7th mile post, Malabe
Open until 10:00 PM
Delicious Sri Lankan Chinese food for a very cheap price
අන්තිම කෝඩෙ මාසෙ!
දැනටමත් අතේ සතේ නෑ. ඒ මදිවට දාගත්ත වැඩක් කරගන්න තිබ්බා, ඒකට නොගිහිනුත් බෑ. ඊටත් වැඩේ කියන්නෙ, ඒ වැඩේ කරගන්න යාලුවට දෙන්න සල්ලිත් නෑ කියන්නකො.
දැන් මොකද කරන්නේ.. කියල කල්පනා කරපු මම ආයෙත් කෝල් එකක් ගහලා යාළුවට, ඒක පොඩ්ඩක් ෂේප් කරගෙන.. ඔන්න පිටත්වුනා. හැබැයි රෑ කෑම නම් දෙන්නට එක්කම අරගෙන යන්න වුනා..
“කමක් නෑ. ඔන්න ඔහෙ පුලුවන් විදියකට බැලන්ස් කරගන්නවා” කියල හිතාගෙන තමයි මම බැස්සෙ පාරට. බැහැලා.. බත්තරමුල්ල, කොස්වත්ත පැත්තට හෙමීට ගෑටුවා ලොකු ලොකු කඩ කීපයක්ම පහුකරගෙන. මොකද පොඩි කඩයක් හොයාගන්න එපැයි අතේ තියෙන ගාණට හොඳ ඩයට් එකක් ගන්න.
ඔහොම යනකොට තමයි..
ඔ්ං වෙලත් එක්කම පොඩි චයිනිස් එක!
“හෝව් හෝව් අයියෙ. පොඩ්ඩක් නවත්තන්න.. අන්න අර කඩේට ගිහින් එන්නම් විනාඩියක් දෙන්න..”
නැවැත්තුවා වීල් එක. නවත්තලා බැහැලා දුවලා ගිහින්..
බැලුවා මොනවද තියෙන්නෙ කියලා.
හප්පේ.. බොලේ කඩේ පොඩි වුනාට වැඩේ පොඩි නෑ. තිබ්බ දේවල්.. පිට්ටු, පරාටා, බිත්තර රොටි, ගෝදම්බා, වඩේ, ෂෝටීට්ස් අනං මනං, රයිස්, නූඩ්ල්ස්. එතකොට මාළු කරි, පරිප්පු, චිකන්, කිරි මාළු, අල..
මදෑ පොඩි දෙයක් ගන්න ඇවිල්ලා මට වුන වැඩක්.
ඉතින්.. පොඩ්ඩක් ඇඹරි ඇඹරි ඉඳලා මම එතන ඉඳපු වේටර් මල්ලිගෙන් නිකමට ඇහුවා..
“මල්ලි මේ චිකන් රයිස් එකක් කීයද?”
“රු. 200යි”
“හෑ.. මේ රෝස්ට් චිකන් එක?”
“ඔ් ඔ්..”
“එතකොට මේ ලිවර් ඩෙවිල් එක?”
“ඒකත් 200යි”
“හෑ..!”
“මට ඒනං රයිස් එකයි, ඩෙවිල් එකයි.. ගෝදම්බා රොටි 2යි, බිත්තර රොටි 2යි.. මාළු කරියයි, පරිප්පු කරියයි දෙන්නකො. කීයක් වෙයිද මල්ලි?”
“ඉන්න අයියා”
කියලා, කොල්ලා ඔක්කොම ටික පාර්සල් කරලා.. අතට දෙන ගමන් කියනවා..
“මෙන්න රු. 800ක් දෙන්නකො”
ඉහේ මලක් නෙවේ මල් 7ක් පිපුණා යාළු. මතක ඇති කාලෙක ගත්තමද කොහෙද දෙතුන් දෙනෙක්ට මදි නොකියන්න කෑම රු. 800කට.
ඊට පස්සෙ ඉතින් ගිහිල්ල කරලා, පාර්සල් ටික එහෙම දිග ඇරලා ගත්තාමනෙ.. පෝෂන්වල සයිස් එක!
තඩි රෝස්ට් චිකන් කකුලක් දාපු රයිස් එක දෙන්නෙක්ට බඩ පැලෙන්න ගාණයි. තඩි තලපත් මාළු කෑල්ලක් දාපු කරියෙ, හොදි තියෙනවා පරාටා 10ක් වුනත් කන්න. එතකොට ලිවර් ඩෙවිල් එක.. ලිවර් කෑලි 6, 7කට එහා පැත්තෙ. ගිසාර්ඩ් එහෙමත් 3, 4ක්ම..
ඔක්කොමත් හරි රස..!
පංකාදු පහයි අප්පේ.. කැරට්, ලීක්ස් අඩුම කුඩුම එක්ක හොඳ හැටි බිත්තරත් දාලා ගහපු කීරිසම්බා හාලෙ රයිස් එකට තමයි උඩින් තියලා තිබ්බෙ ටොප් එකට රෝස්ට් කරපු කුකුල් කකුල. ඊට උඩින් ඩෙවිල් සෝස් දාලා, චොප්සියත් නූලට රසට.. චිලි පේස්ට් ටිකක් ගැලපුනාම එහෙම බස බස ගාලා බහින්නෙ බත් ටික බඩට.
ඒ රයිස් එක එහෙම යද්දි මාළු කරි, පරිප්පු සමඟ ගෝදම්බා..
අවුරුදු 15වක විතර අතීතයට අරගෙන ගියා මාව ඒ රස! කොහොම හදලද කියන්න නම් දන්නෙ නෑ. හැබැයි ඒ රසටම මාලු හොද්දක් තිබ්බා ඉස්කෝලෙ කැන්ටිමේ. වැඩේ කියන්නෙ ඒ තිබ්බෙත් ගෝදම්බා එක්කනෙ. කොහොමහරි මාළු කෑල්ලත් ටිකක් හයියට, මිරිස් තුනපහත් හොඳහැටි අල්ලලා.. විශේෂයෙන්ම පරිප්පුවත් එක්ක.. මල් හතයි ඈ..
ඔය අතරට හෙමින් සැරේ කැඩුන බීර කෑන් දෙකට සපෝට් එක දුන්නෙ ලිවර් ඩෙවිල්. ඒ ගැන නම් ඇත්තටම කතා කරලා වැඩක් නෑ, කාලාම ඔ්න බලන්න. වෙන තැන්වල තියෙන්නෙ චිකන් පාර්ට්ස් කියලා බෙලි, තටු අනං මනංනෙ. මේකෙ ඒවා නෑ. ගාණට මාළු මිරිස්, කැරට් ලීස්ක්.. සෝස්, මිරිස් මදිපාඩුත් එක්ක තඩි ගැඹුරු තෙලේ බැදපු ලිවර් කෑලි 6, 7ක්. ඒ එක්කම ගිසාඩ් කෑලිත් 3, 4ක්.. පැහැදිලිවම බෝතලයක් ගහන්න බයිට් ඈ එතන.
ම්.. කොහොමත් ඔය ටික කාලා ඉවර කරනකොට අපි දෙන්නට හොඳ ගණන් ඉතින්. කොටින්ම ඉස්මුරුත්තාවට ඔන්න මෙන්න. අර වැඩේ කලෙත් අන්තිමට පහුවෙනිදා කියන්නකො,
හී..!
Open until 10:00 PM
Cuisine
Price Range
Dish Types
Noodles Eggs Kottu Rice And Curry Fried Rice Chicken Fried Chicken Naan Parata Hoppers Bites Roti
Ratings Breakdown
A great place to eat rice & curry and tasteful Sri Lanka…
Delicious Jaffna style Sri Lankan food, specially seafood &…
Delete Comment