Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Kimbúla

Delivery only


A superb, yet a quite expensive option for Kimbúla bunnis.



ලංකාවේ අපි ආස ම බේකරි කෑමක් කිඹුලා බනිස්. මෙච්චර කල් අපි කෑවේ එක ම රහක් තියන කිඹුලා බනිස් නේ. ඉතින් අපි හොයාගත්තා එක එක රහට කිඹුලා බනිස් හදන අලුත් තැනක්. මෙතන නම ම ‘කිඹුලා’. හෝම් බේස්ඩ් බේකරියක්. මේගොල්ලන්ගෙ කිඹුලා මරු. හැබැයි හොඳට ම ගණන්!

කිඹුලා

මෙනු එක ගැන කියනවා නම් මෙනු එක සෑහෙන ලොකුයි. ස්වීට් සහ සේවරි කියන වර්ග දෙකෙන් ම එක එක රහට හදන කිඹුලා ජාති මහ ගොඩක් මෙයාල ළඟ තියනවා. උදාහරණයක් කිව්වොත් චොක්ලට් කිඹුලා, ජෑම් කිඹුලා, සිනමන් කිඹුලා, චීස් ඇන්ඩ් පොල් සම්බල් කිඹුලා වගේ තව ගොඩක් ජාති.

අපි ඕඩර් කළා වර්ග හතරක්. ඒ තමයි ප්ලේන් කිඹුලා (රු. 250), චොක්ලට් නටෙලා කිඹුලා (රු. 450), කොෆී ග්ලේස් කිඹුලා (රු. 400) සහ ටූනා ඇන්ඩ් චීස් කිඹුලා (රු. 600).

ප්ලේන් කිඹුලා එක හොඳ රසට සොෆ්ට් ගතියට තිබුණා. සයිස් එක නම් සාමාන්‍යයෙන් කඩේ තියන කිඹුලා බනිසක සයිස්. හැබැයි රස හොඳයි. කොහොම වුණත් උඩින් ඉහලා තිබුණ සීනි ප්‍රමාණය ටිකක් අඩු වුණා නම් හොඳයි කියල හිතුණා.

ජාති හතරෙන් වැඩිපුර ම අපේ හිත් ගත්තේ චොක්ලට් නටෙලා කිඹුලා එක. දෙකට කඩලා බලද්දි ඇතුළ වැඩිය නටෙලාවලින් ස්ටෆ් කරලා තියන බවක් නොපෙනුණාට, කාල බැලුවම නටෙලාවලින් රස නහර පිනා ගියා. ඇත්තට ම මේකට නටෙලා ගොඩක් දාල තියනවා. ඒ වගේ ම චොක්ලට් රසට ගැළපෙන්න බනිස් එකත් බ්‍රවුන් පාටක් එන විදිහටයි හදල තිබුණෙ.

කොෆී ග්ලේස් කිඹුලා බනිස් එකත් හොඳ කෝපි රහයි. ඒ වගේ ම ෆ්‍රෙෂ් ගතියයි. හැබැයි උඩ කෝටිං එක තව ටිකක් ගනකම් වුණා නම් තවත් හොඳයි.

සේවරි මෙනු එකෙන් අපි තෝරගත්ත ටූනා ඇන්ඩ් චීස් කිඹුලා එක නං පංකාදු පහයි. මේක හදල තිබුණෙ හොඳ ගන ටූනා පේස්ට් එකක් ස්ටෆ් කරලා. ඒ වගේ ම තක්කාලි, අමුමිරිස් එහෙමත් එකතු කරලා. තඩි චීස් පෙති දෙකකුත් පුරවලා. ටූනා පේස්ට් එකෙන් යන්තමින් එන සැරයි, චීස් රහයි දෙක ම නිසා මේක හොඳ රස, බඩ පිරෙන කිඹුලා බනිසක් කියල කියන්න පුළුවන්.

ඕඩර් කරන විදිහ

කිඹුලා එකේ ඉන්ස්ටග්‍රෑම් / ෆේස්බුක් පේජ්වලට මැසේජ් කරලා හරි, 0760304797 නොම්මරේට වට්සැප් කරලා හරි ඕගොල්ලන්ටත් මේ අලුත් තාලේ කිඹුලා බනිස් ගෙන්නගන්න පුළුවන්. හවස 3.00 - 6.00 අතරෙ මේගොල්ලො ඩිලිවර් කරනවා. නුගේගොඩට ගෙන්නගන්න අපිට ගිය ඩිලිවරි ෆී එක රු. 250යි.

අවසන් වශයෙන්

කිඹුලා එකේ කිඹුලා බනිස්වල රස පදම ගැන අපි සෑහෙන සතුටුයි. විශේෂයෙන් ම සේවරි කැටගරි එකේ ඒවා. ඒත් ගණන් වැඩි එක තමයි පොඩ්ඩක් කේස් එක. ඒ ගැන සලකා බලන්න පුළුවන් නම් වටිනවා.

Cuisine

Sri Lankan Fusion Home Baker

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Bready

Ratings Breakdown

Overall Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment