60/1, Yatinuwara street, Kandy
Closed right now
Nice old fashion place to chill with beer and delicious authentic Sri Lankan & Sri Lanakan Chinese
හුදකලාව මකාගන්න කියල..
දස අතේ කල්පනා කලා සිහින මවල!
ඒත් කොහෙද, හරි හමන් තැනක් ඉන්ටනෙට් එකේවත් නෑ කියන්නකො.
මොකද කරන්නේ.. කියල කල්පනා කරපු මම ඔන්න ඔහෙ පොඩි දෙයක් මොනවහරි කාලා ගෙදර යනව කියල, පැන්න පාර අනික් පැත්තට. පැනල.. යටිනුවර පාරට හැරුන විතරයි..
‘පෑ..ක්’ ගාගෙන, ආවෙ කාර් එකක්. ඇවිල්ල කෙලින්ම නතර කරපි මගේ ඉස්සරහම.
“අඩෙහ් කොහෙද යන්නෙ. බොලා අපිට හොරෙන් අපේ ගම්වලට ඇවිල්ල. කෝල් එකක්වත් නෑ”
“අප්පටසිරි චාමරය. නෑ බං, මම කෝල් එකක් ගහන්නත් කල්පනා කරල.. ඒත් අද සඳුද නිසා ගැහුවෙ නෑ. උබල වැඩනෙ බං. අනික සතියෙ පළවෙනි දවසම, බොන්න කතාකරල මස්තබාල්දු කරන්න පුළුවනයැ.
ඉතින් ඉතින් මොකෝ බං වෙන්නෙ? මම මේ මොනවහරි කරන්න කියල බං බැලුවෙ. ඒත් තනියමත්, කම්මැලි නිසා බඩට මොනවහරි දාගෙන ඔන්න ඔහෙ ගෙදර යනව කියල හිතුව”
“හෑ.. බොන්න?
පිස්සු කතා කරන්න එපා බං. මං මේ ගෙදරින් එළියට බැස්ස විතරයි වැඩ පටන් ගන්න කියල. එහෙම නෙවේ, නැගහංකො නැගහංකො. අපි මොනවහරි කන්න යං. ගිහිල්ල මම එහෙම්මම…”
පටන් ගත්ත කතාව ඉවර වුණේ ලොකු වටයක් ගිහිල්ල. හැබැයි වැඩේ කියන්නෙ අපි ඒ වටේ යන ගමන් කොච්චරවත් කඩ බැලුව. එකක්වත් හරිහැටි සෙට්වුණේ නෑ කියන්නකො. කොටින්ම කියතොත් නුවර වෙසෙන යාළුවට පවා. පස්සෙ ඉතින්.. මොනව කරන්නද කියල අල්ලන්න කල්පනා කලා ‘මචං’ හරි ‘HQ’ හරි පැත්තට.
“මෙහ්, HQ ගියොත් මට දුරයි බං. අනික දැං ඕකක ගියා කියන්නෙ ඉතිං උබ බිව්වෙ නැති වුනාට මං බොනවනෙ. ඒ නිසා ළඟ තියෙන මචං එකටම යමු”
“උබේ කැමැත්තක් ඉතින්, ඒනං ඔන්න දැම්ම ඈ..”
බැලින්නං මචං එක එතනම!
වාහනේ පාර්ක් කරල දෙන්නත් එක්ක පොඩි දුරක් පයින් ගියාට මොකද රෙස්ටුරන්ට් එක ඇරියෙත් එවෙලෙම වගේ නිසා ලොකු අවුලක් තිබ්බෙ නෑ. හැබැයි ඉතින් ‘යහපත් රටකට හොඳ පුරුදු’ කියන්න වගේ.. 2න්නෙක් එතකොටත් ඇතුලෙ.
“හිහ්, ඊයෙ කට් වෙච්ච එවුන්ද කොහෙද. නැත්නං කොහෙද බං මෙච්චර ඉක්මනට”
මුමුණ මුමුණ අපි හෙමින් සැරේ කිට්ටු කලේ උඩ තට්ටුවට. කිට්ටු කරල ඉතින් නිදහස් මුල්ලක් අල්ලල වාඩි වෙලා.. මේසෙ උඩ තිබ්බ මෙනුව පෙරලල අඩුම කුඩුම ටිකත් තෝරලා.. ඔන්න දැම්ම ඕඩරේ, ඊට විනාඩි 5, 10කට පස්සෙ ආපු සේවක මිත්‍රයට. දාලා හිටං කෙලින්ම ඉපැරණි කතාබහට. ඇයි ඉතින් අවුරුදු ගාණකට පස්සෙනෙ!
කොහොමහරි කතාබහේ රසබර දේවල් අතරට ඉස්ඉස්සෙල්ලාම කියල ආවෙ බීර එකයි (රු. 480), හොට් බටර් කට්ල් ෆිෂ් (රු. 630) එකයි. ඊට පස්සෙ ළඟළඟම වගේ බ්ලැක් පෝර්ක් විත් මඤ්ඤොක්කා (රු. 580) එකයි, ස්පෙෂල් රයිස් (රු. 600) එකයිත් ආවා. ඒත්, බීරවලට හිටියෙ මම විතරයිනෙ.
“චියර්ස් ඒනං ඈ..” හිස් කෝප්පවලට චියර්ස් නොදැම්මට, කාලෙකට පස්සෙ නිසා අපි ඒක එහෙම සැමරුව. සමරලා.. උගුරු දෙක තුනට, මම කෙලින්ම අතට ගත්තෙ හොට්බටර් කට්ල්ෆිෂ් එක. ටූත් පික්වල අමුණල තිබ්බ කෑලි 2, 3ක් එක පාරම බඩට.
හප්පේ.. කන් දෙකෙන් දුම් දැම්මෙ ඈ.. මිරිස් කියන්නෙ ඒව නම් රියල්ම මිරිස්. මම නිකම් අර පුරුද්දට වගේ මිරිස් කෑල්ලක් දෙකක් කෑවෙ. මොකද කොළඹදි අපි කන ඒවා සැරක් තියා.. කෙලින්ම බෝංචි වගේනෙ. ඒකට මේක? කිරි අප්පේ.. ආයෙ බිව්ව සීතල බීර උගුරු 2, 3ක් එක දිගට. හැබැයි කොච්චරවත්, බයිට් නං අන්න බයිට් ඈ.. බැටර් එකේ ෆ්‍රෙෂ් ගතියයි, ලුණු පදමයි නූලටම. හැපෙනවත් උපරිම ක්‍රිස්පි ගතියට. අනික ලූණු, ලූණු කොළ ටිකකුත් දාලනෙ පදටම. සෝස් ටිකකුත් ගෑවුණාම, පංකාදු පහයි රස කරකර කන්ට!
ඒකට දෙවනි නැති දුම් දාන මඤ්ඤොක්කා එකයි, පෝර්ක් කරියයිනෙ. වැඩක් නෑ යාළු ඒක ගැන නම් කතා කරල.. මට කෙලින්ම මතක් වුනේ මාස ගාණකට කලින් යාල පැත්තෙ ගිහිල්ල කාපු බතලයි, @#$ ඌරයි. බයිට් එකට වගේම ඩයට් එකටත් මරේ මරු කියන්න, ඒ ප්ලේට් එක නම් වාශ්ප වුනා සනිසනිකවම. හිතන්නකො, පොඩ්ඩක්වත් හයිය නැති, ටක්කෙට තැම්බුනු මඤ්ඤොක්කා ටිකයි.. තෙල් කෑලි 3, 4කින් එහාට සියල්ල මස් කෑලි වෙච්ච බ්ලැක් පෝර්ක් කරියයි එකතු වුනාම. ඊටත් ඒකට මිරිස්, තුනපහ අඩුම කුඩුම, ඉඟුරු සුදුලූණු රම්පෙ කරපිංච.. මොනවයින් කියල අඩුවක්ද. හොද්දත් තිබ්බා…
එක්කො ඕන නෑ අප්ප. මොකද ඒක මතක් වෙද්දි ආයෙ නුවර යන්න හිතෙනව.
කොහොමහරි එයාලගෙ ස්පෙෂල් රයිස් එක නම් වැඩි හරියක්ම කෑවෙ යාළුව. මොකද එයා උදේට කාලා හිටියෙත් නෑනෙ. කීරි සම්බා හාලෙ බත, කැරට් ලීක්ස් කැරලි වෙන්න බිත්තර දාලා, හොඳ පදමට හදලා.. ඒකට උඩින් දාලා තඩි කැරට් කෑලි, ලීක්ස් කෑලි, අල කෑලි, ගෝවා කෑලි, හතු, ඉස්සො, දැල්ලො, මාළු, චිකන්, පෝර්ක් තම්බල සෝස් එක්ක පදම් කරල හදපු තඩි චොප්සියක්! ඒකත් අවුලක් නෑ, ඊටත් උඩින් බුල්සායි එකකුත් දාලා කිව්වාම? හිතා ගන්න බෑ ඉතින්, අර වෙලාවට යාළුව හිටියෙ ඒකට සාධාරණයක් කරන්ට.
අන්තිමට,
ඒකා ඒක කාලා මාරු වුණා.
මම බෝතලෙන් 2වනි එකට මාරු වුණා..
කොහොමහරි ටික වෙලාවක් යද්දි තේරුණා,
උතුර දකුණ පැටලිලා කියල
හ්ම්…!
Closed right now
Cuisine
Western Chinese Sri Lankan Pub Food Street Food Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Meats Seafood Vegetarian Beverages Kottu Beef Pork Chicken Tandoori Fried Chicken Fish Fish And Chips Cuttlefish Alcoholic Beer Spirits Bites
Ratings Breakdown
Delete Comment
weladama
othana maru place eka. yaluwo ekka set wuna eka sairayak. supiriyi