Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

KAMUKO

215/1, Thalawathugoda Road, Pitakotte


Burgers, rice, grilled food and more for affordable prices.



‘කමුකෝ’ තියෙන්නේ පිටකෝට්ටේ තලවතුගොඩ පාරේ. මේ දවස්වල රෙස්ටොරන්ට්වලට ගිහින් කන්න පුළුවන්කමක් නැති නිසා අපි පික්මී ෆුඩ් හරහා ඕඩරයක් දාලා කෑම ටික ළඟට ම ගෙන්නගත්තා. ඊටපස්සෙ කමුකෝ බලන්න කියල ඔන්න අපි පැක් එක ඕපන් කළා.

කෑම

අපේ ඕඩර් එක වුණේ ක්‍රිස්පි චිකන් පීසස් දෙකයි (රු. 450), චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි (රු. 550), චිකන් පැස්ටා කොත්තු එකයි (රු. 490). සියලු ම දේවල් චිකන්වලින් ගන්න සිද්ධ වුණේ එවෙලේ ඒගොල්ලො ළඟ වෙන කිසිම මස් ජාතියක්වත් සීෆුඩ්වත් නොතිබුණ නිසා.

සෝස් ටිකකුත් එක්ක එවල තිබුණ ක්‍රිස්පි චිකන් පීසස් දෙක උණු උණුවෙ හොඳ ෆ්‍රෙෂ් තත්ත්වයේ තිබුණා. වැඩි තෙල් ගතියකුත් නැති වෙන්න, වටේ ක්‍රිස්පි ගතියට, ඇතුළ සොෆ්ට් ගතියට හැපෙන්න, රන්වන් පාටට බැදිලා.

චිකන් ෆ්‍රයිඩ් රයිස් එකත් එක්ක ගන්න ග්‍රේවි තියන ඩිෂ් එකක් බැලුවට මෙනු එකේ එහෙම එකක් තිබුණෙ නෑ. ඒ නිසා ෆ්‍රයිඩ් රයිස් එක නිකම්ම එවන්නැතුව මොනාහරි හොදි පොඩ්ඩක් වගේ අඩුමකුඩුම ටිකකුත් එක්ක එවයි කියලයි අපි හිතුවෙ. ඒකට මොකද රයිස් එකට ආවෙ චිලි පේස්ට් පොඩ්ඩක් විතරයි. බතේ වියළි ගතිය යන්න මොනාහරි තිබුණ නං තමා හොඳ! හැබැයි ඉතින් චිකන්, බිත්තර, කැරට්, ලීක්ස් එහෙම පමණට දාල හදල තිබුණා. චිලි පේස්ට් එකෙත් විශේෂයක් නෑ, සාමාන්‍යයෙන් කඩේ තියන චිලි පේස්ට්වල රස තමා. රයිස් පෝෂන් එක නං ගොඩක් ලොකුයි.

ඊට සාපේක්ෂව පැස්ටා කොත්තුව නං සෑහෙන හොඳයි. ක්‍රීමි ගතියයි. චිකන් කෑලි ගොඩක් මික්ස් කරලා තිබුණ වගේ ම, කුළුබඩුවලින් එහෙමත් සරු නිසා සෑහෙන ස්පයිසි. තවත් සැර වෙන්න වගේ මේකටත් ඒගොල්ලො චිලි පේස්ට් පොඩ්ඩක් බෙදල තිබුණා. 

අවසන් වශයෙන්

කෑම ටික නරක නෑ, හැබැයි රයිස් එකේ රස ගැන තව හිතනව නං වැඩි දියුණු කරගන්න පැති මේගොල්ලන්ට තියනවා. විශේෂයෙන් මෙනු එකට කරි මොනාහරි එකතු කරගන්න පුළුවන් නං මරු.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment