4/5

Meat Carlos

295 High Level Rd, Nugegoda


A BBQ spot down High-level Road.


“BBQ හරියට කන්න" ෆේස්බුක් එකේ ඔය ටැග්ලයින් එක දැක්කා විතරයි ඔෆිස් එකේ ලැප්ටොප් අල්ලගෙන තෙපර බබා ඉඳපු මමයි, චන්දනයි, දිනේෂුයි ටුක් එකක් දාගෙන Meat Carlos එකට ගියා. මේක ඇත්තටම අපේ ඔෆිස් එකේ ඉඳලා හූවයි බල්ටියයි. ඒ වුණාට තියෙන වැඩත් එක්ක ඕවයේ යන්න කොහෙද වෙලාවක්. 

වාතාවරණය 

හයිලෙවල් පාරේ නුගේගොඩ හන්දියයි, ගම්සභා හන්දියයි අතරේ පිහිටලා තියෙන Meat Carlos එකේ තියෙන්නේ අවුට්ඩෝර් ඩයිනින්. හොඳට වාඩි වෙලා කන්න බොන්න පුළුවන් විදියට ලී පුටු මේස අහුරලා තියෙනවා. මියුසික් නම් මහා සද්දෙන් ප්ලේ වෙන්නේ. පාරේ සද්දේ අපට වදයක් නොවෙන්න තමයි ඒක දාලා තියෙන්නේ. ඒ වුණාට මේසේ එහාපැත්තෙ වාඩිවෙලා ඉන්න කෙනා කියන දේ නෑහෙන තරමට සද්දෙන් සිංදු දාගෙන ඉන්න එක ගැන නම් අපේ ලොකු මනාපයක් නැහැ. 

BBQ 

මෙතැන තියෙනවා BBQ ප්ලැටර් තොගයක් ම. ඒ නිසා ග්රූප් එකේ ඉන්න ගාණට ගැළපෙන සයිස් එකේ එකක් තෝරාගන්න පුළුවන්. අපි ගත්තේ Platter 02 (රු. 2300) එක. ඒකෙ තිබුණේ ෆුල් චිකන් ලෙග්ස් 2යි, පෝක් චොප්ස් 2යි, කොච්චි සොසේජස් 2යි, පෝක් සොසේජස් 2යි, ගාලික් බ්‍රෙඩ් ස්ලයිසස් 8යි, අන්නාසි පෙති 2යි, කාර්ලොස් සිග්නේචර් සලාදයයි, සෝස් වර්ග දෙකයි. තුන්දෙනෙක්ට නෙවෙයි, හතරදෙනෙක් ට වුණත් අවුලක් නැතුව ගොඩ දාන්න පුළුවන් ප්ලැටර් එකක්. 

චිකන් එක නම් ඇත්තමයි නියම කොලිටියට ග්‍රිල් කරලා තිබුණා. බෝන් එකෙන් මස් ටික ගැලවෙනවා කිසිම කරදරයක් නැතුව. එලිය පැත්තෙන් හෙන ක්‍රිස්පි. ඇතුලෙන් සොෆ්ට් සහ ජුයිසි. එක ම අවුල වුණේ වටේ ගාලා තිබුණු සෝස් වැඩි එක තමයි. මොකද ඒ සෝස් එක මාර ම ස්වීට්. ඒ නිසා චිකන් එකේ රස එලියට එන්නේ හොරට වගේ.

පෝක් චොප්ස් නම් හරියට තිබුණේ නෑ අප්පා. තඩිම තඩි තෙල් කෑල්ලක්නේ. යන්තමට තිබුණ මස් හරියත් පුදුම ටෆ්. පිහි දෙකකුත් අරගෙන හෙන ගේමක් දීලයි එකෙන් කෑල්ලක් කඩාගත්තේ. 

ගාලික් බ්‍රෙඩ් ටික හොඳයි. හොඳට ගාලික් රස එන්න හදලා තිබුණා.

බීමට අපි ගත්තේ ජින්ජර් සිට්‍රස් මොහීටෝ (රු. 300) එකයි සහ ලයිම් තැඹිලි (රු. 300) එකයි. 

තැඹිලි කියන්නේ කොහොමත් හොඳ බීමක්නේ. ඉතින් එකට ලයිම් ජූස් චුට්ටක් වැටුණාම අමුතු කික් එකක් එනවා. ජින්ජර් සිට්‍රස් මොහීටෝ එක ලයිම් ජූස් සහ ජින්ජර් බියර්වල මික්ස් එකක්. ඒකත් වරදක් නැහැ.

සර්විස් එක

මෙතන ස්ටාෆ් එකේ අය සෑහෙන්න සුහදශීලී. අපි කාලා ඉවර වෙලා යද්දී ඒවායේ ගුණදොස් අහන්නත් එයාලා අමතක කළේ නැහැ.

අවසාන වශයෙන්

BBQවලට දැන් දැන් තියෙන්නේ හරිම ඉල්ලුමක්. ඉතින් ඒ ඉල්ලුමට හරි යන විදියට නියම කොලිටියට BBQ හදන්න Meat Carlos කට්ටියට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ඒ වගේ ම පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා ඉම්ප්රූව් වෙන්න. ඒවා කල් යද්දී හරි යයි කියලා අපි හිතනවා.  

Address

295 High Level Rd, Nugegoda

Contacts

Facebook

Closed right now

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Seafood BBQ Pork Chicken

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4


Latest