4/5

M'eat US

Parliament Road, Pellawatte, Battaramulla


M'eat US down Parliament Road serves up some good BBQ.


අඩියක් ගහන්න ලොකු හදිස්සියක් තිබ්බෙ නැති වුනාට..

පෙරදාක සෙට්වෙලා ඉතුරු වෙච්ච කොටයක් ගෙදර කබඩ් එකේ තියෙනවා දැක්කාම?

“ඒහ්.. මොකෝ කරන්නෙ. වැඩද බං?”

“නෑ බං. මං මේ ගෙවල් පැත්තට ආවා. අද වැඩක් ආවෙත් නෑ. උඹට කෝල් එකක් ගහන්නත් කල්පනා කලා. ඒත් උඹ වැඩ ඇති කියලා හිතලා ගැහුවෙ නෑ. මොකෝ කේස් එක?”

“ම්.. මුකුත් නෑ ඉතිං. හවසට මොනවහරි කරමුද කියලා අහන්න ගත්තෙ. අර එද‌ා ඉතුරු වෙච්ච කොටෙත් තියෙනවා”

“අඩෝ.. සිරාවට. සෙට්වෙමුකො බං. මං ඔය පැත්තට එන්නද..?”

“ම්.. නෑ නෑ. මං ඔය පැත්තට එන්නං. පැළවත්තෙ බාබකියු ප්ලේස් එකක් තියෙනවා එතනට ගැලපෙමු. පොටෝ ටිකක් ගහගන්නත් ඔ්න”

“ඒනං.. 7ට?”

“එළ. 7 හ‌ොඳයි”

කියලා.. කතා වෙච්ච විදියටම ටයිම් එකත් තියලා, ලෑස්තිවෙලා ඔන්න මම පිටත් වුනා. පිටත් වෙලා ඉතින් ගන්න තිබ්බ අඩුපාඩු ටිකත් මගින්ම අරගෙන 7.10 වෙද්දි අදාළ ස්ථානයෙ.

හරි අපූරු එළිමහන් රෙස්ටුරන්ට් එක. ඇතුලෙ ඩයිනින්ග් එකකුත් තියෙනවා ඒසී. එහෙම කරපු. හැබැයි අපි සෙට් වෙන්න වගේ බලාගෙන ගියොත් එළිය තමයි හොඳම. මොකද ලස්සන, සුවපහසු ලී මේස, බංකු ටිකක් දාලා පොඩි පොඩි ගස් කොලන් ටිකක් වටපිටාවෙ ඉන්දලා, හෙවණ කරලා.. කොටින්ම කිව්වොත් ප්‍රධාන පාරක් අයිනෙ කියලා ගානක්වත් නැතිවෙන්නම. ඒ විතරක් නෙවෙයි, ගිහින් අනික් පැත්තටම වගේ සේවක මිත්‍රයොත් මෙනු අරගෙන හරි හරියට අපේ ලඟට…

“ම්.. තව එක්කෙනෙක් එන්නත් ඉන්නවා. කමක් නෑ මම බලලා ඔ්ඩරේ දාන්නම්. එතකං කූල් වෝටර් බොට්ල් එකකුයි, ග්ලාසස් 2කුයි ගේනවද? ප්ලීස්”

“හරි සර් මම ගේන්නම්”

තිබහෙ ඉන්න බැරුව හිටියෙ. ඒ නිසා ඇත්තටම කෑම තේරුවෙත් වතුර ටිකක් බීිලා. 

“මේ.. හන්ග්‍රි මෑන් එකකුයි (රු. 2700), බාබකියු සැන්ඩ්විච් එකකුයි (රු. 750), සිම්ප්ලි මයිලෝ එකකුයි (රු. 400), නාරං එකකුයි ගමුද (රු. 350)?”
“ඔ්කේ සර්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අද බීෆ් නෑ. ඒ වෙනුවට ලැම්බ් දාන්න පුලුවන්”

“ආහ්.. හොඳයිනෙ. එහෙම කරන්න. කිසි ප්‍රශ්නයක් නෑ”

වැඩේ සේවක මල්ලිට බාර දීලා.. යාළුව එනකම් කියලා ෆෝන් එක අතට ගත්තට මොකද වැඩිවෙලා ඒක ඔබ ඔබ ඉන්න හම්බවුනේ නෑ. එක පැත්තකින් යාළුවා ගොඩ බැස්සා, අනික් පැත්තෙන් මයිලෝ එකයි, නාරං එකයි, සැන්ඩ්විච් එකයි.

“වෙලාවට ආවෙ උඹ. නැත්නං මං වැඩ පටන් ගන්න කියලා හැදූවෙ. ඒ.. ඒක නෙවෙයි ලයිට් එක පොඩ්ඩක් අල්ලාංකො ෆොටෝ ටික ගන්න.”

ඔය විදියට විනාඩි 10ක් විතර යන අතරෙ අපි සියල්ලෙන්ම රසත් බැලුවා.. ‘හන්ග්‍රි මෑන්’ ග්‍රිල් එකත් එතනට ආවා. ආවට පස්සෙ ඉතින්..

ලා මයිලෝ රසත් එක්ක නූලට ගැලපුනු කිරි රසයි, හොඳ කූල් ගතියයි තියෙන සිම්ප්ලි මයිලෝ.. උගුරක් දෙකක් බීලා ආයෙත් බැස්සා වැඩේට.

කටු අයින් කරපු තඩි ග්‍රිල්ඩ් චිකන් කෑලි සහ තක්කාලි, ලූණු, ගර්කින් වලින් මදි නොකියන්න මැද්ද පුරවපු ලොකු රෝස්ට් පාන් ගෙඩියක්.. ඒ විතරක් නෙවෙයි ඒ පිරවුම සෝස් ජාතියකින් දෙකකින් පංකාදුවට රස කරලා.. චිකන් කෑලි වලටත් ස්පයිසස් පදම අල්ලලා නිසා.. සැන්ඩ්විච්ම නොවුවත්, බඩ කට දෙකම පිරෙන ටොප් රෝස්ට් පාන් පනීනි එකක් ඒක.

එතකොට.. අක්කරයක විතර ග්‍රිල් එක?

ඒකෙන් මම මුලින්ම කෑවෙ ජම්බො සොසේජ් කෑල්ලක්..

සප්පේ.. පංකාදු පහයි, මල් හතයි ඈ! පිට පොත්ත චාකෝල් රස එන ගානට කරවුනාට සොසේජ් එකේ මැද්ද තැම්බිලා තියෙනවා සුපිරිම පදමකට.

ඒක කාලා රස වැටිච්ච පාර මම කෑවනෙ පෝර්ක් චොප් එකෙන් හොඳ මස් කෑල්ලක් කඩා‌ගෙන.

ෂම්මාහ්! නොම්ම එකයිනෙ. හැබැයි ඒකට නම් ස්පයිසස් පදම අල්ලලා තියෙනවා මදිත් වගේ. අර.. දසමෙට, තිතට ග්‍රිල් වෙලා නිසා බයිට් එකට ටොප්. පෝර්ක් එකට එහා පැත්තෙ තිබ්බ චිකන් පලුවත් එමමයි. චාකෝල් පදම නම් තරු පන්තියෙන්. හැබැයී.. අනේ මන්දා ඒ දාපු ස්පයිසස් ප්‍රමාණය චිකන් එකට ඇතිවෙලා.. ඒ නිසාම චිකන් එක.. රස වෑහෙන පදමකට!

ලැම්බ් චොප් එකෙත් මසට, ස්පයිස් පදම අල්ලලා තිබ්බා මදි. කොහොම වුනත් වෙලාවට චිපස් සහ සෝස් තිබ්බෙ. ආහ්.. ඒ හැරුනාම හාෆ් බොයිල් බුල්සායි එකකුත් තිබ්බනෙ. 

සියල්ල පදමට ග්‍රිල් වෙච්ච ප්ලැටර් එකක.. පාලුව තනිය මකන්න, විස්කි කොටේට සපෝට් එක දුන්න නාරං ජූස් එක නම්..

ම්..හ... වතුරනෙ අප්පා බාගෙට බාගයක්!


TIP

Try the Ribs Platter.

Address

Parliament Road, Pellawatte, Battaramulla

Directions

It's located right before the Angel Cupcakes cafe.

Contacts

Facebook Instagram

Closed right now

Cuisine

Western

Dish Types

BBQ Pork Chicken

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
4


Latest