3/5

Loon Tao

43/12 College Avenue, Mount Lavinia.


Loon Tao, roughly meaning "Way of the Dragon" has lost its claim as a top contender in the Chinese restaurant racket.


ලූං තාවෝ අඩක්, විවෘත වෙරළ කුටියක්. අනෙක් අඩ තරු විමන යට. ලූන් තාවෝ ගල්කිස්ස වෙරළේ සාධාරණ මිලකට සියළුම ආසියානු සී ෆුඩ් ඉදිරිපත් කරනවා. අවන්හලේ තියෙන විශේෂත්වය තමයි ආහරවල ඇති සරලබව. තදින්ම ආසියානු රසවලට හුරුවී ඇති මෙම අවන්හලේ කොත්තමල්ලි, මිරිස්, සුදුළූනු, මහදුරු, තල තෙල්, දෙහි හා ගම්මිරිස් වර්ග ගනණාවක් හරි පදමට දැමූ ආහාර වරදින්නෙම නැහැ.

ඔබට මෙතැනදි රසබර කෑම වේලක් නොලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නවීන දකුනු ආසියානු කෑම වේලක් නොලැබෙන්න පුළුවන්, නමුත් ලූං තාවෝහි කෑම අති විශිෂ්ටයි කියන තත්වයෙන් පහළට නම් යන්නේ නෑ. මෙහි ප්‍රධාන අරක්කැමියෝ දන්නවා මොන ආහාර වේලටද රසකාරක දාන්න ඕනේ කියලා. ඒ වගේම ඔවුන් දන්නවා උදෙන්ම අල්ලපු මාළුවලින් ආගන්තුක නොවන කෑමක් හදන හැටිත්. ඉහත ක්‍රම දෙකම අනුගමනය කරල හදපු එයාලගේ තායි ක්‍රමයට හදපු ගරූපා මෙහි තියෙන ඉහළම කෑමක්. ඔයාලට සේචුවාන් ක්‍රමයට හදපු දැල්ලො මේ මිලට දිවයිනේ වෙන කිසිම තැනකදි ගන්න බැරිවෙන බවනම් විශ්වාසයි.

මේ විදිහට එයාලගේ ගුණාත්මකභාවය ආරක්ෂාකර ගැනීමට ලූං තාවෝ ගෙවන මිල එතරම් ප්‍රතිඵලදායකදැයි හිතෙනවා. නැවත නැවතත් එයාලා ළඟට ගියොත් ලැබෙන්නේ හීනවන ප්‍රතිඵල. එකම දීසියෙ උණත් පළවෙනි දවසෙ දැනෙන රස නෙවෙයි ඊළඟ දවසෙ දැනෙන්නේ. පළවෙනි වර රස බැලීමේදී හොඳින් දැනුණ රස ඊළඟ දීසියේදි නැතිවෙලා යනවා. මෙනූ එක විශාල වුණත් ගුප්ත විදිහට සීමිතයි. සෘතු වෙනස නිසා රාත්‍රී ආකාසේ වෙන වෙනසත් වෙරළට ගහන රැළිවල වෙනසත් හැරුණකොට ලූං තාවෝහි එක සන්ධ්‍යාවක් ඊළඟ සන්ධ්‍යාවෙන් වෙනස් වෙන්නේ නැති තරම්.

ඒත් ලූං තාවෝ එකට හොඳ තුරුම්පුවක් තියෙනවා. ඒ තමයි අවන්හල පිහිටි තැන. ගෝල්ඩන් මයිල් තීරුවෙ මැද හරියේ පිහිටි, හොඳම වෙරළ තීරයේ තියෙන අවන්හල් වලින් එකක් තමයි මේ අවන්හල. මෙහි ඇතුල්වෙන තැනට මුහුද ප්‍රමාණවත් දුරකිනුයි තියෙන්නේ. කොලෙජ් රෝඩ් එක කෙළවර කෝච්චි පාරට උඩින් පැනලා හරි, වැලි තලාව දිගේ කෙටි සක්මනකින් හරි අවන්හලට එන්න පුළුවන්. පොල් අතු වහලයි ගොරහැඩි මෙසයි මෙහි වටපිටාව අලන්න්කාර කරනවා. ඒත් ලූං තාවෝ එකේ වාතාවරණයනම් හැමතිස්සෙම සර්වසම්පූර්ණ නෑ. ධ්වනි සංගීතඥයෙක්ව ගොඩක් රාත්‍රිවලට ගෙන්වනවා. එයා සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි. ඒත් ගොඩක් වෙලාවට ඔබට ඕනැවෙන්නෙ සාගර තරංග ඔබේ කණේ නගන සංගීතය පමණයි. සංගීතඥයාගේ සංගීතය කොතරම් පසුගාමීද කියනවනම් ඒක හරියට ඔබට කරන හිංසාවක් වගේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබට පෙනෙන්නට පුළුවන් එහා පැත්තේ අවන්හලේ ඝෝෂාකාරී මංගල උත්සවයක් හරි කාර්යාලයීය උත්සවයක් හරි පවත්වන හඬ. ලිල් වේන් අසළ ඇති ඉන්දියන් සාගරයට අසභ්ය රැප් ගායනා කරනව වැනි තවත් දෙයක් නෑ ඔබේ මනෝභාවයට බාධා කළහැකි.

මොනව වුණත්, ලූං තාවෝ එකට යන ගමනක්නම් හොඳටම වටිනවා, විශෙෂයෙන්ම අවන්හල ගැන නොදැන යනවනම්. මේක බොහෝවිට මේ බිම් තීරයේ තියෙන හොඳම අවන්හල වෙන්න පුළුවන්. සමහරවිට ඒකට හේතුවක් වෙන්නැති එයාලට තරගයක් දෙන්න තරම් හොඳ තරගකාරයෙක් නැති එකත්. ලූං තාවෝ නිතරම හවස් ජාමයන්වල ගිහින් විනෝද වෙන්න තරම් හොඳ තැනක් නොවෙන්න පුළුවන්. ඒත් කලාතුරකින් ඉතාම ප්‍රමෝදජනක රාත්‍රීන් මෙතනට උදා වෙනවා. සිතිජය දිගේ හඳ නැග එනකොට, ජලතලය මත සඳරැස් ගලනකොට, මුහුදු සුළං ඔබේ මුහුණේ දැවටෙනකොට, ඔබේ කකුල්වල ඇඟිලි අතර වැලි දැවටෙනකොට ඔබට ලොකේ ඔනෑම දෙයක් කාලා ඒක ලෝකෙ තියෙන හොඳම කෑම යයි කියන්න පුළුවන්වෙයි.

ඉඟි

අපි පුද්ගලිකව ලූං තාවෝලගෙ හොට් බටර් කට්ල්ෆිෂ් කෑවේ නැති උණත්, නගරයේ ඒ දීසියට තියෙන හොඳම ප්‍රසිද්ධිය තියෙන්නෙ මෙයාලට.

TIP

Three's a crowd - If you have the numbers get their Garupa done two different ways.

Address

43/12 College Avenue, Mount Lavinia.

Contacts

Open 11 to 3- Afternoon 6 to 11 - Evenings

Cuisine

Chinese Sri Lankan Chinese

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Noodles Seafood Lamb Fish Beer Wine Spirits Cocktails

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
2
Ambience Rating
4


Latest