Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Ignite Pizzeria & Lounge

610D, Negombo Road, Mabole, Wattala

Get it delivered on Pickme Food

A superb place to have a slice or two if you're around Wattala.



සෑහෙන කල් ඉඳලා බලාපොරොත්තු තියාගෙන ඉඳපු ප්ලේස් එකක්. පහුගිය දවසක සනික මතකෙට ආවෙ පොඩි වැඩ වගයකට වත්තල පැත්තට ගිහින් ආපහු එන ගමනෙ.

“හෝව් හෝව් හෝව්.. අයියෙ! අනේ තරහා නැතුව පොඩ්ඩක් හරවලා දාන්නකො අන්න අර ප්ලේස් එකට”

එච්චර වෙලා යටගිහිල්ලා තිබ්බ බඩගින්නත් මෙන්න උඩ ඇවිල්ලා.

කොහොමහරි ඉතින් පාර්කින්ග් එකට දැම්මට පස්සෙ මම වීල් එකේ අයියට සිද්ධිය තේරුම් කරලා දීලා ගාණ බේරලා යැව්වා. යවලා.. හෙමින්සැරේ පිය නැගුවා රෙස්ටුරන්ට් එක පැත්තට. කිව්වට විශ්වාස කරන්න යාළු මගේ පැමිණීම දැකලද මන්දා මෙන්න මැනේජර් මහත්තම ඇවිල්ල වෙල්කම් එක..

“ගුඩ් ඊව්නින් සර්.. යු කැන් හැව් අ සිට් හියර්. බට් ඉට් ඊස් මෝ ගුඩ් ඉන් අප්ස්ටෙයාස්. ඇන්ඩ් වි හැව් ෂිෂා ඔල්සො ඉෆ් යු ආර්..”

“ආහ් රිඅලි? කූල්.. දෙන් විල් ගෝ අප්ස්ටෙයාර්ස්. තෑන්ස් අ ලොට් ෆො සජෙසින්ග්..”

“නො වොරිස් සර්.. හැව් අ ගුඩ් ටයිම්”

මාරයි.. මාරම මාරයි. කොළඹින් එලියෙ වුනත් ඒ සර්විස් එක?

ඊටත් උඩ තට්ටුවට ගියාමනෙ.. සේවක මල්ලිලා දෙන්නයි හිටියෙ. දෙන්නම මෙන්න දොරෙ දැපැත්තෙ!

“ගුඩ් ඊව්නින් සර්”

“ගුඩ් ඊව්නින් මල්ලි, ගුඩ් ඊව්නින්. ම්.. අයිල් ගො ටුද කෝනර්”

“ෂුවර් සර්..” කියල පස්සෙන් ඇවිල්ලා.. මම මෙනුව බලලා කෑම ටික තෝරනකම්ම, හ්ම් සද්දයක් නෑ පොඩි පොතකුත් අතේ තියාගෙන එතන. හරියට නිකම් තරු පන්තියෙ හෝටලයක ස්ටුඅට් කෙනෙක් වගේ. ඒ විතරක් නම් බැරියැ. මම කෑම තෝරද්දි අහපු ප්‍රශ්න ටිකටත් හරියටම උත්තර දීලා ඔ්ඩරෙත් ලියාගෙනමනෙ ගියේ. 

ඒ ගියාට පස්සෙ ඉතින් මම පොඩ්ඩක් හරි බරි ගැහිලා වාඩි වෙලා.. වටපිටාව එහෙමත් හෙමින් සැරේ රස විඳ විඳ.. වේටින්ග්!

මෙයාලගෙ ෂීෂා තියෙන්නෙ උඩ තට්ටුවෙ ඒසී ඩයිනින්ග් එකෙන් එළියෙ බැල්කනියෙ. ඒ හැරුනාම, ඒ වගේම තව එළිමහන් ඩයිනින් එකකුත් තියෙනවා අනිත් බැල්කනියෙත්. උඩ ඩයිනින්ග් එක ෆුල් සුවපහසුවටම හදපු ප්ලේස් එකක්. හය හත් දෙනෙක්ට වුනත් සෙට්වෙන්න පුලුවන්, සෝෆා එහෙම දාලා.. හරිම නිදහසේ..

ඉතින්.. ඒ නිදහසේ, මනෝ පාරක් ගහගෙන ඉන්න අතරට මෙන්න..

“එක්සියුස් සර්.. පිට්සා එක!” (රු. 1880)

“ආහ්.. මෙතනින් තියන්න මල්ලි. තෑන්ක්ස්”

කියලා, පීසා එක තියලා ගියාට කොල්ලා අනික් පැත්තටම බර්ගර් එකයි (රු. 840), ලසඤ්ඤා එකයිත් (රු. 1380) එක්ක මේසෙට.

එතනින් එහාට ඉතින් මොන කතාද?

මම මුලින්ම කිට්ටු කරගත්තෙ සලාමි පීසා කෑල්ලකුයි, මාගරිටා පීසා කෑල්ලකුයි. හොඳහැටි ටබැස්කෝ එහෙම දාලා, චිලි ඔයිලුත් පදමට වත්කරලා..

කටයි දෙකයි කෑවෙ! 

හප්පේ.. රස නහර ඉලිප්පිලා ගියේ ඈ.. මල් හතයි යාළු ඒක. හැබැයි මට දැනිච්ච පොඩි අවුලකුත් තිබ්බා. පිට්සා එකේ රොටිය පොඩ්ඩක් තික් වැඩියි වගේ. ඒ කොහොම වුනත් රස? පංකාදු ටොමැටෝ බේස් එකක් උඩට දාලා තියෙනවා මොසරැල්ලා මදි නොකියන්ට. ඒ දාලා මාගරිටා එකට බ්ලැක් ඔලිව් ටිකක් දාලා, සලාමි එකට පදමට රෝස්ට් වෙන්න තුනී සලාමි පෙති ඇති හැටියට දාලා..

“යම්…”

මතක් වෙද්දි.. කටට කෙල උනන්නෙ ඈ.

ඒ රස වැටිච්ච පාරට මම ඊලඟට සනික ලඟට ගත්තෙ ලැම්බ් ලසඤ්ඤා එක. ඒ ගත්තා විතරයි මෙන්න සේවක මල්ලි එනවා දුවගෙන මං ලඟට. ඇවිල්ලා..

“ඉන්න සර්. මං අයින් කරලා දෙන්නම් බකට් එක”

කියලා ලසඤ්ඤා ආපු බකට් එක අයින් කරලා දීලා, හැඳි ගෑරුප්පුත් පිඟානට කිට්ටු කලා කියන්නකො. මම නිකම් ගල් ගැහිලා. හම්මෝ.. එහෙම සර්විස් එකක් නම් මම ජීවිතේට බලාපොරොත්තු වුනේ නෑ. කෙලින්ම තරු පන්තියෙන්නෙ.

ඊට පස්සෙ ඉතින් හිත හදාගෙන සුවඳ ගහන ලසඤ්ඤා එකෙන්.. කටයි, දෙකයි, තුනයි.. මෙන්න බොලේ කැවීගෙන කැවීගෙන යනවා. වෙන දෙයක් නිසා නෙවෙයි ඒකෙ රසට නිකම් පිස්සු වැටෙන ගානයි. ඇයි අප්පේ.. මල් හතේ තක්කාලි පේස්ට් එක්ක මොසරැල්ලා, ග්‍රවුන්ඩ් ලැම්බ්, පෙනේ පැස්ටා මැදිවුනු ලසඤ්ඤා ලේයර්ස්.. මට මතක හැටියට 3ක් හෝ 4ක්..

උමතුවෙන් වගේ කාගෙන කාගෙන යන මම..

ඉස්මුරුත්තාවට ඔහොම මෙහෙම තියෙන මගේ උගුර කට..

මේසෙ උඩ තනිවෙලා නහින තඩි ක්‍රිස්පි චිකන් බර්ගර් එක!

නොකා ඉන්නද?

කියලා ගත්තා ෆ්‍රයිස් කෑලි දෙකක් ඉස්සෙල්ලම. අරගෙන සෝස් එකේ ගාගෙන කෑවා.. කෑවමයි. බලාගෙන ඉඳිද්දි පිස්සු වැටුනෙ සෝස් රසට, හොඳේ යාළු. බැලින්නම් ඒක එයාලම හදන එකක්. ෆ්‍රෙෂ් තක්කාලි සහ නයි මිරිස්! හිතන්නකො ඉතින් ඒ සෝස් එකත් එක්ක නූලට තිතට බේක් වෙලා, මදි නොකියන්න ක්‍රිස්පි තැවරුනු අඟලක් විතර ඝනකම් තඩි චිකන් බ්‍රෙස්ට් දෙකක්.. බර්ගර් බන් එකකට මැදිවෙලා, සලාද, තක්කාලි අඩුම කුඩුම ටිකත් ගැලපිලා ආවාම..

මට නේද.. අන්තිමට අරක්කු බෝතලයක් බීලා වගේ..

කෙලින් ඉන්න බෑ බුදපු මතේ, හ්ම්..!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment