙන්න තිබුණා කියලයි අපේ අදහස.
නාන් කන්න ආසාවට කියලා බීෆ් මසාලා (රු.390) එකක් ගන්න හදනකොට තමයි අපි දැනගත්තේ නාන් හදන්නේ හවස 4න් පස්සේ කියලා. ඔන්න ඔහේ කමක් නෑ, බතත් එක්ක හරි කන්න බැරියැ කියලා හිතාගෙන අපි බීෆ් මසාලා එකත් ඕඩර් කළා. අනේ එකේ හොද්ද මේ ලෝකේ රසක් නැහැ. මිරිස්, ගම්මිරිස් දාලා තියෙනවා කියලා නම් තේරෙනවා. ඒ වුණාට එකක්වත් බැලන්ස් වෙන්න දාලා නෙවෙයි. අනික පොඩි බීෆ් කෑලි දෙකක් වගේ තමයි මේකේ තිබුණේ. ඒවා නම් මොනවා වුණත් හොඳට උයපු ගතියට රසට තිබුණා.
ඩෙසර්ට් එකට ගත්ත වටලප්පන් (රු.200) එක තනිකරම සීනි ගොඩක්. කිතුල් හකුරු තියා, අඩු තරමේ එනසාල් රසක්වත් තේරුණේ නැහැ.
බීමට ගත්ත ඒවායින් අපි ගොඩක් ම ආසාවෙන් බිව්වේ ලයිම් ජූස් එකයි, ස්වීට් ලැසී එකයි. ලයිම් ජූස් එකේ ඇඹුල් රසයි, සීනි රසයි හොඳ බැලන්ස් එකට තිබුණා. අනික වතුර ගතියක් ඇත්තෙත් නැහැ.
ස්වීට් ලැසී එක මාර රිෆ්රෙෂින්. කිරි රස හොඳට ම තිබුණත් එක්ක. අනික මාර උකුයි. තිබහට විතරක් නෙවෙයි බඩගින්න යවාගන්නත් නියමයි.
අයිස්ඩ් මයිලෝ එක නම් සෑහෙන්න අවුල්. මයිලෝ රස ආවේ ලාවට. අනික කිරියි වතුරයි අතරේ බැලන්ස් එකත් ගානට නැහැ.
හබීබිස් එකේ සර්විස් එක හොඳට ම හොඳයි. වැඩට ඉන්න අයට මෙනුවේ කෑම බීම ගැන හොඳ අවබෝධයක් තියෙන හැඩයි. අනික කට්ටිය කඩියෝ වගේ වැඩ. අපේ කෑම ටික මේසෙට ආවේ විනාඩි 10-15කින් වගේ.
දෙහිවල පැත්තෙන් යන වෙලාවක අතේ තියෙන ගාණට හොඳ කෑමක් කන්න හිතුණොත්, හබීබීස් ශ්රී ලංකා කියන්නේ ඒකට හරි යන තැනක්. නිකමට හරි මේ පැත්තෙන් ගියොත්, එයාලගේ බිරියානි එක කාලා බලන්න අමතක කරන්න එපා හොඳද.