Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Navarathne Pure Indian Vegetarian Restaurant

150C, High Level Rd, Nugegoda


A restaurant serving saiwar-like food in a very nice ambience.



කුණාටුවක් එනව කියලත් තිබ්බ නිසා ඇත්තටම වැඩ ටික සනික කරගත්තා ගිහිල්ලා උදෙන්ම..

කරගෙන තමයි ආපහු යන ගමනෙ, බඩගින්නට ඇල්ලුවෙ නුගේගොඩ හරියෙන් තෝසෙ පාරක් දාන්න මරු ප්ලේස් එකකට.

ම්.. තැන හොයාගත්තෙ නම් ‘යමු’ එකේම සර්ච් කරලා. හැබැයි ඇවිල්ලා බලනකම් ෂුවර් එකක් තිබ්බෙ නෑ. මොකද එයාලගෙ ෆෝන් වැඩකලේ නෑනෙ. 

කොහොමහරී.. හයිලවෙල් එකේ පාළම ලඟින් බැහැලා බෝගහ පැත්තට පැනලා බලනකොට ඔන්න දෙයියනේ කියලා ස්ථානය විවෘතයි.

සැනිටයිසර් එහෙම ගාගෙන ඇතුලට ගියේ දෙන්නා.

ගිහින් බැලින්නම්නෙ.. මුලු භෝජනාගාරයම හිස්.

ආයෙ ඉතින් බය වෙන්න දෙයක් නෑනෙ. හෙමින් සැරේ මූණකට හෝදගෙන ඇවිල්ල ඔන්න වාඩිවුනා. වාඩිවෙද්දිම වගේ සේවක මල්ලිත් එතන. දෙන්නට මෙනු දෙකක් දීලා, වතුර වීදුරු අඩුම කුඩුමත් මේසෙට ගෙනැල්ලා තියලා.. 

හොඳයි ආ.. සේවාව!

ඇත්තටම මම කල්පනා කලේ තාලියක් ගන්න කියල. ඒත් ඒ වෙද්දි තාලි ඉවර වෙලා තිබ්බ නිසා.. ඔ්ඩර් කලා මෂ්රූම් මසාලා තෝසෙ එකකුයි (රු. 400), පනීර් බිරියානියකුයි (රු. 550), පනීර් බටර් මසාලා කරියකුයි (රු. 480), චපාති සෙට් එකකුයි (රු. 240). ඔ්ඩර් කරලා.. එළියෙ ඇදහැලෙන්න ගත්ත මහ වැස්ස දිහා බලාගෙන හිටියෙ.

ෂුවර් ලොකු වෙලාවක් නම් ගියේම නෑ, උපරිම.. විනාඩි 10ට..

සියල්ල එක පේලියට මේසෙට.

ඊටපස්සෙ ඉතින් යාළුවා බිරියානියට බහිද්දි මම අත තිබ්බා තෝසයට.

සම්බල්, සාම්බාර් ටිකක් එහෙමත් දාගෙන.. උණු උණුවට සුවඳ ගගහ ආපු තෝසයෙන් තඩි කෑල්ලක් බඩට. නිකම් නෙවෙයි මසාලා අඩුම කුඩුම මදි නොකියන්න දාලා හදපු ලූණු, මිරිස්, බට්න් මෂ්රූම් තොගයක් එක්ක.

ෂැහ්..! කියලා වැඩක් නෑ ආ, පංකාදු පහයි. මසාලා රස වගේම ලාවට කරවෙච්ච මෂ්රූම් රසත්..

මම කාපු වේගෙ දැකලද මන්දා යාළුවත් අතදාලා කෑල්ලක් කඩාගත්තා.

“අඩේ.. සුපිරිනෙ බං!”

“ඔව් බං.. කොලිටි නේ.. කොහොමද බිරියානිය”

ඒ ගැම්මටම මම බෙදාගත්තා බිරියානි ටිකකුයි, බටර් මසාලා ටිකකුයිත්.

බෙදාගෙන කටක් දෙකක් කෑවට..

මට නම් ඒකෙ බටර් රස වැඩියි වගේ අප්පා. මොකද අතරින් පතර පනීර් කෑලිත් හැපෙද්දි තනිකර බිරියානි එක්ක චීස් කනවා වගේ. හැරත් බිරියානියෙ තිබ්බ මසාලා අඩුම කුඩුම රසේ ගාණටම වගේනෙ කරියෙත්..

පැහැදිලිවම ඊට වැඩිය වැඩි වෙන්න එපැයි. අනික සැරත් නෑ.. පනීර්, බටර් පැත්තටම තමයි බර තිබ්බෙ.

වැඩේ යාලුවට නම් අල්ලලා ගිහිල්ලා තිබ්බා. ඒත් මම එතනින් ඒක අහවර කලා.

අහවර කරලා හෙමින් සැ‌රේ චපාති කෑල්ලක් කඩාගෙන ඒකටම ආපු කරියෙ ගාගෙන..

යම්.. උණු උණුවට රස පදමට. 

ආයෙ මොනවද ඉතින්, තෝසයට ආපු සම්බල් අඩුම කුඩුමත් දාගත්තා එහෙම්මම පිඟානට. දාගෙන බටර් මසාලා ටිකකුත් දාගෙන දුන්නා..

චපාති එකහමාරක් බලන් ඉඳිද්දි වාශ්පයි.

එහෙම කාලා මසාලා චායි එකක් බොන්න කියලා බැලුවට ඒවත් තිබ්බෙ නෑනෙ. ඉතින් හිතාගත්තා ආයෙ දවසක අනිවා එනවා කියලා. මොකද ඒ ඩයට් එකෙන් පස්සෙ එයාලගෙ තාලියක් රස බලන්නම හිතිලා තිබ්බෙ මට!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment