3/5

In On The Green

2 Galle Road, Colombo 3


Inn On The Green is well known for it's British Pub-like atmosphere and Pub Quiz .


රීගල් එකේ විමුක්තිගේ අලුත් ෆිල්ම් එක බලලා අපි හොඳටම බියර් තිබහෙ හිටියේ. යාළුවගෙ වාහනේ නැගලා බොන්න තැනක් කල්පනා කරකර කොළඹ වටේ රවුං ගහද්දි තමයි අපට ඉන් ඔන් ද ග්‍රීන් එක මතක් වුණේ.

තැන

ඉන් ඔන් ද ග්‍රීන් කීවම ඇත්තමට මගේ ඔළුවෙ මැවිලා තිබුණේ ගෝල්ෆේස් ග්‍රීන් එක පේන්න මුහුද පැත්තට වීදුරු දාපු පොඩි වැරැන්ඩා එකක් වගේ එකක්. ඒත් මේක ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස්. මේක අර ෆිල්ම්වල එහෙම අපි දැකල තියෙන විදියේ ක්ලැසික් බ්‍රිටිෂ් බාර් එකක්.

මුලින් තිබුණෙ බියර් තිබහක් වුණාට මෙතනට ආවම අපට හිතුණා කොක්ටේල් එකකුත් බීලම බියර් බොන්න. බාර් එකේ කොනක පොඩි බෑන්ඩ් එකක් 90 ගණන්වල ඉංග්‍රීසි සිංදු ප්ලේ කරනවා.

කෑම සහ බීම

ඉලෙක්ට්‍රික් කමිකාසි එකේ දෙහි රහයි ඇල්කොහොල් රහයි එකතුවුණාම පොඩි කික් එකක් තියෙනවා. නිල් පාට අහස විදගෙන ඇමරිකන් නැවක් දිහාවට කඩාගෙන වැටෙන කමිකාසි ෆයිලට් කෙනෙක් වගේ.

ස්ට්‍රොබෙරි මාගරිටා එක නම් ටිකක් විතර පැණි රස වැඩියි. වීදුරුවේ දාරෙ ගාපු ලුණුත් එක්ක එකතුවෙලා එද්දි ලුණුත් එක්ක ස්ට්‍රොබෙරි දාපු අච්චාරුවක් වගේ. හැබැයි ලොකු අවුලක් නෑ, බොන්න පුළුවන්.

අපි ගත්ත කොක්ටේල්වලින් හොඳම එක තමයි ලෝං අයිලන්ඩ් අයිස් ටී එක. සාමාන්‍යයෙන් ලෝං අයිලන්ඩ් අයිස් ටී එකට කියන්නෙ ‘ටොජන් හෝස්’ කෙනෙක් කියලා; ‍මොකද ජාති පහකින් විතර ඇල්කොහොල් තොගයක් ඇඟට නොදැනී උගුරෙන් පහළට යවන නිසා. ආතර්ස් එකේ එහෙම මේ විදියට කණ පැලෙන්න වදින ලෝං අයිලන්ඩ් තිබුණට ඒවයේ ඇල්කොහොල් රස දිවට දැනෙනවා වැඩියි. ඒත් මේක එහෙම නෑ; මේක මම ලංකාවේ බීල තියෙන ස්මූත් ම ලෝං අයිලන්ඩ් අයිස් ටී එකක්.

කොස්මොපොලිටන් එක හොඳයි. ඒත් කියන්න තරම් ලොකු විශේෂයක් නෑ, සාමාන්‍ය කොස්මොපොලිටන් එකක්.

ස්ටාටර් එකට අපි ගත්ත පෝක් රිබ් එක රසයි. සෝස් එකේ පැණිරසත් එක්ක එකතුවෙලා ළාවට එන නිකං මාමයිට් වගේ රසට මම කැමතියි. හැබැයි මගේ යාළුවා කීවේ මේක හරියට මදගින්නෙ උයලා නෑ කියලා. පිට පැත්ත ටිකක් හයියයි, ඇතුලේ ළාවට වගේ පොඩ්ඩක් අමු ගතියක් තියෙනවා. කන්න අප්පිරියා හිතෙන තරමෙ අමු ගතියක් නෙවෙයි, පොඩි සුවඳක් විතරයි. මගේ යාළුවට නම් සෝසි ගතියත් පොඩ්ඩක් වැඩියි කීවත් මම නම් සෝස්වලට කොහෙමත් ආසා නිසා එහෙම අවුලක් දැනුනේ නෑ.

ස්පැගටි නපොලිටානේ එකටත් තව ටිකක් වැඩිපුර සෝස් වැටුණ නම් තමයි මම නම් කැමති. මේක බීෆ් හරි බේකන් හරි එක්කත් ගන්න පුළුවන්; ඒත් අපි ගත්තෙ වෙජිටේරියන් එක. උඩ හරියේ සෝස් මදි වගේ දැනුනට යට හරියේ තියෙන සෝස් එක හොඳට ස්පැගටි එකේ තවරලා ගත්තම වැඩි සැර, ඇඹුල නැති මයිල්ඩ් රසක් තියෙනවා. නරකම නෑ.

ක්ලබ් සැන්ඩ්විච් එක නම් ලස්සනට තිබුණට මෙලෝ රහක් නෑ. චිකන්, බිත්තර, තක්කාලි ලේයර් ගොඩක් දාලා තිබුණට කිසිම දේක රසක් දැනේනෙ නෑ; තක්කාලි පෙත්තත් දිය රහයි. හැබැයි මේකත් එක්ක ආපු ෆෙන්ච් ෆ්‍රයිස් නම් මරු. ගානට ක්‍රිස්පියට බැදිලා තියෙනවා. මේකට එන සැලඩ් එකත් අවුලක් නෑ.

අපි මුලින් මට්න් බිරියානි එකක් ඕඩර් කළත් මට්න් ඉවරවෙලා කියපු නිසා අපට ගන්න වුණේ ලැම්බ් බිරියානි එකක්. සාමාන්‍යයෙන් ලංකාවෙ දි අලුත් ලැම්බ් හොයාගන්න ටිකක් අඩු නිසා අපි පොඩ්ඩක් හිතේ දෙගිඩියාවෙන් තමයි හිටියේ. හැබැයි පළවෙනි ලෑම්බ් කෑල්ල උගුරෙන් පහළට ගියේ හිතේ තිබුණු සැකෙත් එක්කමයි. නියම හයිද්‍රබාද් බිරියානි මසාලා රසක් මේකේ තියෙනවා. ඒත් බත් එක නම් වෙනම හදලා මේකට කලවම් කරලා වගේ; මසාලා රස බත් එකට හරියට කලවම් වෙලා නෑ. ඉතිං කද්දි බිරියානි රස එන්න නම් මට්න් එක්ක බත් කලවම් කරගෙන තමයි කන්න ඕන. මසාලා එක හයිද්‍රබාද් වුණාට බත් එක නම් උඩින් කරපිංචා කොළ ටිකක් එහෙම දාලා ශ්‍රී ලංකන් බුරියානි එකක් විදියට තමයි හදලා තියෙන්නෙ. මේකත් එක්ක එන සැලඩ් එකට මම එච්චර කැමති නැති වුණත් රයිතා එක නම් මාර රසයි.

අතුරුපසට අපි ගත්තෙ වෝම් චොකලට් බ්‍රවුනි එකක්. ළා රස්නෙත් එක්ක හරිම සොෆ්ට් ටෙක්ස්චර් එකක් තියෙන මේ බ්‍රවුනි එක වැනිලා අයිස්ක්‍රීම් එක්ක කද්දි පට්ට!

අවසාන වශයෙන්

20% ටැක්ස් එකයි, 10% සර්විස් චාර්ජ් එකයි එකතුවෙලා එද්දි මෙතන ගණන් එච්චර අඩු නැති වුණත් සාමාන්‍යයෙන් මේ වගේ තැන්වල ගානෙ හැටියට ගොඩක් වැඩිත් නෑ. ලයිට්, මියුසික් වගේ ම බාර් එකේ ගහලා තියෙන පොඩිපොඩි දැන්වීමුත් එක්ක රෙට්රෝ බ්‍රිටිෂ් බාර් එකක් මූඩ් එක නම් මෙතන මරුවට තියෙනවා.


TIP

They have a bunch of events like Pub Quiz happening over the week, but if you enjoy a game of cards with friends, we suggest you go over the weekend when the crowds are less. Also if you go with six buddies on Monday you can enjoy Happy Hour all night.

Address

2 Galle Road, Colombo 3

Directions

Go down the Galle Road, In On The Green is just before the Galle Face Hotel on the sea side. There's limited parking just before.

Contacts

Facebook Website

Open 12.00 PM - 12.00 AM

Cuisine

British Pub Food

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Beer Wine Cocktails

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4


Latest