Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Monkeybean Cafe (Stratford Avenue)

08, Stratford Avenue, Colombo 06


The new monkey down Stratford Avenue.



මංකිබීන් කැෆේ කිව්වම මතක් වෙන්නෙ පෙරහැර මාවත. හැබැයි ඕං අලුතෙන් මංකිබීන් එකක් දාල කිරුළපනේ ස්ට්‍රැට්ෆර්ඩ් ඇවනියු එකේ. දන්නවනෙ, අර පිටරටක වගේ දෙපැත්තෙ ගස්කොළන් එක්ක අඩියෙන් අඩියට කොෆි ෂොප්ස් තියන පාර.

තැන

මංකිබීන් එක තියෙන්නෙ හයිලෙවල් පාරෙන් ස්ට්‍රැට්ෆර්ඩ් ඇවනියු එකට හැරුණ ගමන් ම වගේ. පේජස් ඇන්ඩ් කොෆි එකට අල්ලපු ෂොප් එක. ඇතුල් වුණාම හෙන සන්සුන් පිළිවෙළ ගතියක් දැනුණා. හොඳට ඉඩකඩ තියනවා. ඉඩකඩේ හැටියට සීටිං ඇරෙන්ජ්මන්ට් එක නං මදි වගේ. ලොකු සෝෆා එක ඇරෙන්න අනික් පුටුවල වාඩිවෙන්න ඉඩ තියෙන්නේ පස් හය දෙනෙකුට තමයි. තව සීට්ස් දාන්න හොඳට ම ඉඩ තියනවා හැබැයි.

කෑම

අහල තියනවද ශ්‍රී පනිනි ගැන? එක එක ජාති පුරවපු, මංකිබීන් එකට ම ආවේණික පනිනි තමා එයාල ඒ නමින් හඳුන්වන්නෙ. අපි ගත්තා පනිනි ජාති දෙකක්. මේ තියෙන්නේ ස්පයිසි චිකන් මීට්බෝල් පනිනි එක. (රු. 640)

සෝස් ටිකකුත් එක්ක ආපු මේකට පිරිලා ඉතිරෙන ගාණට ලෝබ නැතුව සරුවට මීට්බෝල්ස් පුරවලා. පනිනි එක හදලා තිබුණ පානුත් අලුත්. මේවා මංකිබීන් එකේ ම බේක් කරන පාන් කියලයි ආරංචි. කරස් ගාල හැපෙනවා. මීට්බෝල්ස් ටික කටට සැරයි හැබැයි රසයි.

ඊළඟ පනිනි එක සීනි සම්බෝල විත් චීස් (රු. 490). මීට්බෝල් පනිනි එක තරං හිතට ඇල්ලුවෙ නැති වුණත් මේකත් නරක ම නෑ. වැඩේ තිබ්බෙ සීනි සම්බෝලේ කිසි විශේෂත්වයක් තිබ්බෙ නෑ. සාමාන්‍යයෙන් ගෙදර හදන සීනි සම්බෝලෙක පුරුදු රහමයි. චීස් නං බේරෙන ගාණට ස්ටෆ් කරලා තිබ්බා. කලින් කිව්ව වගේ පාන් ටික නං සුපිරි.

බීම

මංකිබීන් එකේ කෝල්ඩ් ප්‍රෙස්ඩ් ඇපල් ජූස් එක (රු. 600) සෑහෙන හොඳ බීමක් විදිහට ප්‍රසිද්ධයි කියලයි ආරංචි වුණේ. කිව්වත් වගේ මේක නං මල් හතයි. මොකද කිව්වොත් මේක වතුර හෝ වෙනත් කිසි දෙයක් මිශ්‍ර නොකර, තනිකර ඇපල් ගෙඩිය ප්‍රෙස් කරලා ලු හදන්නේ. ඉතින් මහන්සි නිවිලා කූල් වෙලා යන හොඳ රිෆ්‍රෙෂිං බීමක්.

මේ තියෙන්නේ මංකිබීන් කැපචිනෝ එක (රු. 470). උණු උණුවේ ආව මේක කිරි රහයි කෝපි රහයි පදමට මිශ්‍ර වුණු සාමාන්‍ය කැපචිනෝ එකක්. කියන්න තරම් විශේෂයක් නෑ.

අතුරුපස

ෂෝකේස් එකේ චොක්ලට් කේක් තියනව දැක දැක නොදැක්ක වගේ යන්න පුළුවනෑ? මේ තියෙන්නෙ අපි ගත්ත චොක්ලට් කේක් කෑල්ල. කෑල්ල කිව්වට තුන් දෙනෙකුට විතර බෙදාගෙන කන්න පුළුවන් තරං ලොකු කොටසක් හම්බෙනවා රු. 600කට. මේක මාර රහයි. හොඳ චොක්ලටි ගතියයි. අයිසිං ගොඩයි හින්දා මැද අයිසිං ලේයර් එක තව පොඩ්ඩක් හීනි වුණා නං හොඳයි කියල හිතුණා. 

සර්විස් එක

සර්විස් එක ගැන අපි සතුටුයි. ස්ටාෆ් එක මිත්‍රශීලියි. ඒ වගේ ම වැඩි වෙලාවක් යන්න කලින් අපිට කෑමබීම ටික ලැබුණා.

අවසාන වශයෙන්

යන එන වෙලාවක ගොඩ වෙලා බලන්නකො. කයියක් ගහන්න විතරක් නෙවේ, මොනාහරි කකා බිබී නිදහසේ ඔෆිස් වැඩක් කරන්න වුණත් මරු තැනක්.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment