4/5

Harpo's Pizza

178/A Stanley Tillakaratne Mw, Nugegoda


Harpo's has a new stand-alone pizza parlor in Nugegoda. Almost by default it's one of the nicer places in that town now, and it makes for faster delivery to the suburbs - from Kotte to Battaramulla.


“බොරු කියන්නෙපා ඉතින්. කොහුවල ඉඳන් නුගේගොඩට එන්න පැය බාගයක් යන්නෙ නෑනෙ.

වෙන කොහේ හරි ඉඳල මෙතන… එනව දැන්!”

මට හොඳටම කේන්ති ගිහින් තිබ්බෙ යාළු. අර හොඳම පිට් එක නිසා මුකුත් කියන්න බැරි කමට හිටියා මිසක්, නැත්නම්…

“හරි හරි දැන් ඔතනට වෙලා ඉඳල හරියන්නෑනෙ. මම ඕඩරේ දාලත් විනාඩි 10ක් විතර වෙනව. සනික වීල් එකක් අරගෙන එන්න ජුබිලිකණුව පාරෙ හාපෝස් පීසා එකට. හරි!”

බොරුවක් දෙකක් ගැහුවෙ නැත්නම් ආයෙත් ගාට ගාට එන නිසයි එහෙම කිව්වෙ. ඒත් ඇත්ත තත්ත්වෙ නම්... මමත් එවෙලෙ කියන්නකො කඩේට ගොඩ වුණේ. වෙලාවට වැඩි සෙනඟක් හිටියෙ නෑ. අනික වාඩිවෙච්ච ගමන්ම වගේ සේවක මිත්‍රයෙක් ඇවිල්ල මෙනුවක් එහෙමත් දීලා ගියා. මමත් ඉතින් දන්නැද්ද වෙලාව කන්න ඕන නිසා මුලු මෙනුව ම වගේ බලල තමයි ඕඩරේ දැම්මෙ.

දෙන්නම හොඳ මාංශ භක්ෂකයො නිසා මම මුලින්ම ඕඩර් කළේ මරිනාරා බාගයයි මාකො පෝලෝ බාගයයි (රු. 1925). හැබැයි ආයෙත් කල්පනා කරල චීස් ටිකක් වැඩිපුර කන්න ආසාවෙන් මෙඩිටර්නියන් බාගයයි, බෆලෝ කැප්රිස් බාගයකුයිත් (රු. 1725) ඕඩර් කළා. ඒ එක්කම හෝම් මේඩ් ජින්ජර් බියර් එකකුත් (රු. 350) ඕඩර් කළේ පීසාවලට ම සෙට් වෙයි කියල හිතල. නැතත් ඉතින් තිබහටවත් හොඳයිනෙ.

කොහොම හරි ඕඩරේ දාලා විනාඩි 5ක් විතර යද්දි ඔන්න යාළුවත් ආවා. ඇවිල්ලා… අපි බර කතාවක. මොකද, සෙට් වුණේ හෙන කාලෙකින්නෙ.

ඒ විදියට විනාඩි 10ක් 12ක් යද්දී මෙන්න බොලේ දුම් දදා එනව! බැලින්නම් මාකොපෝලො එක. සප්පේ… මට නිකම් පිස්සු වගේ. ඇයි අප්පේ මුලින් ම, රසම එක ආවාම නේ…

හෙවිල්ලක් බැලිල්ලක් නෑ ගත්ත ගමන් මම දාගත්ත පීසා කෑලි දෙකක් මගේ පිඟානට. දාගෙන පෙපර් සෝස් ටිකකුත් හොඳ හැටි හලා ගත්ත. ඊට පස්සෙ ඉතින්… හුරේ කියල වැඩේ!

කිව්වට විශ්වාස කරන්න යාළු පංකාදු පීසා කෑල්ල. මාකොපෝලෝ කෑල්ලෙ හොඳ හැටි හැම්, සොසේජස් දාලා. හැබැයි චිකන්, බීෆ් නම් ටිකක් මදි වගේ. අනික චීසුත් තව ටිකක් වැටුන නම් තමයි හොඳ. මොකද මස් ජාතිත් සියල්ලම වගේ ලුණු ඇඹුල් ගම්මිරිස්වල පදම් කරල, තම්බල විතරයිනෙ අරන් තිබුණෙ. එ් නිසා අර අපිට පුරුදු රස හදාගන්න අඩුම තරමෙ සෝස් තොගයක්වත් දා ගන්න වෙනව.

කොහොම වුණත් මරිනාරා බාගෙ නම් ඒ වගේ නෑ. මොකද ෆුල් ෆ්‍රෙෂ් ඉස්සො දැල්ලො මාළු ටිකක් තමයි එකතු කරල තිබ්බෙ. ඒවත් තම්බල නම් විතරයි. ඒත් රස හොඳයි. වැඩේ කියන්නෙ මට අමතක වුණානෙ ඒකට වැඩිපුර චීස් එකතු කරන්න කියන්න. එහෙම වුණා නම් තලු මර මර වැඩේ දෙන්න තිබ්බ.

ආ… ඒකෙත් එකක්! සියලු සීෆුඩ්වලින් ළා අමු රසක්, අපි කියන්නෙ ‘පිලි’ කියල, අන්න ඒකක් තිබ්බ. හැබැයි ඉතින් ඒව එන්නෙ එහෙමද කියල දන්නැති නිසා අපිත් ඔන්න ඔහෙ කෑවා ඉතින්.

ඒකට බලන්න එපැයි මෙඩිටර්නියන් බාගෙ. කියල වැඩක් නෑ ආ…එළවළු පැලෙන්න. තක්කාලි, බෙල් පෙපර්, ඔලිව්, සුකිනි ඇතුළු තව එළවළු වර්ග තොගයක්. ඒ විතරක් නම් බැරියැ, චීස්… ඒවත් තියෙනව හොඳ හැටියට. කොටින්ම වෙජි කෙනෙක්ට නම් කියාපුම පීසා එක. හැබැයි ඉතින් නොකිය බැරි හින්ද කියන්නෙ, චීස් තියෙනව කිව්වට… තව ටිකක් ඉල්ලල වැඩිපුර දාගත්ත නම් තමයි හොඳ. මොකද එළවළු විතරක් නිසා කද්දි නිකම් මොකක්ද මොකක්ද වගේ හිතෙන්නත් පුලුවන්.

බෆලෝ කැප්රිස් එකත් නරකම නෑ. ඒකෙ ඉතින් තියෙන්නෙ මී කිරියි, තක්කාලියි, බැසිල් කොළයිනෙ. වැඩේ කියන්නෙ අනිත් පීසත් එක්ක බලද්දි, බාග වෙලාවට ඒක හොඳයි කියලත් හිතෙන්න පුලුවන්. මොකද ලංකාවෙ අපි ටිකක් මීකිරිවලට ආස ගතියක් තියෙනවනෙ.

තලු මරමර පීසා කෑවට මොකද, ඒකට ජින්ජර් බියර් එකත් ලොකු සපෝට් එකක් දුන්න. ඇත්තටම ඒ ජින්ජර් බියර් එක නම් පංකාදු පහයි. ගෑස් ගතිය සෑහෙන්න අඩු වෙන්න ලුණු ඇඹුල් වගේ ම ඉඟුරු රසත් ගාණට තියෙන්න හදල තිබ්බෙ. අනික ඒකෙ පැණිරසයි කූල් ගතියයිත් හොඳ හැටි තිබ්බ නිසා මස්, චීස් රස එක්ක නියමෙට කැපෙනව.

බඩ පැලෙන්න පීසා කාලා ඉතින්... ඩෙසට් එකක් නොකා යන්න හිතට හරි මදි වගේනෙ. ඒ නිසා යාළුවයි මායි දෙන්නම කතාවෙලා එක ලාවා කේක් එකක් (රු. 510) ඕඩර් කළා.

ඒත් කොහෙද ඉතින් දුම් ද දා මේසෙට ආවට බෑනෙ ඒක එක පාර කන්න; කට පිච්චිලා මැරෙන්නෙ. කරන්න දෙයක් නැති තැන විනාඩි 2, 3ක් නිවෙන්න තියලයි අපි වැඩේ පටන් ගත්තෙ.

කිව්වට විශ්වාස කරන්න යාළු සුපිරිම චොක්ලට් ඈ… මෙළෙක් වෙලා නිසා ඩෙසට් එකටත් කියාපු. අනික, වෙන තැන්වල ලාවා කේක් වගේ නෙවෙයි මේක නිවුණට එහෙම ගල් ගෙඩිය වගේ ගල් වුණේ නෑ. ෂේප් එකේ කාගෙන යන්න පුලුවන් මට්ටමක තිබ්බ. ඒත් එකෙන් පාඩුව වුණේ මට. මොකද මම මුල් ටික කෑවට යාළුවනෙ අන්තිම ටිකට වග කිව්වෙ. ඉතින් එයා දඩි බිඩි ගාලා ලාවා කේක් එක ඉවරයක් කරල දැම්ම.

ඊට පස්සෙත් අපි කයියකට සෙට් වෙලා විනාඩි 10ක් 15ක් ඉඳලයි පිටත් වුණේ. හැබැයි ඉතින් ආයෙත් දවසක එනවද නැද්ද කියන එක ගැන නම් පොඩි සැකයක් තිබුණ. මොකද එතන ගාණෙ හැටියට… අවංකයෙන්ම,

මදි වගේ අප්ප!


TIP

Try their fresh (homemade) pastas.

Address

178/A Stanley Tillakaratne Mw, Nugegoda

Directions

The branch is near the Jubilee Post Roundabout. From Nugegoda, take the main road past the Nugegoda Supermarket towards Kotte. At a fork in the road (where Meat Locker is) turn right. Continue on that road for a few kilometers.

Contacts

Facebook Website

Closed right now

Cuisine

Italian

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Pasta Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
4


Latest