Maharagama
Open until 11:00 PM
Great BYOB open restaurant, made of wood with an amazing view of a lake.. superb place to chill out!
වෙල් යායක් අද්දර, වැව් පොඩ්ඩක් ඉස්මත්තේ..
ලී වලින් හදපු, අපූරු විවෘත රෙස්ටුරන්ට් එකක කොහොමද පොඩි බීර වීදුරුවක් තොල ගගා, රස බයිටක් හප හපා.. කයියක් දාගෙන ඉන්නකොට?
කිව්වට විශ්වාස කරන්න යාළු, වෙලාව යනව තේරෙන්නෙ නෑ හොඳද..
අපිටත් එදා ඒකමයි වුනේ.
ඔන්න පඩි එහෙමත් ආපු නිසා හන්දියෙන් බීර ටිකකුත් අරගෙන බැලුවා යන්න තැනක්, හොඳ බයිට් ඩයට් ටිකකුත් තියෙන. එහෙම බලද්දි තමයි ගූගල් මැප්ස් පෙන්නුවෙ ලඟ ලඟම තියෙන ලස්සන අවන්හලක්. ඒකත්, ඒ දැක්ක ෆොටෝස් ටිකටම හිත ඇදිලා ගියා කියන්නේ.. හැරෙන තැපෑලෙන්, එල්ලුණා වීල් එකක.. සනිකවම ලොකේෂන් එකට.
ගිහිල්ල ඉතින් බැහැල කරලා.. වටපිටාවත් පිරික්සලා ඇතුලට යද්දි සතිඅන්තෙ නිසාද මන්දා ටිකක් සෙනඟ. හැබැයි එහෙමයි කියල ප්ලේස් එකේ ලස්සනටවත්, සෙට්වෙලා ඉන්න අයටවත් බාධාවක් නෑ. මොකද එයාලගෙ ඇරේන්ජ්මන්ට් එක මාරම මාරයිනෙ. හැම මේසයක්ම අඩුම අඩි 6, 8ක් දුරින් තමයි තියෙන්නෙ. ඉතින් ටිකක් සද්දෙට කතා කලත් ලොකු කරදරයක් නෑ. ඒ මදිවට එළිමහන් භෝජනාගාරයෙ දෙන්නෙක් බෑන්ඩ් එකක් සෙල්ලම් කරනව, ඉල්ලන ඉල්ලන සිංදුව කරලියට.. කොහොමද එහෙම සියල්ලම තියෙද්දි, අඳුර වැටුනාම ලා කහපාට බල්බ් වලින් වටේම එළිය වුනාම?
යාළුවටයි මටයි නේද.. පුදුම ආසාවක් තිබ්බෙ යම් පදමකට එනකම්. ඊටත් වැඩේ කියන්නෙ අපි ගිහින් වාඩිවෙච්ච අනික් පැත්තටම මෙන්න සේවක මල්ලි මෙනු 2ත් අරගෙන අපේ ලඟ. හැබැයි මල්ලියා ඒක අපිට දුන්නා, අපි කෑම තෝරනකම් සනික අනිත් වැඩේට. අපිත් ඉතින් කොල්ලගෙ වෙලාව, මහන්සිය ඉතුරු කරන්න කියල අනං මනං බයිලා නොදා ගත් ගැම්මටම තේරුවා බයිට් එක. දැම්ම ඔ්ඩරේ එක පාරම.. මූන්ලයිට් රයිස් එකයි (රු. 1500), බ්ලැක් පෝර්ක් එකයි (600).
දාලා ඉතින් වෙන අඩුපාඩුවක් නැති නිසා.. කඩාගත්තා බීර ටික. හැබැයි මල්ලි මේසෙට පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු ගේද්දි තමයි මතක්වුනේ.. ‘බොලේ ඒවා එපැයි අපිට කෑම කන්න’!
ම්.. මතකෙ හැටියට ඔ්න නම් විනාඩි 10ක් යන්න ඇති. මේසෙට එනවා.. දුම් දදා, ලොකු දීසියක බ්ලැක් පෝර්ක්. ෂැහ්, ඊටත් ඒක ගෙනාවට පස්සෙ සුවඳ? ආයෙ ඉතින් එහෙම තියෙද්දි සනික අත නොගිහින් තියෙයිද ඈ..
උගුර සීතල වෙලා යන්න කියල බීර ෂොටක් දෙකක් හලාගත්ත මම සනික ගත්තා ගෑරුප්පුවට පෝර්ක් කෑල්ලක්. ආයෙ එක කටට..
හප්පේ.. ඒකෙ ලුණු! දෙයියො මුහුදු ඌරෙක්ද මන්දා පට්ට ලුණු තොගයක්. කන්න බැරිම නෑ හැබැයි අනික් මිරිස්, තුනපහ, ගම්මිරිස් රසවල් කඩාගෙන ලුණු රස උඩින්ම.. අර බියර් නිසා ටිකක් ෂේප්. ඒක එහෙම තියෙද්දි.. ආයෙ 2, 3වෙනි කෑල්ල කාගෙන යනකොට.. මස් නෑ මේං! තනිකරම තෙල් කෑලි.. කන්න පුලුවන්ද යාළු එහෙම තෙල්.. අනේ බම්බුව කියල තියෙන්න ඇරියා මේසෙ උඩ..
මුලදි ආපු ගැම්ම බාගෙට බැස්ස දෙන්නා.. බොරුවට පෝර්ක් එක අතගගා හිටියෙ රයිස් එකවත් හරියට එයි කියල.
කොහෙද..
ඒක මේසෙට ආවට පස්සෙනෙ..
රඹටි හැලෙයි ගම කැළඹෙයි කිව්වලු. කිරි අප්පේ.. ස්පෙෂල් රයිස්!
ස්පෙෂල් කියන්නෙ නිකම් නෙවෙයි, ඒක නම් සියල්ලෙන්ම ස්පෙෂල්. හිතන්නකො ඒකෙ තිබ්බා කිව්වාම සොසේජස්, ඉස්සො, දැල්ලො, බැදපු මාළු, චිකන්, පෝර්ක්, බුල්සායි එක්ක මදි නොකියන්න.. කැරට්, ලීක්ස්, බෝංචි, ගෝවා, අල.. යටටම දාලා කීරි සම්බා හාලෙ බත් තට්ටුවක්..
වගකීමෙන් කියන්නෙ, වගකීමෙන් බඩගින්නට කෑවත් 4දෙනෙක්ට ඇඬෙන්න තියෙනව ඒක.
එකම අවුල තිබ්බෙ ඒකෙ සෝස් පොඩ්ඩක් වැඩි එක විතරයි. අන්න ඒක හරි ගියා නම්.. ආයෙ වෙන නෑ ආ, වෙන නෑ.. ලඟපාතක ඒ වගේ රයිසක් තියා..
ඊට පස්සෙ ඉතින් සිද්ධිය ආයෙ කියන්න ඔ්න නෑනෙ නේ යාළු. 12යි නැගිටිනකොට පුටුවෙන්, ඒකත් බිත්ත අල්ලගෙන.. හ්ම්..!
Open until 11:00 PM
Cuisine
Sri Lankan Pub Food Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Seafood Kottu Fried Rice Pork Chicken Fried Chicken Fish Cuttlefish Bites
Ratings Breakdown
Navro Beach is one of the most popular restaurants in Panadura…
One of the most popular restaurants in Hikkaduwa, if you…
Delete Comment
weladama
Aniwa supiri place ekak
Minoli
You have mentioned the pork was bad, salty and had lots of fat. But the tip id try the pork???
KLS Kumar
Recommended for a relaxing evening with delicious food.
And the staff is very humble.