Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Jade Dragon

No. 26, Marine Drive, Colombo 3


Jade Dragon is an Asian fusion restaurant that offers an impressive spread of option from you to choose from, located on the ground floor of the Sunhill Hotel building.



ලංකාවෙ කෑම තරමටම චයිනීස් කෑමත් ලංකාවෙ අපි අතරෙ ජනප්‍රියයි. බලන බලන තැන චයිනීස් රෙස්ටොරන්ට්ස් ඕපන් වෙන්නෙත් චයිනීස් කෑමවලට ලංකාවෙ තියන ඉල්ලුම හින්දමයි. ඉතින් මේ කතාවත් චයිනීස් රෙස්ටොරන්ට් එකක් ගැන.

තැන

එක එක ජාතියේ රෙස්ටොරන්ට්වලට සෑහෙන ප්‍රසිද්ධියක් උසුලන මරීන් ඩ්‍රයිව් එකේ තමයි ජේඩ් ඩ්‍රැගන් රෙස්ටොරන්ට් එක තියෙන්නේ. මුහුද දිහා බලාගෙන කයියක් එහෙම ගහගෙන කෑම කන්න ලෑස්ති වෙලා අපි ගියා ඇතුළට.

ලොකු පිරිසකට එක පාර වාඩිවෙන්න පුළුවන් විදිහේ ලොකු රෙස්ටොරන්ට් එකක්. පැත්තකින් බාර් එකකුත් එක්ක. අපි ගිය වෙලාවෙ එච්චර සෙනඟක් හිටියෙත් නැති නිසා සෑහෙන ඉඩකඩ තියන බව නම් කැපිල පෙනුණා.

කෑම 

මෙයාලගේ මෙනු එකේ ජාති පිරීල. එහෙට මෙහෙට පෙරළලා බලල අපි තේරුවා චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි (රු. 588), ඩෙවිල්ඩ් චිකන් එකයි (රු. 588), ෆ්‍රයිඩ් පොටේටෝ විත් ස්පයිස් ඇන්ඩ් සෝස් (රු. 488) එකයි.

චිකන් ෆ්‍රයිඩ් රයිස් එක හීනි චිකන් කෑලි ගොඩක් එක්ක කැරට්, ලීක්ස්, බිත්තර එහෙම මික්ස් කරලා රසට හදල තිබුණා. ඒ එක්ක තක්කාලි සෝස් සහ චිලී පේස්ට් එකකුත් මේසෙට ආව.

ස්වීට්, ස්පයිසි රස දෙකම හරි හරියට එන විදිහට ලූණු, තක්කාලි ලොකු කෑලි දාල චිකන් ඩෙවිල්ඩ් කරලා තිබුණෙ කන්න කලින්ම ඇහැත් පිනවන විදිහට.

මේ අතරින් අපි වැඩිපුරම කැමති වුණේ අපි ගත්ත ෆ්‍රයිඩ් පොටේටෝ එකට. පිළිවෙළට හීනියට කපල, ලා කහ පාට වෙනකං පදමට තෙම්පරාදු කරපු අල තීරු, වියළි මිරිස් කෑලි එහෙම දාල ලස්සන කරල තිබුණා. මේක හැපෙනකොට හොඳටම සොෆ්ට්. ඒ වගේම සැරයි.

බීම 

මෙනු එකේ බීම විදිහට සොෆ්ට් ඩ්‍රින්ක්ස්, ෆෘට් ජූස් වගේම ලිකර් එහෙමත් තියනව. අපි ඕඩර් කළා වෝටර්මෙලන් ජූස් එකක්. උස වීදුරුවක දාල පොඩි කොමඩු කෑල්ලකින් සරසල එහෙම ගෙනත් දීපු බීම එකේ රස සීනි එහෙම ගාණට. හැබැයි පොඩි ෆ්‍රෙෂ් මදි ගතියක් නං දැනුණා. 

අවසාන වශයෙන් 

කෑමබීම නියමයි කියලම කියන්න බැරි වුණත් ජේඩ් ඩ්‍රැගන් එකෙන් අවුලක් නැතුව බඩ පිරෙන්න රහට කන්න පුළුවන් කියල කිවහැකි. පිරිසිදුකම ගැනත් තව පොඩ්ඩම පොඩ්ඩක් සැලකිලිමත් වුණා නම්, එන අයට මෙතන තව ප්‍රසන්න වෙන්න ඉඩ තිබුණා.

See 1 Comment



Latest