4/5

Mitsi's Delicacies

34A Bagatalle Road, Colombo 3


Mitsi's Cafe was one of those hidden gems we uncovered in 2013. One year down the line, the food is still good, the service is friendly and the desserts are exceptional.


මුල් ලිපිය ලිව්වේ ඉන්දි.

මිත්සි’ස් කියන්නේ බගතලේ පාරේ තියෙන කදිම අළුත් කොෆී ෂොප් එකක්. එයාලා ආහාරවලට (සහ අතුරුපස වලට) අවධානය යොමුකරනවා. එතන නිදැල්ලේ හැසිරෙන්නට ලොකු විවෘත ඉඩක් තියෙනවා.

මිත්සි’ස් කියන්නේ කොළඹ 3 විශාල ඉඩකඩකට තැන් මාරුකළ පිළිගත් කේටරින් ව්‍යාපාරයක දිගුවක්. ඒක හොඳ ආහාර දෙන හොඳ තැනක්. ඒක අනිත් තැන්වලින් වෙනස් වෙන්නේ කදිම සේවාව නිසයි.

අපි රස බැලුවේ කෑම කිහිපයක විතරයි. ජර්ක් චිකන් (රු. 800) සහ අඹ සහ පීච් ස්මූදී (රු. 400) එකක් අපි ගත්තා. දෙකම හොඳයි.

ස්මූදී එක මිල වැඩි වුණත් ඒක හරිම රසයි. පීච් ලංකාවේ හිඟයි. ඒවා අඹ එක්ක එකතු වුණාම හරිම කදිම රසයක් දැනෙනවා. හොඳ ස්මූදී එකක් නරක ස්මූදී එකකින් වෙනස්වෙන සීමාව මම හරියටම දන්නේ නැති වුණත් මේ ස්මූදී එක නම් හොඳ එකක්.

කෑම රස බලන්න අපි එක කෑම එකයි ගත්තේ. ඒ නිසා කෑම ගැන කතාකරන එක සාධාරණ නොවෙන්න පුළුවන්. වේටර් රෙකමදාරු කළේ ජර්ක් චිකන්. ඒක රසයි වගේම පංගුව ලොකුයි. ඕනෙවට වඩා වැඩියෙනුත් නෑ. හොඳට උයලා තිබුණා. ඒත් ඕනෙවට වඩා පදම් කරලත් නෑ. ඒක එන්නේ නොමිලේ දෙන හොද්දකුයි ඇඹරූ අර්තාපල් සහ එළවලුත් එක්ක.

සිත්ගන්නාසුළු දේ තමයි චිකන් එක එන්න වෙලා ගත වුණාම ( ඒක හොඳ ලකුණක්) වේටර් නොමිලේ ආරම්භකයක් ගෙනාවා. ඒකත් හොඳ එකක්. කැරමල් එක්ක ලූණු, හොඳින් පිසූ බිම්මල්, වගේ දේවල් වලින් තමයි ඒක හැදිලා තියෙන්නේ. කෑම පරක්කු වෙන ඒක නරක දෙයක් නෙවෙයි. ඒත් කාර්යමණ්ඩලය ඒ ගැන හිතනවා කියන්නේ හොඳ දෙයක්.

මිත්සි’ස් එකේ එයාලගෙම අතුරුපස තියෙනවා. ඒ වගේම උණු සහ ශීතකළ කෝපි වර්ග රාශියක් සහ වෙනත් බීම වර්ගත් තියෙනවා.

බටහිර කෑමවර්ග වලට ගොඩක් කැෆේ වලින් ලැබිල තියෙන භයානක, සෞඛ්‍යසම්පන්න නොවන අර්ථකථනය මෙතන කෑමවලට ලැබෙන්නේ නැහැ. අපි කාපු ඒවා හොඳට පදම් කරලා, රසට තිබ්බ විතරක් නෙවෙයි කාලා ඉවර වුණාට පස්සෙත් ප්‍රසන්න හැඟීමක් ඉතිරි කළා.

ලොකු ඉඩක් සහ නරක කෑම තියෙන ගොඩක් තැන් තියෙනවා. ඒ වගේම පුංචි තැන්වල හොඳ කෑමත් තියෙනවා. වාසනාවට මිත්සි’ස් එකේ හොඳ තැනක කල්පනාකාරීව පිසූ කෑම තියෙනවා. ඒක තියෙන්නේ බගතලේ. තර්ස්ටන් පාරත් ඩුප්ලිකේෂන් පාරත් අතර. හරියටම මැදින්. ඒත් එකට ඝෝෂාකාරි ශබ්ද ඇහෙන්නෙ නැහැ වගේම වාහන නවතන්න ඉඩත් තියෙනවා.

මෙතන එළිමහන් ඉඳ ගැනීමේ ප්‍රදේශයකුත් තියෙනවා. එතන ලූවර් කෞතුකාගාරයේ නොගැලපෙන විශාල පින්තුරයක් තියෙනවා. ඇතුළේ ඇතිවෙන්න ඉඩ තියෙනවා. Wi-Fi ජාලයකුත් තියෙනවා. ඒ නිසා පාළුවක් දැනෙන්නේ නැහැ. මුළුතැන්ගෙය හැමකෙනෙකුටම පෙනෙන විදිහටයි තියෙන්නේ.

සේවාව

සේවාව අතිවිශිෂ්ඨයි. කවුන්ටරයේ හිටපු හාදයා මෙනූ ඒක හොඳින් දැනගෙන හිටියා. (ඒක කලාතුරකින් වෙන දෙයක්.) එයා ඇණවුම ගැන සහ ඒක ලැබෙන වෙලාව ගැන සැලකුවා. කෑම පරක්කු වෙනකොට එයා සමාව ඉල්ලුවා විතරක් නෙවෙයි නොමිලේ ආරම්භක කෑමකුත් ලබා දුන්නා. ඒක පොඩි දෙයක් වුණාට මෙතන ගැන හොඳ හැඟීමක් ඇතිවෙන්න හේතුවක් වුණා. ඒ වගේම ආරම්භකය ගොඩක් රසයි.

මට මෙතන ගැන ප්‍රසන්න හැඟීමක් ඇතිවෙන්න හේතුවක් තමයි මම කෑම ටිකක් ගෙදර අරන් යන්න හිතුවහම ඒක පැකට් කරන්න කියලා ආපහු යැව්වා. මිත්සි ( මම හිතන්නේ ඒ එයා) ඒක දැකලා ඇහුවා කෑමවල වරදක් තියෙනවද කියලත්. එයා ඇත්තටම අපි ගැන කරදර වුණා. කෑමවල වරදක් තිබුණේ නැහැ. මට ඕනේ වුණේ ඒක ගෙදර අරන් ගිහින් බෙදා ගන්නයි. ඒත් ඒක එයා අහපු එක හොඳයි. තමන්ගේ ගනුදෙනු කරුවන් ගැන සැලකිලිමත් වෙන අවන්හලකට නැවත නැවතත් එන්න හිතෙනවා.

නිගමනය

මෙහෙ කෑම බීම හරි හොඳයි. ඊටත් වඩා මෙතනට හිත යන හේතුව තමයි ගනුදෙනුකරුවන් සහ කෑම ගැන එයාල හිතන හැටි. සල්ලි හොයන්නම දාපු අවන්හල් කොච්චර තිබුණත් මේ වගේ ප්‍රබෝධමත් තැනකට එන්න ලැබීමත් වාසනාවක්.

TIP

Try them macaroons!
All Reviews

Mitsi's Cafe was one of those hidden gems we uncovered last year. One year down the line, the food is still good, the service is friendly and the desserts are exceptional.

The food and drinks are quite good here, as is the space, but what sets Mitsi's apart is a staff that cares about both the customers and food. With so many new restaurants just out to make money, it's really refreshing to visit a place that cares.

අපි කන මීට් බෝල්ස් මොනවද කියල හිතෙනව ඒක කද්දි. මීට් කියන්නෙ එහෙම පිටින්ම චිකන්, බීෆ් මස් ගුලියක්. ඒ අතරට තව මොනව හරිත් දාලා ඇති. හැබැයි මස් රසින් නම් අනූනයි.

බොනවානම් මහත්තයෝ අන්න ස්මූති එක. නිකන් අනං මනං ෆ්ලේවර්ස් දාපු සෙප්පඩ විජ්ජා නැහැ, කෙලින් ම ගහෙන් කඩලා බ්ලෙන්ඩරේට දාලා හදපු රාස්බෙරි ස්මූති තමයි මේ. ස්වභාවික රාස්බෙරි රසින් අනූන මේ ස්මූති එක බොද්දී, අතරින් පතර හැපෙන රාස්බෙරි ඇටවලින් එන්නේ අමුතු ගතියක්.

මිත්සි’ස් කියන්නේ බගතලේ පාරේ තියෙන කදිම අළුත් කොෆී ෂොප් එකක්. එයාලා ආහාරවලට (සහ අතුරුපස වලට) අවධානය යොමුකරනවා. එතන නිදැල්ලේ හැසිරෙන්නට ලොකු විවෘත ඉඩක් තියෙනවා.

Address

34A Bagatalle Road, Colombo 3

Directions

From Duplication Road, turn left and go up Bagatalle past Charles Place. From Thurstand, turn left at Midnight Divas and take the left fork down Bagatalle, it's near the Malaysian Embassy.

Contacts

E-Mail Facebook Website

Open until 11:00 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Meats Sweets Cakes Milkshakes

Cuisine

Balkan

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
3


Latest