61 Moratuwa - Piliyandala Rd, Piliyandala
Open until 11:00 PM
Superb place to taste some delicious Sri Lankan Chinese food.
අලුත් අවුරුද්දෙ වැඩ අල්ලන්න ම කියලා..
හැන්දැකරේ යාළුවයි මායි පිළියන්දල ටවුමට ගැලපිලා හිටියෙ. ඒත් කොහෙද 4 පැන්නත් හරි මේං ධාරාණිපාත වරුසාවක්..!
“දැං මොකෝ බං කරන්නෙ?”
“ඒක නේන්නං... මදෑ බියර් ගන්න හිටියා.
මං කියන්නං, අවුරුද්දෙ පළවෙනිදනෙ බං. ඔන්න ඔහෙ බොන්නෙ නැතුව කමුද බඩ පැළෙන්න?”
“හෑ..
අඩේ ඒකත් ටොප් අදහස ඈ.. ඒත් කොහෙන්ද බං කන්නෙ? අද කඩවල් ඇරල තියෙයි?”
“ආයෙත් අහලා.. යමං මොනෑර්ච් එකට. ඒක 365 දවසෙ ම ඇරලනෙ බං”
කියල ඔන්න, පොඩි දුර වුණාට යාගන්න විදියක් නැති නිසාම වීල් එකකුත් දාගෙන දෙන්නත් එක්ක විනාඩි පහට දහයට!
ගිහිල්ල අදාළ ස්ථානයෙන් බැහැලා... හරි හරියට, වැස්සෙම පැනගත්තා ඇතුලට. පැනගෙන සැනිටයිසර් පාරක් එහෙමත් නාගෙන දෙයියනේ කියලා ඕං කෙලින් ම ඩයිනින්ග් ඒරියා එකට.
යනකොට අලුත් අවුරුද්ද නිසාද මන්දා ඒක හරි පිළිවෙලට හදලා කරලා ඒසීත් දාලා...
ඊටත් වාඩිවුණ අනික් පැත්තට මෙන්න සේවක මිත්රයෙකුත් මෙනු දෙකක් අරගෙන අපි ලඟට.
ආයෙ ඉතින් තව මොනවැයි. දෙන්නා ගත්ත මෙනු දෙක, සනිසනික බැලුවා උඩ සිට පහළට...
“මට... ස්පෙෂල් රයිස් එකයි (රු. 650), ඩෙවිල් පෝක් එකයි (රු. 600)” යාළුවගෙ ඕඩරේ.
“ඒනං මට දාන්නකො ඉඳිආප්ප මික්ස් කොත්තුවයි (රු. 450), හොට්බටර් කට්ල්ෆිෂ් (රු. 600)එකකුයි” මමත් වැඩේ අහවරක් කලා.
කරලා ඉතින් හීන් කතාබහේ,ඕන නම් විනාඩි 8ක් 10ක් යන්න ඇති. මෙන්න එනවා සුවඳ ගගහා.. බත් කන්දක් කියන්නකො.
දැක්කත් හරි මට නේද නිකං කෑගැස්සිලා ගියේ. ඇයි අප්පේ කොහාට කන්නද ඒ තරම්. හැරත් ස්මෝල් එකක් ඉල්ලලා එච්චර තොගයක්?
ඒ විතරක් නම් බැරියැ, ඊට පස්සෙ ආපු මගේ ඉඳි ආප්ප කොත්තුවත් එමමයි. දෙන්නෙක්ට බඩපැළෙන්න කන්න සයිස්. එතකොට.. හොට්බටර් කට්ල්ෆිෂ් එකේ, පෝක් ඩෙවිල් එකේ එහෙමත් ලොකු වෙනසක් නෑ. කෙලින්ම ආයෙ සවලෙන් දාලා තියෙන්නෙ.
ඒත් ඉස්ඉස්සෙල්ලාම කියලා කාපු ඉඳි ආප්ප කොත්තු කටයි, පෝක් කෑල්ලයි..
කොත්තුව නම් පංකාදුයි!
පෝක් එක? පජාතයි..
තනිකර පැණිරස යාළු ඒකෙ. අනික මස් කෑල්ලක් නෑ බෙහෙතකට කියලා හොයාගන්න, ඔක්කොම ඩීප්ෆ්රයි කරපු තෙල් කෑලි. ම්.. ලූණු, කැරට්, මාළුමිරිස්, සෝස් අඩුම කුඩුම නම් ගානටම වගේ දාලා තිබ්බා. හැබැයි...
සෙට් වෙන්නෙම නෑ ආ...
අන්න ඒකට කොත්තුව! ෂැහ්, මල් හතයි. ආයෙ ගත්ත වෙලාවෙ ඉඳන් චිලිපේස්ට් එක්ක බස බස ගාලා බැස්සෙ. මොකද හොදි ටිකක් එහෙම දාලා ඒකට, ළාවට තෙත ගතියත් තියෙන්නෙ, තුනපහ රසයි, මිරිස්, ගම්මිරිස් සැරයි... ඔක්කොමත් හරි දාලා තිබ්බ මස් මාළු තොගේ? කිරි අප්පේ... හීනියට ඉරලා බැදපු චිකන්, පොඩි පොඩි මාළු කෑලි, ඉස්සො, දැල්ලො... බිත්තරත් තිබ්බනෙ.
ඊට දෙවනි නැති යාළුවගෙ මොනෑර්ච් ස්පෙෂල් රයිස් එකනෙ... ඒකෙ බත කීරි සම්බා හාලෙන්. මොනවදෝ සෝස් ජාතියකුත් දාලා තිබ්බා දැනෙන නොදැනෙන ගානට. කොහොමහරි කනකොට.. ඉස්සො, දැල්ලො, චිකන්, සොසේජස්, බිත්තර... ගන්න ගන්න හැන්දට. පිස්සු හැදෙනව හොඳේ. වැඩිය ඕන නෑ ළාවට චිලිපේස්ට් පොඩ්ඩක් ගැලපුණා නම්... එපමණයි ආයෙ ටොපේ ටොප් තමයි.
තරු පහෙන් තිබ්බෙ රයිස් එකත් එක්ක ඔහොම මෙහෙම ගියපු හොට්බටර් කට්ල්ෆිෂ් එක. ඒකේ.. කට්ල්ෆිෂ් ටික, ටිකක් වේලෙන ගානට බැදලා වුණාට, බැටර් එකේ ෆ්රෙෂ් ගතියයි, ලූණු, මාළුමිරිස්, කැරට්, ලීක්ස් මදි පාඩු සියල්ලයි නිසා රස ආයෙ කතා කරන්න දෙයක් නැති ගාණට.
හැබැයි ඉතින් ඒ කොච්චර කෑවත්.
අර සීන් එක තියෙනවා!
කෑමෙන් පසුව එනව වතුර තිබහක්..
කියන්න ඕන නෑනෙ නේ?
Open until 11:00 PM
Cuisine
Price Range
Dish Types
Noodles Eggs Seafood Pasta Kottu Biriyani Rice And Curry Fried Rice Pork Chicken Fried Chicken Fish Cuttlefish Sandwiches Fruit Juice Milkshakes Bites Roti
Ratings Breakdown
Great place to have a delicious Sri Lankan buffet…
Calm & cool place to have a great Sri Lankan,…
Delete Comment