Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for TEA STALLS sbb 1 Artwork for providore.shop sbb 2

4/5

King Chef Restaurant

189,Galle RoadPanadura


A nice place to eat Asian food while having a chat with friends or ...



කිව්වට විශ්වාස කරන්න යාළු, මෙච්චර කාලෙකට කාලා තිබ්බෙ නෑ කිරට මිරිසට දෙකටම හදපු එකම කරියක්. පස්සෙ පානදුර ‘කිංග් චෙෆ්’ එක සෙට් වුණා...

මේකනෙ වුණේ. ඔන්න මම කාලෙකට පස්සෙ අරයව හම්බවෙන්න කියල පානදුරේට ගියා. වැඩේ කියන්නෙ 2ට එනව කියල, මම ගියේ 3ටනෙ. ඉතින් බස් එකෙන් බහිද්දි ඉන්නව පුම්බගෙන.

“හෆොයි අදත් හරි” මම හිත හදාගෙනමයි පාර මෙහා පැත්තෙ ඉඳන් කතා කලේ. මූණත්, බිමටම එල්ලගෙන ඔන්න දැන් එනව ඈ.. පාර පැනල.

“හී… සුදු!”

“කතා කරන්න එපා… කොහාටද යන්නෙ?”

“යන්නේ… මේ,

සුපිරි ප්ලේස් එකක් තියෙනව අර කලින් හෝල්ට් එක ගාව. අලුතෙන් දාපු එකක්ද කොහෙද. ඒෂියන් ෆුඩ් සීන් එකක් තියෙන්නෙ. වැඩිය කට්ටියත් නෑ පැට්ටො. එතනට යමු”

“ආ.. එහෙමද කට්ටිය නැති එක හොඳයි. යංකො යංකො මම අල්ල ගන්න ත@#$%^&”

අඩ හෝරාවක පමණ සිහි මද ගතියකි!

ලාවට සිහිය එද්දී මා සිටියේ අතිශය නිස්කලංක, අලංකාර වට පිටාවකින් හෙබි ස්ථානයකය. ඉදිරියෙන් වූ අපූරු ඇන්ටික් මේසය මත අඹ ජූස් එකක් (රු. 300) සහ දෙහි ජූස් එකක් (රු. 200) විය.

“සර්, කෑමට මුකුත් ගන්නවද?”

ඈ.. හුටා, මෙච්චර වෙලා කෑම ඕඩර් කළේ නැද්ද?

“ආ… ඔව් ඔව් ගන්නව. මෙනු එක ගේන්නකො”

දඩ බඩ ගාලා පුටුවෙ කෙළින් වෙලා වාඩි වුණ මම මෙනුව අතට ගත්තෙ කිංග් චෙෆ් ස්පෙෂල්ස් පැත්ත හරවලමයි. මොකද අරයට හොඳම දේ දෙන්න එපැයි. මම දන්න විදියට එයා කැමති නාසි නිසා මුලින්ම කිංග් චෙෆ් නාසි එකක් (රු. 680) ඕඩර් කළා. පස්සෙ ෂේප් එකේ බලල දෙන්නම කැමති සිංගපෝර් ෆ්‍රයිඩ් චිකන් එකක් (රු. 800) ඕඩර් කළා.

ඒක නෙවෙයි මට ඇත්තටම මතක නැත්තෙ කවුද ජූස් ඕඩරේ කළේ කියල.

අවුලක් නෑ, කාගෙ වුණත් මොකෝ කියල අඹ ජූස් එක අතට ගත්තු මම වේලිලා තිබ්බ තොල කට තෙමා ගන්න ලාවට අඹ චුට්ටක් තොල ගාලා බැලුවා. ෂප්පේ.. රස!, ටොප් බඩුනෙ. ඒ, ඇත්තමයි ජීවිතේට බීලා නෑ මෙච්චර රස අඹ ජූස් එකක්. සත්තයි. කිව්වට විශ්වාස කරන්න යාළු පියෝ අඹයි වතුරයි විතරයි. ඒකත් අඹ බ්ලෙන්ඩ් කරල නෙවෙයි අතින් මිරිකල. සමහර විට රස පදමට ලුණු චුට්ටක් දාන්න ඇති. මුලදි මුලදි බටෙන් බොන්න පුළුවන් වුණාට අඹ කෑලි හිරවෙන නිසා මම අන්තිමට අඹ බිව්වෙ බටේ අයින් කරල. මොකද එතකොට රස නහර පිනා යන්න, අඹ කෑලි එහෙමත් හැපෙනවනෙ.

දෙහි ජූස් එකත් පංකාදු පහයි කියන්නකො. අනම් මනම් රස කාරක නෑ. දෙහි ඇඔුල හොඳට දැනෙන්න, සීනි එහෙමත් චුට්ටක් විතර දාලා, ඇත්තටම කෑම වේලක් කන්න කියාපු කටගැස්ම.

කොහොම කොහොමින් හරි අපි ජූස් වීදුරු දෙකෙ බාගෙට වගේ හිස් කරගෙන යද්දි ඕඩර් කරපු කෑම ටිකත් මේසෙට ආවා. හප්පේ… සුවඳ? මතක් වෙද්දිත් කටට කෙළත් උනන ගානයි. මොනව කලත් ලේඩීස් පස්ට් නිසා මම මුලින්ම කලේ ගෑණු ළමයට නාසි බෙදා ගන්න ඉඩ දීලා, සිංගපෝර් ෆ්‍රයිඩ් චිකන් එකත් එක්ක පොඩි සයිඩ් මැච් එකක් සෙල්ලම් කරපු එක. පොඩි කිව්වට පොඩ්මත් නෑ ඉතින්. මොකද චිකන් කෑලි ලොකුයිනෙ.

වැඩේ කියන්නෙ කවරයේ කතාවට පසුබිම හැදුණෙත් ඔතනින්නෙ. වෙන දෙයක් නිසා නෙවෙයි කිංග් චෙෆ් සිංගපෝර් ෆ්‍රයිඩ් චිකන් එකේ, රසේ තියෙන අමුතුම ගතිය නිසා. අවංකයෙන්ම කිව්වොත් ඒකෙ මිරිස් රසයි, කිරි රසයි දෙකම පදමට සෙට් වෙලා කියන්නකො. මට හිතෙන්නෙ මොනව හරි සෝස් වර්ග 2, 3කින් තමයි ගේම ගහල තියෙන්නෙ. හැබැයි පොල් කිරෙන් හදල, මිරිසට හිංදපු ගතියකුත් තියෙනව. කොහොම වුණත්වේලපු මිරිස් කරල්, ලූණු කොළ, මාළු මිරිස් එහෙමත් දාලා නිසා රස නම් පංකාදු පහයි. අනික තඩි චිකන් කෑලිත් 6ක් 7ක්ම පිඟානෙනෙ.

ඒත් චිකන් එක එහෙම වුණාට නාසි එක එහෙම වුණේ නෑ. ඒකෙ බිත්තර ඔම්ලට් එක නෑ. චිකනුයි මාළුයි හැරුණාම ඉස්සො, දැල්ලො සොසේජස් ටිකත් නෑ. අනික පපඩමුත් සමහර ඒවා බැදිලා මදි. අනික දාපු චිකන්, මාළු කෑලි ටිකත් තම්බල විතරයිනෙ. අඩුම තරමෙ පදම් කරලවත් තිබුණ නම්…

හැබැයි බත් එක නම් පට්ට රසයි. ආයෙ චිලී පේස්ට් ටිකක් දා ගත්තාම ගමකට කත හැකි. ඇත්තටම ඒ නිසා ගොඩ ගියා මිසක්, නැත්නම් අරයගෙන් ආයෙත් බොරේ!

අනික කාමර ඒසී. කරල, ෆෑන් එහෙමත් දාල තිබ්බ නිසා තවත් ෂේප්. රෙස්ට් එකටම හිටියෙත් අපි දෙන්න විතරනෙ, ඒකෙන් කතාවෙ අන්තිම හරිය, යාන්තම් ආදරණීය විදියට ඉවර කරගන්න චාන්ස් එකක් හම්බවුණා.

හම්මේ… දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.


TIP

Try Pork & Beef dishes.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment