4/5

Harpo's Pizza

178/A Stanley Tillakaratne Mw, Nugegoda


Harpo's has a new stand-alone pizza parlor in Nugegoda. Almost by default it's one of the nicer places in that town now, and it makes for faster delivery to the suburbs - from Kotte to Battaramulla.


හදිසියට එන පීසා බඩගින්න නිවාගන්න නම් ළඟපාත තියෙන පීසා හට්‌ එකකට, ඩොමිනොස් එකකට දුවන්න පුළුවන්. ඒ වුණාට දෑස් පනාපිට දර පෝරණුවේ පිළිස්සුණු පීසා එකක ගැම්ම ගන්න ඔය තැන්වලින් බැහැනේ. ලාස් ගණන් ශාඛා නැතත්, ඒ වගේ පීසා ගන්න පුළුවන් තැන් කීපයක් ම කොළඹ අවට තියෙනවා. වැඩි විස්තර ඕනේ නම් අපේ බුද්ධිකගේ පීසා කඩ ලැයිස්තුව කියවලා බලන්නකෝ.

ඔන්න ඔය ලිස්ට් එකේ තියෙන දර පෝරණු කඩ අතරින් එකක් ගැන තමයි මං අද කියන්න යන්නේ. මේ නුගේගොඩ හාපෝ’ස් පීසා.

තැන සහ වාතාවරණය

නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න පාර දන්නවා නේද? ඔන්න ඔය පාර දිගේ නිරෝමි එකත් පහුකරගෙන ඉස්සරහට එන්නකෝ. ඔහොම එද්දී පාරේ දකුණු අත පැත්තේ තියෙන හාපෝ’ස් පීසා එකේ බෝඩ් ලෑල්ල දුරට වුණත් පේනවා. හරියට ම කිව්වොත් මේක තියෙන්නේ Divine කේක් කඩේ අල්ලපු වැටේ.

රෙස්ටෝරන්ට් එක ඇතුළේ ලොකුවට ඉඩක් නම් නැහැ. හැබැයි එක සැරේ දහපහළොස් දෙනෙක්ට කෑම ගන්න පුළුවන්.  

කෑම බීම

පීසා, පැස්ටා තමයි මෙයාලගේ මෙනුවේ ප්‍රධාන වශයෙන් ම තියෙන්නේ. ඒ හැරුණා ම සලාද කීපයකුත්, ඩෙසර්ට් එහෙමත් දැකගන්න ලැබුණා. හරි අපූරු බීම ටිකකුත් හාපෝ’ස් කට්ටිය ළඟ තියෙනවා. පීසාවල සයිස් හතරයි. පොඩිම පීසා එකත් හයදෙනෙක්ට ඇති. ලාජ් සයිස් එකේ පීසා එක රසවල් දෙකකින් බාගේ බාගේ දාලා හදාගන්න පුළුවන්. අහ්! අර අඟල් 22 තඩි හතරැස් පීසා එක තියෙන්නෙත් හාපෝ’ස් එකේ ම තමයි. මේක නම් තිස්හයදෙනෙක් ට වුණත් බෙදාගන්න පුළුවන් තරමට ඇති කියලයි ආරංචිය.

අපි ගත්තේ ලාජ් සයිස් “Pizza Grecia” (රු.1900, බාගේ රු.950) එකකුයි, “Pizza Piccante” (රු.1800, බාගයක් රු.900) එකකුයි. ඒ එක්ක ම “Fussili Con Papaliana” (රු.950) පැස්ටා එකකුත් ඕඩර් කළා. තිබහා යවාගන්නත් ඕනේ නිසා බීම මෙනුවෙන් “Limeade” (රු.240) එකකුයි, “King Coconut and Lime” (රු.240) එකකුයි තෝරගත්තා.

විනාඩි දහයක් ගියේ නැහැ. මෙන්න බීම දෙක අපේ මේසේ උඩ!

තැඹිලි වතුරේ සීනි රස අඩුවුණොත් මොන වගේ වෙයිද? අන්න එක බලන්න නම් මේ King Coconut and Lime එක බීලා ම බලන්න ඕනේ. තැඹිලි වතුරට දෙහි බෑයක් මිරිකලා හදපු මේ බීම එක නියම රසයි (ඔය දකුණු පැත්තේ තියෙන්නේ ඒක). කිව්වත් වගේ අර තියෙන සීනි රස අඩුවෙලා. ළා ඇඹුල් රසක් එක්කාසු වෙලා. මේක නම් ඇත්තමයි ගැලුමක් වුණත් බොන්න පුළුවන්.

ලෙමනේඩ් නම් අපි ඕනේ තරම් බීලා තියෙනවනේ. ඒ වුණාට ලයිමේඩ් හැමදාම බොන්න ලැබෙන්නේ නෑනේ. මේක ස්පාර්ක්ලින් ගතියක් තියෙන දෙහි බීමක්. පළමුවෙනි උගුර කටට ගත්ත ගමන් මට මතක් වුණේ පහුගිය දවසක බිව්ව ඩයින්මෝර් එකේ ලයිම් ජූස් එක. හැබැයි මේක ඊටත් වඩා හොඳයි. සීනි ගාණට දාලා නිසා ස්වභාවික දෙහි රස හොඳට එනවා. රේණුත් එක්ක හැපෙන නිසා මරු. දෙහි රස ප්‍රිය කරන ඕනේ ම කෙනෙක්ට මේක හරි යනවා.

බීම බිබී ඉද්දී ම තමයි අපේ පීසා එකයි, පැස්ටා එකයි මේසෙට ආවෙත්. ලී තැටිය උඩ තියලා ආව පීසා එකෙන් හෝ ගාලා දුම් දානවා. මුලින් ම අපි රස බැලුවේ Grecia පීසා කෑල්ලක්. මේකට කොච්චර මොස්රෙල්ලා චීස් දාලාද කිව්වොත් කෑලි වෙන්කරන්නත් සෑහෙන්න ගේමක් දෙන්න ඕනේ. ඇයි පීසා කෑල්ලත් එක්ක දිගට චීස් ඇදිලා එනවනේ. චීස් රස තවත් සැරට දැනුණේ මේකට එකතු කරලා තිබුණු ෆෙටා චීස් නිසයි. අනික මදි නොකියන්න රෝස්ට් කරපු ලෑම්බ් දාලා. ඉඳලා හිටලා හැපෙන බ්ලැක් ඔලිව්වලින් එන ඇඹුල් රසත් පට්ට. Piccante පීසා එකට වඩා පොඩි ස්පයිසි ගතියක් මේකේ තිබුණා. ඒ රෝස්ට් කරපු කැප්සියම් මිරිස් දාලා තිබුණු නිසා.

බේකන්වලට කෑදර උදවියටයි මේ කියන්නේ! හාපෝ’ස් එකට ගියොත් අනිවාර්යෙන් ම  Piccante පීසා එක කන්න හොඳද. මේකේ උතුරන සයිස් එකට බේකන්. ඒ විතරක්යැ රෝස්ට් කරපු චිකන් කෑලිත් නොසෑහෙන්න තිබුණා. හප්පේ! මොස්රෙල්ලා චීස්වලට මේවා එකතුවෙලා එද්දී දැනෙන රස!

මේ පීසාවල රසට වහවැටිලා අපට තව පොඩ්ඩෙන් පැස්ටා එක අමතක වෙනවා. පාමේසන් චීස් සෝස්වලින් වැහුණු මේ පැස්ටා එකත් පංකාදුයි. මේකේ තිබුණේ ගාණට තම්බපු ග්‍රීන් ෆේටියුචින්. හැම්, මෂ්රූම් තොගේකුත් දාලා. ඒක වැහෙන්න එකතු කරලා තිබුණු පාමේසන් චීස් සෝස්වලින් මේකේ රස දෙගුණ තෙගුණ වෙනවා.

සර්විස් එක

හාපෝ’ස් එකේ සර්විස් එකත් නියමයි. හරි ම මිත්‍රශීලී සේවාවක් අපට මෙතැනින් ලැබුණා. අපේ මුළු ඕඩරේ ම මේසෙට එන්න ගියෙත් විනාඩි 15ක් වගේ.

අවසාන වශයෙන්

හාපෝ’ස් එකේ පීසා හැදෙන්නේ දර පෝරණුවේ. කවුන්ටරේ පිටිපස්සේ තියෙන දර පෝරණුවේ ගිනි දැල්ල අපට වාඩිවෙලා ඉන්න තැනටත් පෙනුණා. කට්ටියට සෙට් වෙලා පීසා රස බලන්න මෙතැන නියමයි. මොකද විස්සක් තිහක් ආවත් එක පීසා එකක් අරගෙන බඩ පුරවගන්න පුළුවන් චාන්ස් එකක් තියෙනවනේ.


TIP

Try their fresh (homemade) pastas.

Address

178/A Stanley Tillakaratne Mw, Nugegoda

Directions

The branch is near the Jubilee Post Roundabout. From Nugegoda, take the main road past the Nugegoda Supermarket towards Kotte. At a fork in the road (where Meat Locker is) turn right. Continue on that road for a few kilometers.

Contacts

Facebook Website

Open until 11:00 PM

Cuisine

Italian

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Pasta Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
4


Latest