No:186, B47, Pannipitiya
Closed right now
Havi at Pannipitiya is a good spot to chill with some booze, and delicious black pepper pork.
..කියල කිව්වට ඉතින් මේසෙට එන මෙලෝ මලදානයක් කටේ තියන්න බෑ අප්පා..
අප්පෝ ඒවයෙ තියෙන රසකාරක තොගයක්! සුප්කැට එහෙම දාලා තියෙන්නෙ වීල්බැරැක්කෙන්ද කොහෙද?
අනේ යාළු ඔන්න පහුගිය සෙනසුරාදා, කාලෙකට පස්සෙනෙ කියල ගෙවල් පැත්තෙම යාළුවෙකුයි මායි ගියා දන්න කියන ඒ තැන.. ‘පොල්වත්තෙ හාවි’ එකට. ගිහිල්ල කරල ඉතින් බීර බෝතලයක් එහෙමත් ගෙන්න ගෙන.. දැම්ම ඒ ගැම්මටම රෑ කෑමත්.. හාවි ස්පෙෂල් රයිස් එකයි (රු. 930), බ්ලැක් පෙපර් මට්න් එකයි (රු. 775).
දාලා ඉතින්..
අනේ හරි හරියට, මේං කියල අඩුවක් නැතිවෙන්න සේවාව දුන්න මල්ලි.. උණු උණුවෙ ගෙනාපු රයිස් එකෙන්,
එක හැන්දක් නහයට කටට ලං කරන්න බෑනෙ. සුප්කැට සුවඳට ඇස්වලින් කඳුලු පනින ගානයි. ඒ නිසාමද මන්දා ඒකෙ තෙල් ගතියත් සෑහෙන්න ඉස්මතු වෙලා. ඔන්න ගැඹුරු තෙලේ බැදපු චිකන්, ඉස්සො, දැල්ලො, මාළු, සොසේජස් ටික නම් මදි නොකියන්න තිබ්බා. ඒ අතරට කැරට්, ලීක්ස්.. එතකොට බිත්තර වලින් එහෙමත් අඩුවක් නෑ. හැබැයි ආයෙ සෝස් මොනවදත් දාලා තිබ්බා..
ඇත්තටම අපරාදෙ ආ.. ඒ කෑම එක!
කොහොමහරි පෝර්ක් එක ගේන්න කලින් අපි අර සේවක මල්ලිට කතා කරල විස්තරේ කිව්වා.
“අනේ මළයො, කෝකියට කියාන් මේ අපේ පෝර්ක් එකට විතරක්වත් සුප්කැට නොදා හදන්න කියල. ප්ලීස් බං. මේක කන්න බෑ බං”
“අනේ.. එහෙමද සර්. සොර් සර්.. මං කියන්නං, මං කියන්නං”
කියල, කොල්ලා දුවගෙන ගියේ. ගිහිල්ල හිටං විනාඩි 10කට විතර පස්සෙ පෝර්ක් එකත් අරගෙන ආවා..
ආවට වැඩක් නෑ..
එක්කො කොල්ල කියපු දේ කෝකියා ගණන් අරගෙන නෑ. නැත්නම්..
අනේ මන්දා!
කොහොමහරි පෝර්ක් එකෙත් බාගෙට බාගයක්ම බැටර් කරපු තෙල් කෑලි. ඒ මදිවට, අර විදියටම සුප්කැටයි, සෝසුයි අම්බානක දාලා. මාළු මිරිස්, කැරට්, ලීක්ස් ටිකක් දාලා තිබ්බට..
චැහ්! හරිම සවුත්තුයි අප්පා දවසම…
වැඩේ කියන්නෙ අන්තිම තුරුම්පුව කියල, අපි ඔ්ඩර් කලා වෙජි නූඩ්ල්ස් එකක් (රු. 530)..
අඩේහ්.. ඒකනෙ, ඒක ටිකක් ශේප්. රස කාරක දාලා තිබ්බට ඇත්තටම මස්, මාළු මුකුත් නැති නිසා ලොකු අවුලක් නෑ. හැරත් සෝස් එහෙමත් තොගේට දාලා තිබ්බෙ නෑනෙ.
හිහ්.. ඇත්තටම ඒකට නම් දෙන්නටම හිනා.
අන්තිමට, “වෙජි බයිටක් එක්ක බියර් ගැහුව වගේ” වුනා..
මං හිතන්නෙ කොරෝනාවෙන් පස්සෙ මෙයාලගෙ කෝකියා මාරු වෙලා වෙන්න ඔ්න. මොකද ඉස්සර එහෙම නෑ. අඩුම තරමෙ පණිවුඩයක් යැව්වාම හරි බලල හදල දෙනව..
සත්තයී.. යන්න හිත හදාගෙන අන්තිම බීර උගුරු ටික හිස්කරන අතරට අර කැලිප්සෝ එකේ අයියල ටික ආවෙ නැත්නම්, ආයෙ එන්නෙ නෑ කියල හිතාගෙන හිටියෙ.
යාන්තම් හරි හිත හැදුනෙ..
තාලෙට බොංගො, ගිටාර්, සර්පිනා.. නාදෙට,
“විදුලි මිණි පහන් දැවී.. බොලඳ ගී සිනා රැලී..”
වචන එකින් එක තාලෙට මිමිණෙද්දී...
සිංහල යාන්තම් හරි හිත හැදුනෙ.. තාලෙට බොංගො, ගිටාර්, සර්පිනා.. නාදෙට, “විදුලි මිණි පහන් දැවී.. බොලඳ ගී සිනා රැලී..” වචන එකින් එක තාලෙට මිමිණෙද්දී...
සිංහල “හම්බෝ මල්ලි, මේ මොකක්ද මේ. ඩබල් එක්සෙල් එකක්ද?” “ඒ කිව්වෙ සර්” “නෑ මං කිව්වෙ මේකෙ සයිස් එක!. ඔයාලගෙ රයිස් එක මෙච්චර ලොකුයි කියල දන්නව නම්..."
Closed right now
Cuisine
Asian Western Chinese Sri Lankan Jaffna Thai Pub Food Sri Lankan Chinese Mongolian
Price Range
Dish Types
Noodles Eggs Meats Seafood BBQ Pasta Fruit Vegetarian Beverages Biriyani Fried Rice Beef Pork Chicken Tandoori Fried Chicken Mutton Fish Fish And Chips Crab Cuttlefish Alcoholic Beer Bites
Ratings Breakdown
Navro Beach is one of the most popular restaurants in Panadura…
The warm reception we received on arriving at Earl's was…
4/5
effdog
Good place to get drunk :p crowd is meh but if you’re fine with that its good :D