Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Java Lounge (Fort)

No.7, Hospital Street, Colombo 01.


The Java Lounge has spawned yet another coffeeshop at Colombo 01. They still serve the same items from their menu and nothing much has changed except for the great new location.



ඉස්සර වගේ නෙවෙයි, දැන් කොළඹ හෙන හැපනින්. මීට අවුරුදු දහයකට කලින් කාලෙයි, දැනුයි සලකලා බැලුව ම ඒක හොඳින් ම පෙන්නුම් වෙනවා. ඩච් හොස්පිටල් එකයි, ෆෙයාවේ හෝටලයයි අවට හරියේ නිතරම පැවැත්වෙන ඉවෙන්ට්ස් වගේ ම, මේ හරියේ තියෙන හොඳ තත්ත්වයේ රෙස්ටෝරන්ට් තොගය නිසා දැන්දැන් සංචාරක අවධානයත් වැඩියි. ඔන්න ඔය අතරේ තියෙන ජාවා ලෞන්ජ් එක ගැන තමයි මේ කතාව.

ජාවා ලෞන්ජ් කියන්නේ ලෝකල් ෆ්‍රැන්චයිස් එකක්. කොටුවේ තියෙන එක හැරුණා ම, බම්බලපිටිය සහ ජාවත්තේත් මේ අයගේ අවුට්ලට් දෙකක් තියෙනවා. ගිහින් ම බලමුකෝ එහෙනම්, මේ තුනෙන් හොඳ ම ජාවා ලෞන්ජ් එක කොහෙද කියලා.

තැන

කොටුවේ ඩච් හොස්පිටල් එක පිටිපස්සේ තියෙන හොස්පිටල් ස්ට්‍රීට් එකේ තමයි මේක තියෙන්නේ. හරියට ම කිව්වොත් Fairway Colombo එකයි, මේ ජාවා ලෞන්ජ් එකයි වෙන් වෙන්නේ එකම බිත්තියෙන්.

හැම ජාවා ලෞන්ජ් එකක් ම වගේ මෙතැනත් හරි ම රිලැක්ස් ගතියක් තියෙනවා. හප්පේ! ඔය තියෙන සැප පහසු තඩි කුෂන් පුටුවක වාඩි වෙලා, කෝපි උගුරක් එහෙම බොද්දී දැනෙන සනීපෙ!

කෑම බීම

පැස්ටා, බර්ගර්, සැන්විච්, වොෆල්, ලසඤ්ඤා වගේ කෑම වර්ග කීපයක් එක්ක කෝපි, අයිස් තේ, ෆ්රැපේ, ෆ්‍රෙෂ් ජූස් සහ චොකලට් බීම වර්ග තොගයක් ජාවා ලෞන්ජ් එකේ මෙනුවේ තියෙනවා. ඔය අතරින් අපි කෑම විදියට ඕඩර් කළේ Spaghetti aglio e olio (රු.650), සහ Spicy Grilled Chicken Breast Sandwich (රු.620) එකක්. බීම මෙනුවෙන් Cappuccino (රු.390, කැරමල් දාලා රු.510) එකකුයි, Iced Latte (රු.460) එකකුයි ගත්තා.

මුලින් ම කියන්නම් බීම ජාති ටික ගැන. අපි ඕඩර් කරපු අයිස්ඩ් ලාටේ එක ශේප්. සීනි තේ හැන්දක්, දෙකක් වගේ දාගත්ත ම අවුලක් නැතුව බොන්න පුළුවන්. කොහොමත් ලාටේ කියන්නේ කෝපි රස තරමක් අඩුවෙන් දැනෙන එකක්නේ. මේකෙත් ඒ ගතිය තිබුණා. හැබැයි තව පොඩ්ඩක් කිරි රස ආවනම්, මීට වඩා රස වෙන්න තිබුණා.

කැපුචිනෝ එකත් අවුලක් නැහැ. අපි ගත්තේ ස්මෝල් සයිස් එකනේ. ඕනේ නම් ටෝල් සහ ග්‍රැන්ඩේ සයිස් එකෙනුත් මේක ගන්න පුළුවන්. අපි කැපුචිනෝ එක ගනිද්දී ඒ කට්ටිය කිව්වේ ගොඩක් ස්ට්‍රෝන්ග් කියලා. හැබැයි අපට එහෙම ස්ට්‍රෝන්ග් ගතියක් නොතේරුණේ කැරමල් සිරප් එක නිසා වෙන්න ඕනේ. මේකට නම් සීනි ඕනෙම නැහැ. කැරමල්වලින් ඒ පැණි රස හොඳ ගානට එනවා. උකු ගතියත් හොඳට තිබුණු නිසා ආසාවෙන් බොන්න පුළුවන්.

පැස්ටා එක ගැන අපේ ඒ හැටි සන්තෝසයක් නැහැ. පාර්මේසන් චීස් දාලා තිබුණේ හරි ම ළාවට. සාමාන්‍යයෙන් මේ වර්ගයේ පැස්ටාවල මීට වඩා චීස් තියෙන්න ඕනේ. හැබැයි ලොකු පෝෂන් සයිස් එකක් නිසා කෙනෙක්ට බඩ පිරෙනකම් කන්න ඇහැකි.

සැන්විච් එකත් රසයි. ග්‍රිල් කරපු තඩි චිකන් කෑලි කීපයක් එක්ක එළවළු මේකට පුරවලා තිබුණා. බන් එකත් ගොඩක් අලුත්. ඒ ෆ්‍රෙෂ් ගතිය තවත් වැඩි වුණේ සැන්විච් එක මැද්දට දාලා තිබුණු තක්කාලි, සලාද කොළ, සහ ලූණුවල තියෙන නැවුම් බව නිසා. අරහෙන් මෙහෙන් අමු මිරිස් කෑල්ලක් හැපෙනකොට තවත් මරු.

එක ම අවුල වුණේ මේ ග්‍රිල් කරපු චිකන්වලින් මහ ලොකු රසක් මේකට එකතු නොවුණු එක තමයි. අපට තේරුණු විදියට නම් මේ චිකන් ග්‍රිල් කරද්දී ගාලා තියෙන සෝස් ප්‍රමාණය සෑහෙන්න අඩුයි.

සර්විස් එක

සේරමත් හරි, කෑම බීම එනකම් බලාගෙන ඉන්න එක තමයි එපා වුණේ. මොකද ඒ වෙලාවේ මුළු රෙස්ටෝරන්ට් එකට ම හිටියේ අපි විතරයි. එහෙම වෙලත් අපේ ඕඩරේ සේරම ජාති ටික මේසෙට එන්න විනාඩි 20ක් විතර ගියා. පහු පහු වෙනකොට සෙනඟ පිරෙද්දී, සර්විස් එක තවත් ස්ලෝ. ඒ වුණාට මේ ස්ටාෆ් එකේ අයගේ සුහදශීලී ගතියෙ නම් කිසිම අඩුවක් නැහැ.

අවසාන වශයෙන්

වටේ පිටේ තව රෙස්ටෝරන්ට් තොගයක් තිබුණත්, ජාවා ලෞන්ජ් එකට එන සෙනඟ ප්‍රමාණයේ අඩුවක් නැත්තේ මෙතැන තියෙන නිස්කලංක ගතිය නිසා ම වෙන්න ඕනේ. පොත් කියවන ගමන් කෝපි බොන අය වගේ ම, ලැප්ටොප් දිග ඇරගෙන පාඩම් කරන, වැඩ කරන අයත් කීපදෙනෙක් අපට මෙතැන දැකගන්න ලැබුණා. කොහොම වුණත්, මෙතැනට වඩා බම්බලපිටිය, ජාවත්ත ජාවා ලෞන්ජ්වලින් අපට හොඳ අත්දැකීමක් ලැබුණු වග නම් අනිවාර්යෙන් ම කියන්න ඕනේ.

Address

No.7, Hospital Street, Colombo 01.

Directions

It's right behind the Dutch Hospital, straight down Hospital Lane.

Contacts

Report Inaccuracy

Similar Places

User Reviews
N
2

2/5

0

navj

Had a pastry and a Oreo cheesecake, which seemed to be quite old. Specially the cake which was dry and somewhat hardened after being kept for days.

D
1

1/5

1

DilanYamu

visited today for lunch. the order took over 45 minutes and food was not up to standards… not going there again. disappointed.

N
2

2/5

0

navj

Had a pastry and a Oreo cheesecake, which seemed to be quite old. Specially the cake which was dry and somewhat hardened after being kept for days.

D
1

1/5

1

DilanYamu

visited today for lunch. the order took over 45 minutes and food was not up to standards… not going there again. disappointed.

See 3 Comments