Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Hooch

50A Edward Ln, Colombo 03


A little deli tucked in between the towering buildings of Bambalapitiya which serves excellent food.



තුම්මුල්ල, බම්බලපිටිය හන්දිය, ඩුප්ලිකේෂන් පාර කියන්නෙ ඕන වෙලාවක මිනිස්සුයි වාහනයි කඩියො වගේ එහෙට මෙහෙට දුවන හරිම කලබලකාරී ප්‍රදේශයක්. මේ හරියෙ ගැවසෙන වෙලාවක පොඩි බඩගින්නක් ආවොත් එහෙම දුවන්න පුළුවන් තැනක් දැන් තියනවා අතේ දුරින්. ඔන්න අහගන්නකො...

තැන

මේක බම්බලපිටිය හන්දියට පයින් යන දුරින් තියන පුංචි කෑම කඩයක්. පුංචි වුණත් මෙතන උදේ කෑම, දවල් කෑම වගේ වෙලාවට හොඳටම සෙනඟ පිරිලා. බම්බලපිටිය හන්දිය කියන්නෙ ඔෆිස් එහෙම තියන සෑහෙන ජනාකීර්ණ තැනක් නේ.

ඩුප්ලිකේෂන් පාරෙන් එඩ්වඩ් ලේන් එකට හැරුණු ගමන්ම තියන Hooch කෑම කඩේ වැඩි ඉඩකඩක් නෑ. හැබැයි ලී මේස, ලී බංකු එහෙම දාල දහදෙනෙකුට විතර ආසන පනවන්න ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියනවා.

කෑමබීම

අපි ගියේ උදේ කෑම වෙලාවක. ඉතින් අපි චෙක් කරල බැලුවා එයාලගෙ බ්‍රෙක්ෆස්ට් මෙනු එක. රයිස් ඇන්ඩ් කරි, රොටී එක්ක ලුණුමිරිස්, පෑන්කේක් වගේ කෑම එක්ක, ෆෘට් ජූස්, මසාලා තේ වගේ බීම උදේට මෙතනින් ගන්න පුළුවන්.

අපේ තේරීම් වුණේ එළවළු රොටී (රු. 50), ෆිෂ් රොටී (රු. 60) ලුණුමිරිස් දාපු රොටී (රු. 80) එක්ක මසාලා තේ (රු. 50).

එළවළු රොටී එකයි ෆිෂ් රොටී එකයි පිරිල ඉතිරෙන තරමට ස්ටෆ් කරලා. හැබැයි දෙකේම ඇතුළෙ තිබුණු මිශ්‍රණය ටිකක් එකම රහ ද මන්දා! කොහොම වුණත් බඩකට පුරා කන්න පුළුවන් විදිහෙ රහක් ඒ මිශ්‍රණයෙ තිබුණා.

හායිහූයි ගෑවෙන කටට සැර ලුණුමිරිස් මැදට දාපු රොටී එක්ක උණුම උණු මසාලා තේ කියන්නෙ තරු පහේ උදේ කෑමක්! රොටී වගේම ලුණුමිරිස් ටිකත් පෙනුමෙන් වගේම රසෙනුත් උපරිමයි. හැබැයි අපේ වැඩි අවධානය දිනාගත්තෙ, යන්තමින් සීනි දාල, කිරි රසට මික්ස් වෙලා නියම ගාණට මසාලා රස එන විදිහට හදපු මසාලා තේ එක.

සර්විස් එක

ස්ටාෆ් එක සාමාන්‍ය සුහදතාවෙන් යුතුව එන අයට සංග්‍රහ කළා. ඒ ඇර සර්විස් එක ගැන විශේෂයෙන් කියන්න වරදක් නෑ.

අවසාන වශයෙන්

බම්බලපිටිය අවට ඉන්න වෙලාවක, අතේ තියන ගාණට හිතේ හැටියට බඩ පුරවගන්න පහසුම තැනක් විදිහට මෙතන නම් කරන්න පුළුවන්. මේ පැත්තෙ ගිය දවසක මසාලා තේ එකේ රහ බලන්න නං අමතක කරන්න එපා!

See 1 Comment



Latest