4/5

Hondahitha - The Curd Shop

135, Dutugemunu Street, Kohuwala


Hondahitha is name synonymous with great curd around the Colombo suburbs. This is their little cafe in Kohuwala which has some great waffles for cheap.


නුගේගොඩ පැත්තෙ යන එන මනුස්සයෙක් නං දොස්තර හොඳහිතටත් වැඩිය හොඳට හොඳහිත මී කිරි දන්නවා ඇති. දන්න කාලෙක ඉඳල නුගේගොඩ ෂෙඩ් එක ගාව පොඩි කඩයක් තියෙනවා. පාගොඩ පාරෙත් මේගොල්ලොන්ගේ ලොකු තැනක් තියෙනවා. එත් මේ කියන්නේ කොහුවල තියෙන හොඳහිත The Curd Shop එක ගැන.

 

තැන

කොහුවල ODEL එක, කීල්ස් සුපර් එක එහෙම තියෙන ලොකු බිල්ඩිමක් තියෙන්නෙ. අන්න ඒකෙ පිටිපස්සට වෙන්න තමයි මේක තියෙන්නෙ. ලොකු කඩයක් නෙමෙයි, ඒත් තියෙන ඉඩෙන් හරියට වැඩ අරගෙන තියෙනවා. හොඳට ඉඩ තියෙන විදියට සකස් කරලා තියෙන්නෙ. පිරිසිදුයි, එළියයි. හුඟක් වෙලා ඉන්න හිතෙනවා.

 

කෑම

මෙතෙන්ට මං එන්න ප්‍රධානම හේතුව නං මෙහෙ වොෆල් ටික. රු 150. යාළුවෝ හුඟක් දෙනෙක් කිව්වා පට්ටම වොෆල් ටිකක් කන්න මෙතෙන්ට එන්න කියල. ඉතින් තකහනියක්ම මෙතෙන්ට ආවෙ ඒකටමයි.

අපරාදේ කියන්න බැහැ වොෆල් ටික නං නියමයි. හරිම රසයි, හරිම සැහැල්ලුයි. පොඩ්ඩක් වටේ ක්‍රිස්පි ගතියකුත් තිබුණා. සාමාන්‍යයෙන් හම්බවෙන වොෆල්වලට වැඩිය ටිකක් කිරි රසකුත් තිබුණා. වටෙන් ගොඩින් ඇහිච්ච විදියට නං මේගොල්ලෝ මීකිරි ටිකක් මිශ්‍රනේට එකතු කරනවා කියල. ඒක නං හරියටම අහගන්න බැරිවුණා. මොනා වුණත් වොෆල් ටික සිරා. හැකි ඉක්මනින් ඇවිල්ල රසබලන්න.

වොෆල් ටික වගේම සිරා හොඳහිතේ සාමාන්‍ය නිෂ්පාදනය. ලීටර් 1.5 ලොකු හට්ටියක් ගන්න පුළුවන් වගේම, පොඩි මී කිරි “බඩි” හට්ටියක් ගන්නත් පුළුවන්. රු 40යි. මෙව්වා ඔය සුපර්මාර්කට්වල චාටර් මී කිරි නෙමෙයි. නිකං කන්න පුළුවන් සිරාම මී කිරි. කිසිම ඇඹුල් රසක් නැහැ. කාගෙන කාගෙන යන්න පුළුවන්. තව විස්සක් දීලා රු.60කට පැණි දාලම දෙනවා. අන්න එතකොට නං දිව්‍ය භෝජන වගේ. මේ සීනි දියකරපු වතුර නෙමෙයි. හොඳහිත එකේ කෙළින්ම සිංහරාජෙන්, දෙණියායෙන් එන නියම පැණි තියෙනවා. බෝතල් කාලේ ඉඳල සම්පුර්ණ බෝතලේ වෙනකං වුණත් ගන්න පුළුවන්. දෙණියායේ පැණි බෝතලයක් රු.470, සිංහරාජ පැණි බෝතලයක් රු.750. මී පැණිත් මෙතැන තියෙනවා කාලේ බෝතලේ ඉඳල සම්පුර්ණ බෝතලේ වෙනකං.

කෝපි ගැන නං කතා කරන්න අවශ්‍ය නැහැ. නෙස්කැෆේ; අන්තිමයි. ඒවා ඕනේ නෑ. කිරි එකක්ම ගන්න. නැත්තං එක එක වර්ගවල රස කැවිලිත් තියෙනවා.

 

අවසාන වශයෙන්

වැඩිය අටුවා ටීකා ඕනේ නෑ. ලාබෙට සිරාම වොෆල් ඕනේ නං, පට්ට මී කිරි ඕනේ නං, මෙන්න මෙතැනයි තැන. තව කිතුල් පිටි, රස කැවිලි වගේ දේවල් ගන්නත් මෙතනින් පුළුවන්. ගිහිං බලන්න.


TIP

They have really good treacle and honey.

Address

135, Dutugemunu Street, Kohuwala

Directions

The shop is inside and at the back of the giant building that houses ODEL, Keels Super and some other stores. Just come down Dutugemunu Street. You can't miss it.

Contacts

Facebook

Closed right now

Cuisine

Sri Lankan American

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Sweets Waffles Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3


Latest