3/5

Milk & Honey Cafe

44A, Horton Place, Colombo 7


Milk & Honey has impressive healthy food options, and really pleasant ambience. Also some of the best brownies in the city.


ඛෙමා විසිනි බාන්ස් පෙදෙසේ ළදරු පාසලක් පිටුපස සැඟවුණ කිරි හා පැණි හෙවත් Milk and Honeyකියන්නේ කොළඹ රස රහසක්. ලංකාවේ ජීවත්වන විදේශික ප්‍රජාව හා යෝග කරන්නන් රැස්වන මේ නිසංසල කැෆේඑක පුරවරයේ තිබෙන හොඳම නිර්මාංශ බොජුන්හලක්.

කොළොම්පුරයේ නිර්මාංශාහාර පිරිනමන තැන්වල වැඩියෙන්ම පිරිනමන්නේ එළඟිතෙලින් පිසින ලද දකුණු ඉන්දීය ආහාර වර්ග. ඒත්, මිල්ක් ඇන්ඩ් හනි විසින් පුරවනවා වඩා සෞඛ්‍යාරක්ෂිත නිර්මාංශාහාරහලක හිස්තැන. නිර්මාංශාහාර නිසා එතැන රසවත්කම අඩුයයි සිතා පසුබාන්න එපා.

මෙනුපතේ සඳහන්ව තිබෙන ආහාරපානවල නම්වලින් සෞඛ්‍යාරක්ෂිතබව පිළිබඳ සැකසංකා ඇතිවුණත්, වැඩිහරියක් ආහාර ඉතා හොඳයි. බීට්රූට් ෆැලෆල් රැප්එක ගෙදර හැදූ ධාන්‍ය කේක් වර්ගයකින් සාදන ලද විශිෂ්ට ආහාරයක්. (රු. 400යි) එහි රසයන් ලස්සනට සමබර කරලා. අනෙකුත් පිරිනැමුම් අතර තිබෙන තක්කාලි හා වම්බටු පැස්ටා තෝරාගත් හොඳම දේවලින් සාදන ලද සැහැල්ලු ආහාරයක්. කුළුබඩු යොදා රෝස් කරන ලද වට්ටක්කා පනීර් රැප් (රු. 400) රසවුණත් හොඳින් පදම් කර නැති නිසා බලාපොරොත්තුවුණ තරම් හොඳ නැහැ.

නැවුම් පලතුරු යුෂ හා ස්මූතී වර්ගත් රස බලන්න කදිමයි. අපි රස බැලුවා බීට්රූට්, කැරට් හා ඇපල් ජූස් (රු. 280යි). එය බලාපොරොත්තු නොවුණ තරම් රසයි. අඹ, අන්නාසි හා ඉඟුරු ස්මූතිය අපි දෙවරක් රස බැලුවා. අමතර සීනි එකතු නොකර, පැණිරස නොකරන ලද යෝගට් භාවිතා කර සාදන මේවාට හැම කෙනෙක්ම කැමති නොවෙන්න පුළුවන්. ඒත්, මේ සංයෝග ඉතා පරිස්සමෙන් තෝරාගත් ඒවා. සීනිවලට ඇබ්බැහි වූ කොළඹ ජනයා පවා එයට කැමති වේවි.

මිල්ක් ඇන්ඩ් හනීගේ පැණි එකතු කරන ලද අතුරුපස විස්මය දනවන ලෙස තෘප්තිමත් . රටඉඳි හා වියළි මිදි වැනි විකල්පත් තිබෙනවා එකතු කරගන්න. රුබාබ් හා ඉඟුරු කේක් ආනන්දජනකයි. හකුරු කේකුත් ඒ වගේ. හකුරුවලින් රසගන්වන ලද බ්‍රව්නී (රු. 280) චොකලට් නැතිවුණත්, එහි පෙනුමෙන් බොහෝ බ්‍රව්නීවලට වඩා සුන්දරයි. රසත් හොඳයි.

මම අසා තිබෙනවා මෙහි අලංකරණයට ආභාසය ලැබුණේ ළදරු පාසලෙන්බව. මිල්ක් ඇන්ඩ් හනී කැෆේඑක මිල්ක් නම්වන විශිෂ්ට ළමා පොත්හලකට යාබදව පිහිටි නිසා ඒ නම යෝග්‍යයි. එහි සුදු පැහැ ගාන ලද දැව මේසත්, සුවපහසු කුෂන් උද්‍යාන පුටුත් තිබෙනවා. සරළ වුණත් මේවා සුවපහසුයි.

නිර්මාංශාහාර සඳහා ස්ථාන හිඟ මේ පුරවරයේ මිල්ක් ඇන්ඩ් හනී එතරම් ප්‍රසිද්ධ නොවීම පුදුමයට කරුණක්. එතැන ඔබේ උදරයට වගේම පසුම්බියටත් සැහැල්ලුයි. මාංශභක්ෂකයන්ට වුණත් වරක් ගොස් බලන්න හොඳ තැනක්.

TIP

You've got to try the chocolate brownie.

Address

44A, Horton Place, Colombo 7

Directions

It's right next to the Indian Summer restaurant, opposite the Saskia Fernando Gallery. You'll see a children's store that says 'Milk' - the cafe is right inside at the end.

Contacts

Facebook

Open until 07:00 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Brownies Fruit Juice Smoothies Healthy

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4


Latest