4/5

Mitsi's Delicacies

34A Bagatalle Road, Colombo 3


Mitsi's Cafe was one of those hidden gems we uncovered in 2013. One year down the line, the food is still good, the service is friendly and the desserts are exceptional.


දවල් කෑම…

ගෙදරින් ගෙනාවෙත් නෑ, කන්න යන්න විදියකුත් නෑ!

ඇයි අප්පේ… එක දිගට මහ වැස්සනෙ. යාළුවයි මායි දෙන්නම ආර්ට් ගැලරියට කොටුවෙලා. බඩගින්නත් ඉහවහා ගිහින්. දවල් කෑමට එළියට යන්න කියල හිටියට මොකෝ වැස්ස වෙලාව නිසා පික්මියක් දා ගන්නත් බෑ.

“ඒ… ගොඩක් වෙලා අල්ල හිටියද බං. එහෙම වුණොත් බඩගින්නෙ මැරෙන්න වෙන්නෙ. මං උදේට කාලත් නෑ” යාළුවටත් ටිකක් අමාරු පාටයි.

ටික වෙලාවක් බලං ඉඳපු අපි, කතා වුණේ වැස්සෙම හරි ඉස්සරහ මාර ගස් පේළිය යටට රිංග ගන්න. මොකද එතකොට පාරෙ යන වීල් එකක් හරි අල්ලන්න පුළුවන්නෙ.

කොහොම කොහොමින් හරි විනාඩි 5-6ක් මහන්සි වෙලා ඔන්න වීල් එකක් අල්ල ගත්ත. ඒකත් ළඟට යන නිසා මිසක් නැත්නම් බෑ ම කියන සීන් එකක් තිබ්බෙ.

“බගතලේ පාරට යං අයියෙ”

අතේ පොඩි ගතමන්ට් එකකුත් තිබ්බ එකේ මම කල්පනා කළා යාළුවත් එක්ක හිතේ හැටියට කන්න. අනික වැස්ස නිසා බඩගින්නත් ඩබල් ත්‍රිබල්නෙ.‍

බගතලේ පාරට හරවල පොඩ්ඩක් ඉස්සරහට යද්දි හමුවෙන මිට්සිස් එක තමයි මගේ ටාර්ගර් එක වුණේ. සෙනසුරාදා දවල් නිසාද මන්ද වැස්ස වෙලත් පාරෙ ට්‍රැෆික් නම් තිබ්බෙ නෑ. විනාඩි 5ට වගේ අපි එතන.

“හප්පේ… යාන්තම් ඇති කැෆේ එක ඇරල”

අඩියට දෙකට ඇතුළට පැන ගත්ත අපි ඉස්සෙල්ලාම කළේ කකුල් අතපය ටික ගසා ගත්ත එක. මොකද හරි නෑනෙ කොච්චර වුණත් මඩ පිටින් ඇතුළට යන එක. පස්සෙ ඇතුළට ගිහින් සේවක මිත්‍රයෙක්ට කිව්ව අපිට එළියෙ මේසයක් ලෑස්ති කරල දෙන්න කියල.

කියල ගිහින් ඉස්තෝප්පුවෙ මුල්ලට වගේ වෙන්න තිබ්බ මේසයකින් තමයි වාඩි වුණේ. වාඩි වෙලා ඉතින් බර කතාවෙ. විනාඩි 5, 10ක් ගියා… නෑනෙ කිසිම? කවුරුත් එන පාටක්. ඔන්න ඔහෙ තව ටිකක් වෙලා බලනව කියල අපි ආයෙත් කයියට සෙට් වුණා. ඒ සෙට් වෙලත් විනාඩි 5කට විතර පස්සෙ තමයි සේවක මිත්‍රය අපේ මේසෙ ළඟට ආවෙ.

ඇවිත් ඉතින් පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු, වතුර තියල මේසෙ පට පට ගාලා හදල දුන්න. හැබැයි වැඩේ ටිකක් පරක්කු වෙච්ච එක ගැන නම් අපේ හිතේ පොඩි අවුලකුත් තිබ්බ. මොකද යකෙක් කන්න බඩගින්නෙනෙ දෙන්න ආවෙ.

සෙනික මෙනුව පෙරළපු යාළුවයි මායි කෑම ටික ඕඩර් කළා. මට සීෆුඩ් පැස්ටා එකකුයි (රු. 1340), මිට්සිස් ස්පෙෂල් මීට්බෝල්ස් එකකුයි (රු. 1400). යාළුවට බීෆ් බර්ගර් එකක් (රු. 750). ඒ අතරට බොන්න චොකෝ චිප් ෆ්‍රැප් එකකුත් (රු. 480) ඕඩර් කළා. කරල අපි ආයෙත් බර කතාවට වැටුණෙ ඕඩරේ ගන්න ගියපු වෙලාවෙ හැටියට, කෑම ටික මේසෙට එන්න පැය බාගයක්වත් යයි කියල හිතල.

දෙයියන්ගෙ නාමෙන් එහෙම වුණේ නෑ කියන්නකො. විනාඩි 10ට කෑම ටික මේසෙ උඩ. හැරත් දැක්කාම තොල කට ලෙව කැවෙන ගානක් තිබ්බෙ.

හෙවිල්ලක් බැලිල්ලක් නෑ. දෙන්න දෙපැත්තෙන් වැඩේ පටන් ගත්ත.

ඉස්සලේලම කියන්න ඕන සීෆුඩ් පැස්ටා එක දාලා තිබ්බෙ ස්පැගටිවලින්. ඒ නිසා රසත් සුපිරියටම! අනික ඒකට දාපු තඩි ඉස්සො, දැල්ලො, මාළු කෑලි ටිකත් ෆුල්ම ෆ්‍රෙෂ්. පදමට තම්බල විතරක් නිසා හොඳ හැටි කටට දැනෙනව ඒකෙ රස. පැස්ටා එකට දාලා තිබ්බ ඉටෑලියන් සෝස්වලිනුත් සුපිරි රසක් එන්නෙ. සීෆුඩ්වලටම කියාපු. ඒ මදිවට පොඩි සැර ගතියක් යටින් එන පැණි රස ගතියකුත් තිබ්බනෙ. හැබැයි ඉතින් එළවළුවලට කියල නම් ඒකෙ තිබ්බෙ තක්කාලියි, සලාද කොළයි විතරයි.

ඔය අතරට මම මිට්සිස් ස්පෙෂල් මීට් බෝල්ස් කෑල්ලකුත් කඩා ගත්ත රස බලන්න කියල.

ෂප්පේ… ඒකනෙ බොලේ කෑම! අර අපි කන මීට් බෝල්ස් මොනවද කියල හිතෙනව ඒක කද්දි. මීට් කියන්නෙ එහෙම පිටින්ම චිකන්, බීෆ් මස් ගුලියක්. ඒ අතරට තව මොනව හරිත් දාලා ඇති. හැබැයි මස් රසින් නම් අනූනයි. අනික ඒකට එවපු සෝස් එකත් පට්ට. තක්කාලි බේස් වෙන්න තමයි හදල තිබ්බෙ. පොඩි බාබකියු රසක්, සැර ගතියක් එහෙමත් තිබ්බ නිසා මගේ සීෆුඩ් පැස්ටා එකටත් හොඳ හැටි ගැළපුණා. නැතත් ඉතින් මීට් බෝල්ස්වලට ආපු තඩි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දීසියකුත් තිබ්බනෙ.

ඔන්න යාළුව නම් වැඩේ දුන්නෙ ඒ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකටමයි.

ඒ හැරුණාම එයාගෙ බර්ගර් එකට ආපු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකත් ඉවර කරල. බැලූ බැල්මට එච්චර ගතියක් තිබ්බෙ නැති වුණාට පොඩි කෑල්ලක් ඉල්ලගෙන කෑවට පස්සෙ තමයි මට තේරුණේ බර්ගර් එකත් පංකාදු පහයි කියල. ඒකෙ පැටි එක නම් ටොපේ ටොප්! තනිකරම බීෆ්. නිකම් නෙවෙයි ලුණු, ගම්මිරිස්වලින් රස වෙච්ච ෆ්‍රෙෂ් බීෆ්. ඒ මදිවට පැටි එකත් මැදිවෙලා තිබ්බෙ ලොකු චීස් පෙති දෙකකින් නිසා බීෆ් රසට සුපිරි ආයෙ… හැබැයි ඉතින් මැද්දෙ තිබුණු තඩි ලූණු පලුවයි, තක්කාලි කෑලි ටිකයි නම් ටිකක් වැඩියි වගේ. කොහොම වුණත් සෝස් මයොනීස් ටිකක් එක්ක තලු මර මර කන්න තිබ්බ එකම ඇතිනෙ ඉතින්.

චොකලට් චිප් ෆ්‍රැප් එක මුලින්ම රස බැලුවෙ යාළුව. මොකද මගේ පැස්ටා එකේ සයිස් එකත් එක්ක මට ඒක ඉවර කර ගන්න ලොකු ගේමක් දෙන්න වුණ නිසා.

“ඒ! මචං මේක…

පට්ට බං”

පැස්ටා පැත්තක. ගත් කටටම මම ෆ්‍රැප් උගුරු දෙක තුනක් බිව්ව.

කිව්වට විශ්වාස කරන්න යාළු, මම මතක ඇති කාලෙක බීපු සුපිරිම ෆ්‍රැප් එක. ආයෙ චොකලට් කියන්නෙ සුපිරිම චොකලට්. ඒ මදිවට පොඩි කෝපි රසක් වගෙත් මික්ස් වෙලා. චොකෝ චිප්සුත් හැපෙද්දි… පිස්සු හැදෙනව ඈ… කොටින්ම කිව්වොත් දෙන්නගෙම කෑම එතනින් ඉවරයි. පොර කකා ෆ්‍රැප් බිව්වෙ.

අන්තිමට ඉතින් ඩෙසට් එකට කියල යාළුව බ්ලූ බෙරි චීස් කේක් එකකුත් (රු. 550) ගත්ත. මම නම් මීට්බෝල්ස් එක ඉවර කරන්න තමයි ට්‍රයි කළේ.

යාළුව කියපු හැටියට, කේකේ එකේ චීස් රස වගේම බේස් එකත් හොඳ සොෆ්ට් එකට තිබිල තියෙනව. ඒ හැරුණාම උඩට දාපු බ්ලූබෙරි පේස්ට් එකෙත් රස පංකාදුයිලු.

“ඇත්තටම ගණන් වැඩි වුණාට ෆ්‍රෙෂ් එකේ කෑම ටිකක් කනව නං කියාපු තැන නේ බං” ඉස්මුරුත්තාව එනකම් කාලා බඩ අත ගගා හිටපු යාළුව හෙමිහිට වගේ මුමුණනව මට ඇහුණා.

හ්ම්… කියා ගන්න බැරුව හිටියට මොකද මාත් මොනවහරි කියන්න එපැයි.

“ඔව් බං, ආයෙ එමු! ලොකු වෙලා… නැන්තම් බිල ගෙවා ගන්න අමාරු කරනව! හී…”


TIP

Try them macaroons!
All Reviews

Mitsi's Cafe was one of those hidden gems we uncovered last year. One year down the line, the food is still good, the service is friendly and the desserts are exceptional.

The food and drinks are quite good here, as is the space, but what sets Mitsi's apart is a staff that cares about both the customers and food. With so many new restaurants just out to make money, it's really refreshing to visit a place that cares.

අපි කන මීට් බෝල්ස් මොනවද කියල හිතෙනව ඒක කද්දි. මීට් කියන්නෙ එහෙම පිටින්ම චිකන්, බීෆ් මස් ගුලියක්. ඒ අතරට තව මොනව හරිත් දාලා ඇති. හැබැයි මස් රසින් නම් අනූනයි.

බොනවානම් මහත්තයෝ අන්න ස්මූති එක. නිකන් අනං මනං ෆ්ලේවර්ස් දාපු සෙප්පඩ විජ්ජා නැහැ, කෙලින් ම ගහෙන් කඩලා බ්ලෙන්ඩරේට දාලා හදපු රාස්බෙරි ස්මූති තමයි මේ. ස්වභාවික රාස්බෙරි රසින් අනූන මේ ස්මූති එක බොද්දී, අතරින් පතර හැපෙන රාස්බෙරි ඇටවලින් එන්නේ අමුතු ගතියක්.

මිත්සි’ස් කියන්නේ බගතලේ පාරේ තියෙන කදිම අළුත් කොෆී ෂොප් එකක්. එයාලා ආහාරවලට (සහ අතුරුපස වලට) අවධානය යොමුකරනවා. එතන නිදැල්ලේ හැසිරෙන්නට ලොකු විවෘත ඉඩක් තියෙනවා.

Address

34A Bagatalle Road, Colombo 3

Directions

From Duplication Road, turn left and go up Bagatalle past Charles Place. From Thurstand, turn left at Midnight Divas and take the left fork down Bagatalle, it's near the Malaysian Embassy.

Contacts

E-Mail Facebook Website

Open until 11:00 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Meats Sweets Cakes Milkshakes

Cuisine

Balkan

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
3


Latest