Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Li's Kitchen

Delivery only


A cloud kitchen focused on Chinese delicacies.



Li's Kitchen කියන්නේ පික්මී ෆුඩ් එකේ තියෙන තවත් ක්ලවුඩ් කිචන් එකක්. ලෝකල් ස්ටයිල් එකට හදන චයිනීස් කෑම තමයි මෙයාලගේ ස්පෙෂල්ටි එක. අපිත් දැම්මා ඕඩරයක්. ඔයාලගේ පික්මී ෆුඩ් රේඩියස් එකේ මේ කට්ටියව පෙන්නන්නේ නැත්තන්  +94 77 847 7019 කියන නොම්මරේට WhatsApp කළා නම් හරි. 

කෑම 

අපි දෙතුන් වතාවක් ම ඕඩර් කරන්න බැලුවා. හැබැයි ඒ හැම වෙලාවේ ම වගේ මෙනුවේ ගොඩක් අයිටම් තිබුණේ නෑ. මෙදා සැරේ ශේප් එකේ ටිකක් තිබුණා. ඉතින් අපි ගත්තේ පෝක් නාසි ගුරන් (රු. 550) එකකුයි, චිකන් ඩම්ප්ලින්ග්ස් පෝෂන් (රු. 600) එකකුයි.

මේ තියෙන්නේ පෝක් නාසි ගුරන් එක. මේකේ හොඳ වගේ ම නරකත් තිබුණා. හොඳ දේවල් ටික ගැන මුලින් ම කියලා ඉම්මුකෝ. ඇත්තමයි මදි නොකියන්න පෝක් තිබුණා මේකේ. අනික ඔක්කොමත් වගේ මස්. තෙල් කෑල්ලක් තිබුණේ ඉඳලා හිටලා. අපට තේරුණ විදියට පෝක් ෆැට් එකේ තමයි බතත් සීසන් කරලා තිබුණේ. ඒ නිසා හෙන ම ස්මොකි ගතියක් තිබුණා බතේ. රහත් වැඩියි. ඒත් ඒ නිසා ම තෙල් ගතියත් හොඳම වැඩියි. කටක් දෙකක් කද්දී බඩ පිරෙනවා. මොනවා වුණත් ස්පයිසි රස වැඩි නිසා ඩයට් එකට වැඩිය බයිට් එකට තමයි මේක ගැලපෙන්නේ. 

චිකන් ඩම්ප්ලින්ග්ස් ටික නම් ෂෝක්. රු. 600ට 10ක් ම ලැබෙනවත් එක්කනේ. මේවා හරිම සිල්කි, සොෆ්ට් ටයිප් එකේ ඩම්ප්ලින්ග්ස්. යට පැත්ත පොඩ්ඩක් ෆ්‍රයි කරලා. චිකන් ෆිලින් එකත් ගොඩක් රසට තිබුණා. ඔය පැත්තෙන් තියෙන සෝස් එකෙන් ඩිංගක් ගාවගත්තම තවත් මරු.

අවසාන වශයෙන් 

ඩම්ප්ලින්ග්ස්වලට නම් අනිවාර්යෙන් ම අපි රෙකමදාරු කරන තැනක් මේක. තව මොනව හරි ට්‍රයි කරලා බලන්න තිබුණා නම් තමයි වටින්නේ. බලමුකෝ ඊළඟ පාර රිවිව් එක දාද්දි. 


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment