4/5

Mathura Restaurant

16, Melbourne Avenue, Colombo 04


Mathura is a decent Indian vegetarian restaurant that has been around Colombo for years, but now at a new location.


කොළඹ නගරය තුල පවතින නිර්මාංශ අවන්හල් අතරින් ඉතාමත් ජනාදරයට පත් අවන්හලක් ලෙස කොළඹ හැව්ලොක් පාර අසල Royal Institute අන්තර්ජාතික පාසල ආසන්නයේ පිහිටි 'මධුර' ආපනශාලාව හැඳින්වීමට පුළුවන. දකුණු ඉන්දීය ආහාර වර්ග සඳහා ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන මෙම ආපනශාලාව තුළ ද ඇත්තේ එයාකාර වූ දකුණු ඉන්දීය සංස්කෘතිකමය සුන්දරත්වක් බව කිව යුතුය.

මධුර අවන්හලට වරක් පැමිණෙන ඕනෑම අයකු බොහෝ ප්‍රියකරන දෙයක් වන්නේ තක්කාලි සූපයයි. දකුණු ඉන්දීය ආහාර වර්ග, විශේෂයෙන් පූරි, මසාල, ඉට්ලි, පනීර්, යෙලොව් ධාල්, තෝසෙ වැනි ආහාර වර්ග මෙම ස්ථාන‍යට පැමිණෙන ඔබට රස විඳීමට පුළුවන. ගුලාබ් ජමූන්, රාව කේසාරි වැනි ඉන්දීය අතුරුපසට ද මධුර අවන්හල ප්‍රසිද්ධියක් උසුලයි. ඉන්දීය ආරට ආහාර ගැනීමට ප්‍රිය කරන බොහෝ විදේශිකයන්ට මග නොහැරෙන ස්ථානයක් වන මෙම මධුර අවන්හල රසවත් ආහාර වේලකට කදිම ස්ථානයකි .

කොල්ලුපිටිය , නවම් මාවත, හැව්ලොක් නගරය, බම්බලපිටිය, වැල්ලවත්ත, සිනමන් ග්‍රෑන්ඩ් වැනි ස්ථානයන් සඳහා දුරකථන මගින් ඇනවුම් කොට ඉතා කෙටි කාලයක් තුළ ආහාර ගෙන්වා ගැනීමට ද මධුර අවන්හල හැකියාව ලබා දී ඇත.


TIP

Try the veg biriyani!

Address

16, Melbourne Avenue, Colombo 04

Directions

Located down Melbourne Avenue and opposite Siam House.

Contacts

E-Mail Website Facebook

This place has closed down

Cuisine

Indian South Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Vegetarian Dosa Naan

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4


Latest