4/5

Miss Tasty Juice Bar & Cafe

B240, Battaramulla

  • Closed right now


A relatively new Juice Bar that whips up a range of tasty fresh fruit juices, smoothies and fruit-based snacks.


හැම වෙලේ ම බඩට දාගන්න තෙල්, මිරිස්, සීනි වගේ ජාති පොඩ්ඩක් අමතක කරල ට්‍රයි කරල බලන්න වෙනස් විදිහෙ ස්වාභාවික කෑමබීම තියන තැනක් ගැනයි මේ කතාව. මේගොල්ලො හදන්නෙ පලතුරු බේස් වුණ ස්නැක්ස් සහ ජූස් ජාති. මිස් ටේස්ටි ජූස් බාර් ඇන්ඩ් කැෆේ…

තැන

මේක තියෙන්නේ බත්තරමුල්ලෙ. වැඩි ඉඩක් නැති පුංචි තැනක්. පස් හය දෙනෙකුට තමයි වාඩි වෙන්න පුළුවන්. හැබැයි පිරිසිදුයි, පිළිවෙළයි.

කෑමබීම

අපේ තේරීම වුණේ මැන්ගෝ + ඇවකාඩෝ ස්මූදි බෝල් එකයි (රු. 700), ක්‍රීමි ෆෘට් සැලඩ් එකයි (රු. 350), වුඩ් ඇපල් ජූස් එකයි (රු. 200).

මැන්ගෝ + ඇවකාඩෝ ස්මූදි බෝල් එක දෙතුන් දෙනෙකුට වුණත් මදි නොකියන්න කන්න පුළුවන්. මේක දිව පිනවන්නත් බඩ පුරවන්නත් කලින් ඇහැ පිනවනවා. පාවිච්චි කරල තියන දේවල්වල පාටවල් ලස්සනට ගැලපිලා නිසා දුටු පමණින් ප්‍රිය උපදවන කෑම වේලක්.

කජු, ප්ලම්ස් උඩින් ම ඉහලා. පෙති කපපු අලිගැටපේර, කොටු කපපු අඹ පිළිවෙළට අඩුක් කරලා. තල බෝල දෙකකුත් පැත්තකින්. යටින්ම තියෙන්නෙ පලතුරු පේස්ට් එක. ඉතිං මේක විවිධ ජාතිවල රස ටේස්ට් කරන්න පුළුවන් ගුණදායක කෑම වේලක්.

ක්‍රීමි ෆෘට් සැලඩ් පෝෂන් එකත් ගොඩක් ලොකුයි. ටිකක් ලොකුවට කපපු පලතුරු කෑලි ගොඩක් උඩින් යෝගට් වගේ දැනෙන ක්‍රීම් එකක් දාලා. ඊට උඩින් ග්‍රැනෝලා එක්ක කජු. මුදුන පොඩි මිදි ගෙඩියකින් ලස්සන කරලා. සීනිවලින් පැණි රහ කරල නැති මේක සෞඛ්‍ය සම්පන්න ෆෘට් සැලඩ් එකක්.

වුඩ් ඇපල් ජූස් එකට අපි කිරි දාන්න කියපු නිසා අපේ ජූස් එක හුඟක් උකුයි. කිරි රසයි දිවුල් රසයි පදමට කලවම් වෙලා. වේලක් පිරිමහන තරමට බඩ පිරෙනවා. කිරිවලට ආස නැති අයට ඕන නම් කිරි නොදා ඉල්ලගන්නත් පුළුවනි. 

සර්විස් එක

කවුන්ටර් එකෙන් එහා පැත්තෙ හිටපු දෙන්නා ප්‍රසන්නයි වගේම ඉක්මන්. අපි ඉන්න අතරෙ ගොඩක් ඩිලිවරි ඕඩර්ස් ආපු නිසා එයාල කඩියො වගේ වැඩ.

අවසාන වශයෙන්

මිස් ටේස්ටි ජූස් බාර් ඇන්ඩ් කැෆේ එකේ කෑමබීම, හැමදාම එක ම රහ කඩ කෑම කාලම එපා වුණ අයට වගේ ම, හැමදාම ගෙදර කෑම කාලම එපා වුණ අයටත් නියම ආදේශකයක්...



Latest