Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

5/5

Navro Seafood Family Restaurant

No: 40, Beach road, Panadura


Navro Beach is one of the most popular restaurants in Panadura area, if you want to have a relaxed evening with some drinks and delicious food.



ඒ ඉවසීමට නම් මහත්තයෝ.. තරු පන්තියෙ අගය කිරීමක් ඈ!

කිව්වට විශ්වාස කරන්න යාළු වෙන තැනක වගේ වුනානම්, මස් මදිපාඩු වලට තමයි..

හිතන්නකො, ෆැමිලි රෙස්ටුරන්ට් එකකට ඇවිල්ල, බීලා, එතන ඉන්න සේවකයන්ටත් වදදීලා, කන්න බොන්න ආපු අයටත් ඇණයක් වෙලා යන රිළව් වගේ උන්දල..

ඇත්තටම මේ කතාවෙ යටගියාව කියනවටත් වඩා වටින්නෙ ඒ සිදුවීම හැන්ඩ්ල් කරපු සේවක මහත්තවරුන්ට ස්තූති කරන එක. ඇයි ඉතින් අපිත්, මේසෙට ආපු කෑමටික නිදහසේ කාගන්න බැරුව කොච්චර අපහසුතාවයට පත්වුනාද?

සිද්ධ වුනේ මේකයි යාළු. පහුගිය සතියෙ දවසක ඔන්න මායි, යාලුවො දෙන්නෙකුයි ගියා පොඩි වැඩ වගයකට පානදුර පැත්තෙ. එහෙම ගියාම ඉතින් අපි අනිවා ගොඩවෙන තැනක් තමයි ඔය ‘නැව්රෝ’ කියන්නෙ. වෙන දෙයක් නිසා නෙවෙයි, එතන තියෙන බීච් විව් එකයි, සේවාවයි, කෑමවල තියෙන කොලිටියයි නිසා. එහෙම ගිහින් වාඩි වෙද්දි, කෙලවරේ තියෙන මේසයක හිටියා කොල්ලො තුන් දෙනෙකුත් අරක්කු බෝතලයක් එහෙම හිස් කරන ගමන්. අපිට වැඩක් නෑනෙ ඉතින්.

එවෙලෙම වගේ ආපු සේවක මිත්‍රය ගෙනාපු මෙනුව බලල අපි කෑම ඕඩර් කලා. මට්න් බිරියානි එකයි, නාසි එකයි, කාබොනාරා එකයි. බොන්න පයිනැපල් ජූස් එකයි, බනානා චොක්ලට් ස්මූති එකයි. ඕඩර් කරල ඉතින් අපි ඉන්නව.

ඒ ඉන්න අතරට.. අර තුන් දෙනාගෙන් එකෙක් නැගිටල කුස්සියට යනව, කෑ ගහනව, ආපහු එනව, ෂොටක් දාගන්නව..

ටිකකින් ආයෙත් ගෝරිය!

“මම විනාඩි 5න් ඉල්ලුව නම්, මට විනාඩි 5න් ඕන”

අදාළ නැති නිසා මම මුකුත් නොකිය ඉන්නම්..

වැඩේ කියන්නෙ ඔය අතරෙම වගේ අපේ කෑම ටිකත් මේසෙට ආවා.

අර කන්කරච්චලේ අස්සෙ තමයි. ඒත් ඉතින් ආව නම් කන්න එපැයි. බෙදාගත්ත බිරියානි ටිකක් මම මුලින්ම. බෙදාගෙන.. මීකිරි සම්බෝල ටිකකුත් දාගෙන ඔන්න වැඩේට.

ම්.. කොත්තමල්ලි කොළ දාලා. ඒ රසයි සුවඳයි ඉස්මතු වෙලා. හැබැයි, එහෙමයි කියල මට්න් රස යට ගිහින් නෑ. හොඳ හැටි මිරිස් තුනපහ දාලා උයපු මට්න් කරියකින්, කෑලි.. 7, 8ක්ම වගේ මික්ස් කරල. ඒත් අර.. බතේ නම් බිරියානි රස මදි අප්ප. අමුතුම ගතියක් තියෙනව, බිරියානියි නාසිගුරානුයි මැද්දෙ වගේ. ඒත්..

අන්න ඒකට නාසි එක!

ෂැහ්. කටයි දෙකයි කෑවෙ අඹ ගහේ ජම්බු කිව්වලු. සුපිරිම නාසි එක ඈ.. දාලා තියෙනව පොඩියට කපපු චිකන්, ඉස්සො, දැල්ලො, මාළු සියල්ලම. ඒ විතරක් නෙවෙයි හොඳ හැටි ලුණු ගම්මිරිස් දාපු බුල්සායි එකකුත් උඩින්ම. අනික කැරට්, ලීක්ස් අඩුම කුඩුම ටිකත් නූලටනෙ. නාසි එකටම කියාපු තුනපහ, රසකාර අඩුම කුඩුම ටිකත් දාලා.. උණු උණුවෙ! හැරත් බලන්න එපැයි ඒකෙ සයිස් එක. ස්මෝල් කියල ගෙනාවෙ. දෙන්නෙක්ටත් වැඩිද මන්දා..

අවාසනාවට අර කාබොනාරා එක නම් සවුත්තුයි. ඒකෙ චීස් කියන්නෙ, ක්‍රීම් චීස්ද කොහෙද දාලා.. රත් කරල. ඉතින් අර වතුර වගේ ගතිය එලියට ඇවිල්ල. මොසරැල්ල දැම්ම නම් ඕක වෙන්නෙ නෑ. ඒ නැතත් පැස්ට එකත් තව තැම්බෙන්න එහෙම ඕන. හැම් නම් මදි නොකියන්න දාලා තියෙනව, ලාවට ෆ්‍රයි කරල. ඒත් අර චීස් එකේ වතුර ගතිය නිසා කටේවත් තියන්න බැරි ගානට අප්සෙට් කියල තමයි යාළුව කිව්වෙ.

පයිනැපල් ජූස් එකේ රස ගැන ලොකුවට කියන්න ඕන නෑනෙ. විශේෂත්වය තමයි ඒකට හොඳ අන්නාසි ගෙඩියක් පාවිච්චි කරල තියෙන පාටයි. ඒත්.. බනානා චොක්ලට් ස්මූති එක නම් විශේෂයි. මොකද ඒකෙ රස නියමයි. හොඳ චොක්ලට් රසක් වගේම, කෙසෙල් රසකුත් පදමටම එකතු වෙලා.. පැණි රසයි, කූල් ගතියයිත් ගාණටම වගේ නිසා බොන්න බොන්න ආසයි.

ඒත් ඉතින්.. අර මළඉලව් ඩෝප් කාරය නිසා එදා අපේ විනෝදෙ නම් කුඩේ කුඩු. කොටින්ම කියතොත් අපි කාපු ගමන් ආවත් එක්ක,

හ්ම්…!

(බාග වෙලාවට වෙනද හොඳට එන කෑමත් එදා අවුල් ගියේ අර පිස්සු යකාගෙ නැටිල්ල හින්දද දන්නෙත් නෑ. ඒ නිසා ලඟදිම දවසක ආයෙත් ගිහිල්ල වැඩේ හරිහැටිම බලල කියන්නම්..)


TIP

Try Navro specials and any of pork...!


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment