Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

London House of Coffee

2B, Gregory's Road, Colombo 07

London House of Coffee is a new coffee shop located on Gregory's Road serving Ceylon Coffee - roasted in-house.

ගියේ නම් හදිස්සි වැඩකට. ඒත් පස්සෙ හිතුනා කෝපියක්වත් බිව්වොත් හොඳයි කියලා. මොකද.. ඒ වෙද්දි උදේට කාලා හිටයෙත් නෑ, තිබ්බ වැඩත් එක්ක දවල්ට කන්න ලැබෙන පාටක් තිබ්බෙත් නෑ.

ඉතින් හරි හරියට, ඇතුළට යනකොටම, කැෂියර් එක ළඟ තිබ්බ මෙනුව අතට ගත්ත මම පිට දෙක පෙරළලා.. ඕඩර් කලා ග්‍රිල්ඩ් චීස් ටෝස්ට් එකකුයි (රු.630)  ඩාර්ක් චොක්ලට් ලටේ එකකුයි (රු. 690). ඕඩර් කරලා ඔන්න උඩට ගිහින් වැඩ!

වැඩ කිව්වාම ඉතින් දන්නෙ නැද්ද.. පටන්ගත්තට පස්සෙ ඉමක් කොනක් නෑනෙ. කොහොම හරි විනාඩි පහට දහයට මට කෑම ටිකත් අමතක වෙලයි තිබ්බෙ. වෙලාවට සේවක මිතුරිය ඒ ටික ළඟටම ගෙනාවෙ.

“තැන්ක්යූ..

ම්.. මට ලන්ච් එකටත් මොනවහරි ඕනවෙයි. පැස්ටා වගේ මොනවද තියෙන්නෙ?”

“සර්.. ‘චීසි මෂ්රූම් පෙනේ’ (රු. 800) තමයි අපේ ගොඩක්ම යන්න. ඒකෙන් එකක් ගේන්නද?”

“ආ.. හාහ්. ඒනම් ඒකෙන් එකක් ගේන්න. ඒකයි ඩෙසට් එකට චොක්ලට් කේක් පීස් එකක් වගේ?”

“ඕකේ සර්. ‘ඩෙත් බයයි චොකෝ’ (රු. 510) එකෙන් පීස් එකක් ගේන්නම්”

“නියමයි. හැබැයි 12.30ට වගේ හොඳද”

“ඕ.. කේ සර්”

..කියල සේවක මිතුරිය ගියත් හරි, හරි හරියට ගත්තෙ චීස් ටෝස්ට් කෑල්ලක් අතට. අරගෙන කටට දෙකට බඩට!

ෂැහ්! පංකාදුයිනෙ බොලේ. චෙඩර් චීස් ලේයර් එකක් උඩින් මොසරැල්ලා චීස් ලේයර් එකක්. කද්දි... එකක් ඇදෙනවා, අනෙකෙන් කිරි රස වෑහෙනවා. ඊටත් ළාවට ටෝස්ට් වෙච්ච සැන්ඩ්විච් බ්‍රෙඩ් එක..

ආයෙ බල බල ඉඳිලි මොකටද කියලා මම ඒ ගැම්මටම බිව්වා චොකෝ ලටේ එකෙනුත් උගුරක් දෙකක්, උණු උණුවෙම.

“හෑ.. කෝ බොලේ මේකෙ ඩාර්ක් චොක්ලට්?”

ලෝක ප්‍රශ්නයක්. සත්තයි ඒකෙ ඩාර්ක් චොක්ලට් රසක් ගෑවිලාවත් නෑ. හොඳ කෝපි රසක් නම් එනවා. එතකොට.. චොකලට් රසත් නූලට. පැණි රසත් හරි. හැබැයි ඩාර්ක් වෙනුවට එන්නෙ නම් මිල්ක්..

හ්ම්..

ඔය විදියට වුණාට පස්සෙ ඇත්තටම මම හරි දෙගිඩියාවෙන් හිටියෙ මගේ පැස්ටා එකයි, ඩෙසට් එකයිත් අල වෙයි කියලා. ඒත් මොකක්දෝ වාසනාවකට..

අනේ අවාසනාවම කැරකුණා කියන්නකො. හරියටම 12.30 වෙද්දි මේසෙට නම් ආවා.. දුම් දදා ‘මෂ්රූම් පෙනේ’. ඒත් ඒකෙ තිබ්බ පැස්ටා, පෙනේ නෙවෙයි. මැකරොනි! ක්‍රීම් චීස් මදි නොකියන්න දාලා. ලුණු පදමත් ළාවට තිබ්බට.. බට්න් මෂ්රෑම් නම් එකක්ද කොහෙද තමයි හීනියට ලියලා ෆ්‍රයි කරලා දාලා තිබ්බෙ. හයියෝ.. කතා කරලා වැඩක් නෑ ඉතින් ඈ..

අර පෙර පිනකට වගේ ‘ඩෙත් බයි චොකලට්’ පීස් එක පංකාදුවට තිබ්බෙ. ඇත්තටම ඒක නම් මල් හතයි ආ.. ඩාර්ක් චොක්ලට්, මිල්ක් චොක්ලට් ලේයර් 4ක් මාරුවෙන් මාරුවට. ඒකත් දෙකක් කේක්. අනික තනි චොක්ලට්..

හැබැයි ඉතින් අවසානයෙ.. හිතේ සතුටෙන් කාපු කේක් පීස් එකටම බඩ නම් පිරුනා, හ්ම්..!

TIP

If you're going after dark, try to get the sofa on the balcony.

Similar Places

User Reviews
A
10

4/5

0

AdamG

Nice place to have a cappuccino. Enjoyed my time there.

J
1

5/5

0

jasmine deen

I came to LHOC today expecting nothing more than an extremely cold cafe with staff who can barely speak english (just like every other cafe in sri lanka) but i was delighted with the amazing and fast service of your waiters. The atmosphere was great and the fact that it was freezing cold was a one up for me. I was served by a lovely waiter by the name of Ramzeen and let me tell you; he is good at what he does. He's quick on his feet and very polite, he also knows how to talk to customers and im proud to say that i would 100% come here again and recommend LHOC to all of my friends! Also, the food and drinks were great, especially the fresh strawberry juice.

M
1

1/5

0

Mico Suba

I went there to work and to have coffee. After finishing my coffee and paying for the bill, I decided to continue working at the place. But, the waiter said that the management is asking me to leave since I have already paid for the bill and since I have finished drinking my coffee. First of all, it's a coffee shop and not a FAST FOOD RESTAURANT. Second, any coffee shop will not ask their customers to leave once they finish their coffee since people go to a coffee place to chill/hangout/work/read. Ambiance is good. Coffee is average. Service is horrible.

See 14 Comments